Tuesday, July 17, 2012

පාලිත ලොක්කට Wish කරපු හැටි


මේක සිද්දවුනේ මම කලින් වැඩ කරපු තැන. මේ සිද්ධිය වුන එක්කෙනාගෙ නියම නම කියන්න නම් බෑ. අපි එයාට පාලිත කියමු. පාලිත වැඩකලේ ඒ ආයතනයේ ලීගල් ඔෆිසර් හැටියට. පාලිත  අවුරුදු 45ක් විතර තරුණ කොල්ලෙක්. මොකද මිනිහා බැඳලා නෑ. (සිකුරු හතේ ෆිල්ම් එකේ හැටියට මිනිහා කොල්ලෙක්). අනික හැම වෙලාවෙම ඉන්නෙ "අම්මි" එක්ක. ඒතරම් පොඩි කොල්ලා.

පාලිත හරි ආසයි ලොක්කට ගොට්ට අල්ලන්න. වැඩ කරන වෙලාවට ඒතරම් යටහත් පහත් සේවකයෙක් හොයාගන්නත් නැති තරම්. ලොක්ක ගාවට යන්නෙ දෙකට තුනට නැමිලා.

පාලිතගෙ පොඩි පුරුද්දක් තිබ්බා වැඩට එන්නෙ විනාඩි 10ක් විතර පරක්කුවෙලා. විධායක ශ්‍රේණියෙ හන්ද එච්චර ප්‍රශ්නයකුත් නෑ.

අනික පාලිත එයාට වඩා පහල මට්ටමේ සේවකයන්ට සැලකුවේ හි‍ට්ලර් වගේ ආදරෙන්. පොටෝ කොපියක් ඔනෙ නම් ඒක පො‍ටෝ එකකම කොපියක් එන්න ඕනෙ. මැෂින් එකෙන් එලියට එන්න කලින් ඒක එයාගෙ අතේ තියෙන්න ඕනෙ. ඔය වගේ බ්‍රහ්ම නීති හන්ද සුළු සේවකයො ඔක්කොම හරි ආදරෙයි පාලිතට.

ඉතින් දැන් තමයි කතාව කියන්න යන්නෙ.

අපේ ලොක්කට ලොකු උසස් වීමක් හම්බවුනා. ඒක අපි දන්නෙ උදේ ආවහම. ඉතින් හැමෝම පේලියට ගිහින් ලොක්කට විෂ් කරන්න ගත්තා. පාලිත එන්නෙ විනාඩි 10 ක් පරක්කු වෙලානෙ. ඉතින් අන්තිම දෙතුන් දෙනා තමයි විෂ් කර කර හිටියෙ.

හැමෝම ලොක්කට විෂ් කරන වෙලාවෙ මිනිහ විතරක් විෂ් නොකර ඉන්න එක හරි ප්‍රශ්නයක්. ඉතින් ෂේප් එකේ පියන්ට කතා කලා.

"මොකද අයිසේ ලොක්කට හැමෝම විෂ් කරන්නෙ?"
මේ වෙලාවෙ තමයි පියන් අයියට ගණ දෙවි නුවන පහල වුනේ. මිනිහා ගත්ත කටටම කිව්වා
"ඇයි සර් දන්නෙ නැද්ද? අද බොස් ගෙ උපන් දිනේනෙ"
පාලිතට දැන් හරි. මිනිහ කලිසම ෂර්ට් එක එහෙම හදා ගෙන  විෂ් කරන්න යන්න හදනකොටම ලොක්කත් වීදුරු කාමරෙන් එලියට ආවා. අපේ මිනිහ පැන්න ගමන් අතට අත දීලා කියපි
"Many Happy returns of the day Mr.Perera"
ඔන්න ඉතින් ලොක්කා තුෂ්ණීම්භූත වෙලා බලන් ඉන්නවා. පාලිතටත් ටිකක් අප්සෙට් වගේ. අපේ සෙට් එකත් පැත්තකට වෙලා අතින් කට වහගෙන හිනාවෙවී බලන් ඉන්නවා.
"Why Mr. Perera?"
පොර ආයෙත් අහනවා. ඉතින් ලොක්ක උත්තර දුන්නා.
"No Palitha, today is not my birthday. Any way thanks for your wishes"
ඊට පස්සෙ ලොක්ක යන්න ගිය ගමන ගියා. පාලිතත් පාඩමක් ඉගන ගත්තා මං හිතන්නෙ. අපිත් ෆුල් ෆන් එකක් ගත්තා රතු වෙච්ච පාලිත‍‍ගෙ මූණ බලලා.

5 comments:

The Modern Patriot said...

සුන්දර මතකයක්. ඒත් ඔය වෙලාවේ පාලිත ට නම් පියන් මල්ලිව මරාගෙන කන්න හිතෙන්න ඇති.

MUHUDU said...

මමත් වැඩ කරපු එක තැනක වෙන departments වල treat එකක් තියෙද්දී අපි සෙට් එක පිටින් යනව කන්න. treat එක දෙන්නෙ කවුද, එයාව අඳුරනවද කියන එක ප්‍රශ්නයක් නෙවේ. සමහර වෙලාවට අයින් වෙලා යන එවුන් දෙන treats වලට ගිහින් හැපී බර්ත් ඩේ කියල ඇවිල්ල තියෙනව අම්බානක! :D

Unknown said...

ඒත් ඉතින්. පවු නේ...

රාජ් said...

අදයි ආවෙ 2006 ඉඳල ලියල තියනව.

Hasitha Gunasinghe said...

වැඩිපුර දෙන්න ගියාමත් ඔහොම වෙනවා තමා :D

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...