Tuesday, October 23, 2012

පොලිසිය ලංකාවේ පොලිසිය


ඇත්තම කිව්වොත් ලංකාවේ පොලිසියට හැදෙන තරම් කතා තොගයක් මේ ලෝකයේ කිසිම පොලිසියකට හැදී නැතුවාට කිසිම සැකයක් නැත. ඉරාජ් තම සින්දුවෙන් කියන්නෙත් එවැනි දෙයකි. මෙවැනි දේවල් වැලැක්වීමට පොලිසිය තුලින්ම පියවර නොගැනීම තුලින් අපිට දිගටම කතා කියන්න වාතාවරනක් සැකසී ඇතිබව අපි පවසන්නේ හද පිරි සතුටිනි.

පොලිසිය ගැන මට කියන්න තියන අළුත්ම කතාව සිද්ධ වුනේ මේ ළග‍දී දවසක මම නුවර යන අතරතුර දීය.එම කතාපුවත සැකෙවින් මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

මමත් යාළුවාත් කයියක් දා ගෙන පාරේ යන අතරතුර අව්කන්නාඩි දාගත් රාළහාමි කෙනෙක් මාගේ වාහනයට අත දැමුවාහුය. ඉදින් උදේ දහයටත් මේ සා අවුරශ්මියක් විද දරාගත නොහැකි සද මොවුන් කුමන තරම්වූ කාර්යය භාරයක් පොලිසිය වැනි ගාම්භීර ආයතනයක කරනු ලබත්හුදැයි මා හා මා මිතුරා සිතුවාහුය. මා ඉදිරිපසින් හා පසු පසින් නවත්වා ඇති රථ දැකුමෙන් එම පොළිස්  රාළහාමියෝ කුමන ආකාරයක වාහන භීතිකාවකින් පෙලෙන්නේදැයි මා සැක කලෙමිය. ඉදිරි පසැ රථය ඩීමෝ බට්ටෙක්යැ. මා සතුවන්නේ සුන්දර මරුටියැකි. මා පසුපස වන්නේ ටාටා නැනෝවකි. එමැ පොලිස් නිළධාරී තොමෝ කුඩා වාහන භීතිකාව නැමැති රෝගැයෙන් පෙලෙන්නේ යයි මට වැටහී ගියේ වාහන දුටු අවසැනය.පොලිස් තොමෝ මා අසැලට නොපැමිණියාහුය. 

ඉක්බිති අනෙක් රථාචාරීන් සිදුකලාක් මෙන් මම තොමෝ බලපත්‍ර කඩැදාසී අතැතිව රියෙන් බැසැ පොළිස් තොමෝ අසලැට ගෑටුවාහුය.

පොලිස් තොමෝ බලපත්‍ර කඩැදාසී දෙස ඇස් කොනකින් වත් නොබලා මහ හඩින් ගර්ජනා නොකැට මා ප්‍රශ්න කිරීමේ කටයුත්තේ යෙදුනහ.

"යුෂ්මත තමා රථයේ පැමිණියේ සීට් බෙල්ට් පැළදගෙනදැයි"පොලිස් තොමෝ මගෙන් ඇසුවාහුය
මම එසේයයි පිළිවදන් දු‍න්නෙමි.

එසේ නම් යුෂ්මතාට නැවත ගමන් ආරම්භ කල හැකියයි පොළිස් තොමෝ පැවසුවාහුය.

ඉදින් මම නුවර ගොස් සිරි නැරඹුයෙමි. මා සීට් බෙල්ට් පැළද සි‍ටියාදැයි ම මුඛයෙන් අල්ලාගනු රිසියෙන් ඔවුන් ප්‍රශ්න කලබව මා හට වැටහුනේ ප්‍රමාදවැයැ. මා‍ගේ ජන්ම පත්‍රයේ කාලය නිවැරදි වු නිසා ම මුඛයෙන් නිවැරදි පිළිවදන් පිටවිය.

අහෝ පොළිසියැ!.

3 comments:

දූපත් වැසියා said...

හඃ හා,,,

cupid said...

ජන්ම පත්‍රය හා ඹරලෝසුව නිවරදි බව පෙන්... හිකිස්

KolaVeri.D (කොළවෙරි.ඩී) said...

මාද ඔවැනිම වූ සිදුවීමකට මුහුණ දුනිමි!!!

එකල්හි එම පොලිස් නිලධාරියානෝ මා මාගේ හුටු හුටුවේ නැගී යමින් සිටිනාවිට එයට හස්ථය දිගුකොට නැවත්වූවාහුය...

ඉදින් ඕ තෝමෝ මාගෙන් "ලයිසොන් තියෙනවද?? එහෙනම් යනවා" යයි විමසා වදාළ සේක..

මාද එසේමැයි වදාළා එතනින් සුටු ගා මාරු වීමි!!!

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...