Thursday, April 29, 2010

ජීව්තය අතරමං කල මංගල්‍යය

ඇත්තම කියනවානම් පසුගිය දිනවල මේ ආකාරයට බ්ලොග් ලිවීමට තරම් ඉස්පාසුවක් නැතිවෙන්නට තිබුනි. ඒ මාගේ ඥාති සොයුරියගේ මංගල්‍යය උත්සවය නිසාවෙනි. සියල්ල මනා ලෙස සුදානම් වුවද අවසනදී මට බ්ලොග් ලිවීම සදහා අවකාශය පෑදුනි.

මා ඥාති සොයුරිය අගනුවර උසස් බාලිකාවකයට පිය මැන්නාය. විභාග කඩඉම් ජයගත් ඇය අවසානයේදී ජයවර්ධනපුර සරසවියේ කළමණාකරණ විශේෂ ගෞරව උපාධියෙන් තම දැනුම් සම්භාරය නතරකර නොගත්තිය. ලොව පිළිගත් කළමනාකරණ උපාධි රැසක් ඇය සමත් වූවාය. ඒ ඇය අධ්‍යාපනය කෙරෙහි සිතැත්තියක් වූ නිසාය. සරසවි බිමෙන් පිටවෙන විටද ඇය අයියා කෙනෙකු සොයා නොගත්තාය. පසුව ඇය ලංකාවේ ප්‍රකට බැංකු කිහිපයක සේවය කලාය. ඇය ක්‍රමයෙන් තිස් හැවිරිදි වියට කිට්ටුවන විට ඇයට සහකාර කළමණාකාර ධුරයකට උසස් වීමක් සමග දුෂ්කර පළාතකට මාරුවක් ලැබුණි. ඇය මේ වන විටත් තනිකඩය. දෙමාපියෝ ඇයට සුදුසු අයියෙක් වසර ගනණාවක් තිස්සේ සොයා බැලූ නමුත් නොයෙක් අඩුපාඩුකම් පෙන්වමින් ඇය ඒවා ප්‍රතික්ෂේප කලාය.

දුෂ්කර පළාතෙන් කළමණාකාර ධුරයකට උසස්වීමක් ලැබ අගනුවර ශාඛාවකට ඇයට පත්වීම ලැබෙන විට තවත් වසර කිහිපයක් ගතවී මැදිවයස් එළඹ තිබුනි. තවමත් ඇය තනිකඩය. දෙමවිපියන්ගේ දැඩි කැපවීම සහ සෙ‍වීම මත ඇයට ගැලපෙනම සහකරුවා අවසනදී ඇය තෝරාගන්නා ලදී. ඔවුන් අන්‍යනෝන්‍ය වශයෙන් ඉතා ඉක්මනින් හදුනාගෙන විශ්වාසය සහ ආදරය ගොඩනගාගෙන තිබුනි. පවුලේ සියල්ලෝම ඔවුන් දෙස සතුටු සිතින් බලා සිටියහ. සියල්ල මෙසේ සැරසෙද්දී විවාහයටද දින නියම කරගැනිනි.

සියල්ලෝ යුහුසුළුව ඒ හා සම්බන්ධ කටයුතු කලහ.

අක්කා අතිනත ගැනීමට සිටි අයයා විවාහයට සති තුනකට කලින් බයිසිකලයෙන් නගරයට එමින් සිටියේය. කිසිවක් සිතාගැනීමටත් පෙර වේගයෙන් පැමිණි මෝටර් රියක් අයියා පාරමැද අසරන කර දමා පළා ගියේය. අනතුරින් අයියාගේ හිසට බරපතල තුවාල සිදුවිය.

විවාහ දිනයද එලඹියේය. අයියා තවමත් දැඩි සත්කාර ඒකකයේය. හිසට සිදුවූ බරපතල සිදුවීම් නිසා සති තුනකටක් වඩා වැඩිකාලයක් ඔහු සිහි විසඥව සිටියේය. දැන් ඔහු යන්තමින් දෑස් විවර කරයි.

අක්කා හැඩුකදුලෙන්ය. අයියාගේ තත්ත්වය ගැන වෛද්‍යවරු විවිධ මත පලකරති. අයියාගේ අංශයක් තවමත් අකර්මන්‍යය. අක්කා ඉල්ලනුයේ “අයියාව කෙලින් කරලා දෙන්න” යන්න පමනකි. ඇය දැන් පන්සල් යයි. බෝධිපුජා තබයි. මහා හඩින් ගාථා කියයි. තනිවම කාමරයට වී අඩයි.

