Friday, June 15, 2012

තවත් පොටෝ කතාවක්

මේක නම් මට වෙච්ච දෙයක් නෙමෙයි. මාත් අහපු කතාවක්. කියවන අයටත් නිකන් දැනගන්න වගේ දාන්නෙ. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ පත්තරේක දෙන්නෙක්. එක්කෙනෙක් ඡායාරෑප ශිල්පියෙක්. අනිත් එක්කෙනා රිපෝටර් කෙනෙක්. ඉතින් දවසක් මේගොල්ලන්ගෙ කතෘ තුමා මේ දෙන්නට කතා කරල කිව්වා දුරපලාතක මිනී මැරුමක් ගැන වාර්තාවක් හදන්න කියල. මේ දෙන්නට යන්න වෑන් එකකුත් හම්බවුනා. ඉතින් මේ දෙන්නා ගිහින් එනකොට රෑ වුනා. මගදි පොලිසියෙන් වාහනේ නැවැත්තුවා.

"කොහෙද තමුන්ල දෙන්න යන්නෙ?"
රාලහාමි ඇහැව්වා.
"මිනීමැරුමක් සම්බන්ධ වැඩකට ගියා රාළහාමි"
රිපෝටර් ඇත්තම කිව්වා. පොළිසියට දැන් තරමක් අවුල්. කොයිකටත් කියල මේ දෙන්නගෙ ලට්ට ලොට්ට එක්ක වාහනෙන් බැස්සුවා. ඊට පස්සෙ රාළහාමි කෙනෙක් වාහනේ පරික්ෂා කරන්න පටන් ගත්තා. වෑන් එක ඉස්සරහ මොනවද පොදියක්.
"මේ වාහනේ ඉස්සරහ තියන පාර්සලේ මොකක්ද?"
රාලහාමි ඇහැව්වා. එතකොට තමයි ඡායාරූප ශිල්පියට මතක් වුනේ කැමරා එකේ ෆ්ලෑෂ් ගන් එක ඉස්සරහ තිබ්බ කියල. ඔය ෆ්ලෑෂ් ගන් එකට කෙටියෙන් ගන් එක කියලත් කියනවනෙ. ඉතින් ඡායාරූප ශිල්පියා ඒ ගමන්ම රිපෝටර්ට කිව්වා
"මචං ඔය ගන් එක ගනින්. මට ඒක ගන්න අමතක වුනා"
කියල. ඊට පස්සෙ ඇහුනෙ දුවන සද්දයක්. ඒ රාළහාමිල බය වෙච්ච පාර.
 
 

7 comments:

Amila Chathuranga said...

පව් රාලහාමිලාට....

අසරණයා said...

මේ කථාව පරණ කතාවක් නේ.

The Modern Patriot said...

අපේ රටේ පොලිසියෙ කස්ටියගේ (බහුතරයගේ) දැනුම ගැන දන්න අපිට නම් ඕව අරුමයක්ම නෙමේ. අනිත් අතට සාමාන්‍යයෙන් ඔය මීඩිය පොරවල් යන වාහන වල 'Media' කියල ගහල තියනවා නොවැ. එව නොදන්න එවුත් ඇති හැබැයි.

කොහොම වුනත් නියම කතාව බොල. එලම එල.

Anonymous said...

ආපුයි මරු රාලහාමි නේ අප්පා...ලැජ්ජවේ බැ ..

Reshan Chathuranga said...

අයියෝ රාලහාමි

Reshan Chathuranga said...

අයියෝ රාලහාමි

Hasitha Gunasinghe said...

ශ්‍රී ලංකා පොලීසියනේ :P

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...