කාලෙකට පස්සෙ ඊයෙ මල්ලිලා දෙන්න එක්ක කතා කරන්න සෙට් වුනා. ගෙදර එන්න පරක්කු වෙච්ච හන්ද මාතෘකාව වුනේ ට්‍රැෆික් එක.
"දැන් නම් ඉතින් ට්‍රැෆික් අඩු වෙන්න ඕනෙ. මොකද ට්‍රැෆික් ලයිට් එක ගාව හිටපු රාලහාමිල අයින් කරල"එක මල්ලි කෙනෙක් කිව්වා.
"ට්‍රැෆික් ලයිට් ගාව විතරක් නෙමෙයි ඉතුරු තැන් වල ඉන්න එවුන් ටිකත් අයින් කරන්න ඕනෙ ට්‍රැෆික් හරියන්න"ඒ අනිත් මල්ලි.
"ට්‍රැෆික් ලයිට් හදල තියෙන්නෙ මොරටුව කැම්පස් එකේ ඉන්න මහාචාර්ය වරු එකතුවෙලා. අවුරුදු ගානක පරීක්ෂණ කරල. ඉතින් ඒ මිනිස්සු හදපුවා යට ඉඳන් අට පාස් රාලහාමිලා වාහන යවනවා"ආයෙත් මල්ලි.
ඉතින් ඔන්න ආයෙත් පොලිස් කතා ඇදෙන්න පටන් ගත්තා. නිකන් පොලිස් නෙමෙයි ට්‍රැෆික් පොලිස්. ඉතින් මේ ඒ දෙක තුනක්.
දවසක් එක මල්ලි කෙනෙක්ගෙ ඔෆිස් එකේ ලොක්කෙක් වාහනේ එලවගෙන යන ගමන් කෝල් එකකට උත්තර දෙන්න පටන් අරන්. (වැඩේ වැරදියි තමයි) ඉතින් රාලහාමි කෙනෙක් දැකල නවත්තල. වාහනෙන් බැහැපු ලොක්කා රාලහාමි ගාවට ගිහින් මෙහෙම කිව්වලු.
"අනේ සර් වැරදි වැඩේ තමයි සර්. පොඩි හදිස්සි කෝල් එකක් ආවා සර්"රාළහාමි බොහොම බැරෑරුම් කමට බලලා කිව්වලු
"මහත්තයා කතා කරන්න දන්නවා ඒක හන්දා යන්න" කියල.
තවත් දවසක් මල්ලිගෙ යාළුවෙක් බයිසිකලේක යනකොට රාලහාමි කෙනෙක් නවත්තල ලයිෂන් එක ඉල්ලලා. යාළුවා නහයෙන් අඬනවලු.
"අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි"රාළහාමිත් ගේම අතාරින්නෙ නැහැල්ලු.
"දෙනව ලයිසන් එක. මට නහයෙන් අඬ අඬ ඉන්න බෑ"යාළුව කියන්නෙ එකම දෙයයි.
"අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි. බෑ රාලහාමි ලයිසන් එක දෙන්න බෑ රාලහාමි"මේ හෙට්ටු කෙරිල්ල හත් අට වතාවක් වුනාලු. අන්තිමට යාළුවගෙ කෙඳිරිය අහන් ඉන්න බැරිම තැන රාලහාමි "යනව යන්න" කියල යාළුවව එළව ගත්තලු. හැබැයි ඒ යාළුවට දෙන්න ලයිසන් එකක් තිබ්බෙ නෑ කියල රාළහාමි දන්නව නම්....
ළඟදි වෙච්ච සිද්ධියක් මම කලින් පෝස්ට් දෙක තුනක දාල තියනවා. අයියගෙ මගුල් දවසෙ වෙච්ච සිද්ධිය මෙතනිනුත්, වාහන ටින්ටඩ් කරපු සිද්ධිය මෙතනිනුත් අළුත්ම සිද්ධිය මෙතනිනුත් බලාගන්න.
මේ ශ්‍රී ලංකා පොලිසියයි. පොලිසිය මට නඩු දායිද දන්නෙ නෑ. මට නඩු දාල හරි පොලිසිය හැදෙනව නම්..
5 comments:
හික්..හික්..පොලිස් කතනම් එමටයි ..
lol
lol
දවසක් මමත් ලැයිසොන් එක නැතුව අහු වුනා....මමනම් පොඩි චාටුවක් දාලා ආවා....
Post a Comment