විවාහය වෙනුවෙන් වෙන්කල බොහෝ දෑ වියැකෙමින් පවතී. වැරදිකරුවන් තවමත් නිදැල්ලේය. නොකල වරදකට ජීවිත කීයක් නම් වන්දි ගෙවිය යුතුද?



ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

Monday, April 19, 2010

Mobile BroadBand ගැන නොදන්නා දෙයක් අසමි

මම දැන් මාස ගණනාවක සිට Mobitel Broadband භාව්තා කරමි. එක් වරෙක හැර අනෙකුත් හැම විටෙකම Data Limit එක ඉක්මවා නොගියෙමි. මෙවර අත්‍යාවශ්‍ය කරුණකට ටොරන්ට් එකක් (8GB) Download කලෙමි. මින් 3GB ප්‍රමාණයක් වෙනත් ස්ථානයකින් Download කළ අතර නිවසින් Download කලේ 5GB ප්‍රමාණයකි. නමුත් මා වැඩිපුර 1.5GB Download කලා යයි මගේ ගිණුමේ සටහන් වෙයි. මේ පිළිබද දැන ගැනීමට Customer Care එකේ අක්කලාට කතා කලද කිසිදු වැදගත් යමක් ඔවුන් නොදනී. ටොරන්ට් එක Upload කළ Data ප්‍රමාණය 4 GB පමණ වෙයි. මොබිටෙල් වලදි Upload වන Data ප්‍රමාණයද Data Limit එකට Calculate වෙනවාද? දන්නා කෙනෙක් මට උදව්කරනවාද?

Friday, April 02, 2010

යාපනයට රක්ෂණයක්

කලින් පෝස්ට් එකෙන් අපි කල යාපනයේ සංචාරයේ විස්තර ටිකක් ඔය ගොල්ලන්ට කිව්වා. මේ පෝස්ට් එකත් ඒ සංචාරය සමග සම්බන්ධයි. ඉහලින් දැක්වෙන ඡායාරූපය මම ගත්තෙ යාපනය නගරයට කිලෝමීටර් 10ක් විතර කලින් තියන කුඹුරක් අසලින්. ඡායාරූපය පැහැදිලි නැත්තෙ මම බස් එකේ පා පුවරුවෙ එල්ලිලා ගත්ත හන්ද වෙන්න ඇති. නමුත් පුවරුවෙ තියන දැන්වීම ඔයගොල්ලන්ට දැකල පුරුදු එකක් කියල මම දන්නවා.

මේ මම ගත්ත එක පුවරුවක් විතරයි. මේ වගේ විවිධ රක්ෂණ සමාගම් වල ප්‍රචාරක පුවරු ගණනාවක් යාපනය පාර පුරා මේ විදිහට එල්ලලා තිබ්බා. අවුරුදු 30ක් යුද්ධයක් එක්ක ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒකාලෙ රක්ෂණය ගැන විතරක් නෙමෙයි ජීව්තය ගැනවත් හරියට උනන්දුවක් අවබෝධයක් තිබ්බෙ නෑ. මෙන්න ඒ පැත්තට රක්ෂනේ ගැන හිතන්න කාලය එලඹිලා. රටක් ස්ථාවර වෙනකොට එහෙම වෙන්න ඕනෙ.

මම මාර්කටින් ගැන දන්නෙ බොහොම පොඩ්ඩයි. ආර්ථික විද්‍යාවත් ඊට දෙවෙනි නෑ. මෙතන තියෙන්නෙ ඉල්ලුමට සැපයුමක්ද? එහෙම නැත්තම් අවශ්‍යයතාවය ඇතිකර ඉල්ලුම ඇතිකිරීමද? එහෙමත් නැත්තම් වරණ කිහිපයක් අතරින් තරගකාරී වරණයක් තෝරා ගැනීමද? කියන එක මට හරියටම කියන්න බෑ. මේක හොදද නැත්තම් නරකද කියන්නත් බෑ. මට හිතෙන්නෙ ලංකාවෙ අයියල හරිම දක්ෂයි කියන එක විතරයි. හැබැයි ඉතින් මිනිස්සුන්ට මේක අවශ්‍යය කාලෙ දුන්නනම් තමයි වඩාත් හොද? ඔයගොල්ලන්ටත් මොනවහරි හිතෙනවනම් පොඩි කමෙන්ට් එකක් දාන්න.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...