Wednesday, June 13, 2012

අපේ සිංහල දැනුම


අපි හරියට සුද්දො වගේ. ඒත් ඉතින් නමට විතරයි. සමහර විට අපි කරන කියන දේවල් අපිම දන්නෙ නෑ. ඒකට ඉතින් කරන්න දෙයකුත් නෑ. පහුගිය දවසක අපේ මේ සුද්දො වෙන්න හදන සිංහල අය හන්දා වෙච්ච දෙයක් හන්ද පෝස්ට් එකක් දාන්න හිතුනා. එතකොට තව මම අහපු සිද්ධියකුත් මතක් වුනා. ඒකත් දාන්න කියල හිතුවා. මේවා දාන්නෙ ඉතින් හිනායන්න නෙමෙයි. අපේ භාෂා ප්‍රවීනතාවය ගැන අපිටම හිනාවෙන්න. ඔන්න පළවෙනි සිද්ධිය. මේක මට වෙච්ච එකක් නෙමෙයි. මම අහපු එකක්.

ස්ථානය - ළදරු පාසලක් (සිංහලෙන් කියනවනම් මොන්ටිසෝරියක්)
වේලාව - සිඟිත්තන් සෙට් එකක් තරුණ ගුරුතුමී එක්ක ළමා ගීයක් ගායනා කරන අවස්ථාව

"චුට්ටන් බට්ටිච්චා - දංගෙඩියක් දැක්කා - චූටි හොටෙන් ඇන්නා ....."
පොඩි එකෙක්ට ප්‍රශ්නයක්.
"ටීච, දංගෙඩිය කියන්නෙ මොකක්ද?"
ටීචර් ටක් ගාල උත්තර දුන්නා.
"දංගෙඩිය කියන්නෙ පුතා රජකාලෙ රාජ ද්‍රෝහින්ගෙ හිස ගසා දාන්න පාවිච්චි කරපු ලී කුට්ටිය"

දැන් දෙවනි කතාව.

හදිස්සි ඡායාරූප ගැනීමේ කටයුත්තකට පෞද්ගලික ආයතනයකට ගිය වෙලාවෙ සිද්දවෙච්ච දෙයක්. ආයතනයෙ උත්සවය තියෙන්නෙ පහුවෙනිදා. මම එතනට ගියෙ විස්තර දැනගන්න. එතන හිටියෙ අවුරුදු 45-50ක් වෙච්ච (නාකි ඒත් තරුණ වෙන්න හදන) ලේකම්වරියක්. ඉතින් මේ ගෑනි (ආහ් වැරදුනා) මේ මහත්මිය, නංගි, කෙල්ල ඕනෙ එකක් හිතාගන්න. මට හෙ‍ට එන්න පාස් එකක් දෙන්න මගෙ විස්තර අහගත්තා. ඊට පස්සෙ තොල් උල්කරල සුද්දියෙක් වගේ සිංහලෙන් මගෙන් අහනවා
"මිස්ටර් ලියනගේ, ඔයාත් එක්ක සපෝර්ට් එකට තව කවුරුහරි එනවද?"
මටත් ඉතින්  තනියම යන්න මොකකද වගේනෙ. ඉතින් මම කිව්වා
"ඔව් මිස්, බොහෝවිට එයි"
එතකොට මේ ඇන්ටි මගෙන් අහපි,
"අනේ මිස්ටර් ලියනගේ එහෙනම් මට මිස්ටර් බොහෝවිට ගෙ සම්පූර්ණ නම දෙන්න" 
 
 

6 comments:

Amila Chathuranga said...

මිස්ට බොහෝවිට හරි ලස්සන නම....

The Modern Patriot said...

ඇහුවට හිනා වෙන්න එපා...ඇත්තටම බන්...මොකක්ද ඔය 'දo ගෙඩිය' කියන්නේ? මාත් හිතා උන්නේ ටීචර් කියපු දේම තමා. ඔන්න 'වo ගෙඩිය' නම් මම දන්නවා.

Achira said...

දං ගෙඩිය කියන්නෙ අර කුරුල්ලො කන දම් පාට පොඩි ගෙඩි ජාතියක්. අර මිල්ටන් මල්ලවාරච්චිගෙ සින්දුවක තියෙන්නෙ "කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගො" කියල. අන්න එව්වා. බ‍ට්ටිච්චා දැකල තියෙන්නෙ ඒ පොඩි දං ගෙඩියක්

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//මිස්ටර් බොහෝවිට//

:D :D :D

ෆැන්ටසි said...

තමන්ගේ භාෂාව ගැන හීනමානයක් තියෙන එක පොෂ් කමක් වත උසස් ගතියක්වත් නෙමෙයි...ලජ්ජාවට කරුණක්..
හොද ලිපියක් දිගටම ලියන්න

Hasitha Gunasinghe said...

යකඩෝ මුන් ඒරොප්පෙන්ද ඇවිත් තියෙන්නේ :D

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...