අපේ ශ්‍රී ලංකාවේ කොල්ලො ටික ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදි ලෝකෙට ක්‍රිකට් කියල දුන්න එංගලන්තෙ සුද්දන්ට ගෙදරයන්න කියල කිව්වා තමයි. ඒකට අපේ පිළට සුභ පතනවා. ඒත් මේ පෝස්ට් එක ලියන්නෙ සුභපතන එකටම නෙමෙයි.
සාමාන්‍යයයෙන් අපි කෙනෙක්ට සුද්දා වගේ කියල කියන්නෙ අවංක නිහතමානී නම් තමයි. ඉතින් මේ ලංකාවට ආපු ඔරිජිනල් සුද්දො ටිකට සුද්දො කියලම කියන්න පුළුවන් අවස්ථා ගොඩක් ඒ තරගයේදි තිබ්බා. ඒකට කියන්නෙ මහත්මා ගතිය කියල. මහත්මා ගතිය තියෙන්නෙ මහත්වරුන් ලග විතරයි නෙ. ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක්.
හැබැයි හම සුදුවුනු තරමින්ම ඒ මහත්මා ගතිය එන්නෙ නෑ. හොදම උදාහරණය තමයි ඕස්ට්‍රේලියාවෙ සුද්දො. පොඩ්ඩ බැරිවෙන්න බෑ. බනිනවා කෑගහනවා. පරාජය කවදාවත් දරාගන්න බෑ. තමන්ගෙ ඕවරේකට හතරේ පාරක් වැදිච්ච ගමන් අම්මා තාත්ත මත්ක් කරල බනින සුද්දො තමයි එහෙ ඉන්නෙ. මතකනෙ ෂෝන් ටේට්. ඒ අය ස්ලෙජින් වලට ඉස්සර ඉදන්ම දස්සයි.
දැන් බලමු මේ සුද්දො මොකද කලේ කියල. හැම වෙලාකම දැවීයාමකදිම කිසිම හැගීම්බර ගතියක් නැතුව හිනාවෙවී තමයි පිටියෙන් ඉවත්වුනේ. කරදරයක් නෑ කිසිම. මම දැක්ක ඩිල්ෂාන් පන්දුයවපු වෙලාවෙ පන්දුව රැක ගන්න ගිහින් පිතිකරුවව අවහිර වෙච්ච වෙලාවක කිසිම කතා බහක් නැතුව හිනාවෙලා ඊට සමාව දුන්නා.
අපේ අය බැට් කරපු වෙලාවෙදි හැම වෙලාවෙම ඔවුන් හිටියෙ සිනා මුසු මුහුණින්. තමන්ගෙ ඕවර වලට එලව එලව ගැහැව්ව කියල නිකන්වත් ගනන් ගත්තෙ නෑ (මං හිතන්නෙ)
එක වෙලාවකදී ඩිල්ෂාන් ඩිල්ස්කූප් එක ගහන්න ගියා. ඒක වැරදුනා. නමුත් පන්දුයවන්නා අත්පොලසන් දීල ඒ උත්සාහය අගය කලා. අන්තිම මොහොතෙදි උපුල් තරංගට 100 ගහන්න ඩිල්ෂාන් පන්දු දෙකක් අතහැරපු වෙලාවෙදි ඒ අවස්ථාව හිනා මුසු මුහුණින් බෙදා හදා ගත්තා. ඔනෙ තරම් වයිඩ් පන්දුවක් දාලා ඒ ලකුණු සීය නැතිකරන්න තිබ්බත් ඒවගේ දෙයක් එතන වුනේ නෑ.
පරාද වුනා කියල පසු තැවීමක් නැතුව ආපහු තමන්ගෙ රට බලා පිටත්වෙන්න ඇති. පාකිස්ථාන කන්ඩායමේ මහත්මා ක්‍රිඩාව ගැන යූටියුබ් එකේ තියනවා. හැබැයි එන්ගලන්තෙ තියන වීඩියෝ ප්‍රමානය අනිත් රට වලට වඩා අඩුයි.