Thursday, May 03, 2012

බෙලිහුල්ඔය‍ට කොච්චර දුරද?


මේ ලඟදි දවසක හදිස්සි වැඩකට සබරගමුව විශ්ව විද්‍යාලෙ ලඟ වැඩකට යන්න මට ආරාධනාවක් ආවා. ඔය විශ්ව විද්‍යාලෙ තියෙන්නෙ බෙලිහුල් ඔය හරියෙ කියල මම දැනගෙන හිටියත් කොච්චර දුරක් මෙහෙ ඉඳන් තියනවද කියල දන්නෙ නෑ. ඉතින් ඔන්න කල්පනා කරනකොට මට මතක් වුනා ඉස්සර කැම්පස් ගෑණු ලමයෙක් ඔය කිට්ටුව ඉන්නවා කියල. ඉතින් ඔන්න ලේසියට චැ‍ට් එකෙන් විස්තර ටිකක් දැනගන්න කතා කලා.

මම - හායි
ළමයා - හායි
මම - ඔයා ඉන්නෙ සබරගමුවෙ කැම්පස් එක හරියෙ නේද?
ළමයා - ඔව්
මම - එහෙට කොළඹ ඉඳන් කොච්චර දුරද?
ළමයා - ම්ම්ම්ම්.... කොළඹ ඉඳන් පැය හතරක විතර දුර

!@$%^&*%^&

මම - අපි නම් දුර මනින්නෙ කිලෝ මීටර් වලින්. මම ඇහැව්වෙ කිලෝමීටර් කීයක් තියනවද කියල.
ළමයා - ඒක නම් හරියටම දන්නෙ නෑ. කාගෙන් හරි අහල කියන්නම්.

ටිකකින්

මම - ඔයාලගේ ගෙදර තියෙන්නෙ ඒ ලඟ කිව්ව නේද?
ළමයා - ඔව්. කැම්පස් එක පැත්තෙ ආවොත් එන්න ගෙදර.
මම - හා. ඉක්මනට වැඩ ඉවර වුනොත් එන්නම්. කැම්පස් එකේ ඉඳන් ගෙදරට කොච්චර දුරද?
ළමයා - රුපියල් 12ක දුර.
මම - !@$%^&*%^&  හා

4 comments:

Lakmal said...

pissu kellekne.
about 160km from colombo

නදී said...

ow dan dura kiyanne rs walin thama,

Achira said...

@ලක්මාල් - ස්තුතියි

@නදී - හා එහෙනම් ඔන්න :)

Hasitha Gunasinghe said...

ඉස්සර ලංකාවේ තිබ්බ මිනුම් එහෙමත් මෙහෙමලුනේ... හූවේ දුර, අඬ බෙරේ දුර, දඬුබස්නාමානය වගේ ඒකක තිබුණලුනේ

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...