මේකත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ
කතාවක්. කලිනුත් අපේ විදුහල්පති තුමා ගැන මෙලෝ රහක් නැති කතාවක් කිව්වා මතක
ඇති. මේත් ඒවගේ කතාවක්. මේක වුනේ අපි 12 පන්තියෙ ඉඳන් 13 පන්තියට යනකොට. 12
ඉන්නකොට අපි හිටියෙ ඉස්කෝලෙ ලස්සනම හරියෙ. එක තට්ටුවක ගොඩනැගිල්ලක. ඉස්සරහ තිබ්බෙ
හරිතාගාර. ඒ දවස්වල ඒ හරියෙ ඉස්කෝලෙක හරිතාගාරයක් තිබ්බෙ අපේ ඉස්කෝලෙ විතරයි. ඉතින්
අහල පහල ඉස්කෝලවල (ගෑණු) ළමයි එහෙම එනවා මේවා බලන්න. ඉතින් ඕක තමයි ඒ පන්තියට ළමයි
ඔක්කොම කැමති.
ඉතින් 13 පන්තියට යන දවස ආවා.
අපි ඔක්කොම හිතාගෙන හිටියෙ අපි දිගටම හිටපු පන්තියෙම ඉන්නවා කියල. පන්ති භාර
ගුරුතුමී කිව්වා තට්ටු 2ක් උස එහා පැත්තෙ ගොඩනැගිල්ලකට අපේ 13 පන්තිය මාරු කලා
කියල. අපේ ඔක්කොම සිහින බිඳවැටුනෙ ඊට පස්සෙ. ඒකට ගියහම කිසිම දෙයක් පේන්නෙ නෑ විතරක්
නෙමෙයි විදුහල්පතිතුමාගෙ නිල නිවස තිබ්බෙත් ඒ ගොඩනැගිල්ලෙ.
කට්ටියම එකතුවෙලා පන්තිභාර
ගුරුතුමියට කිව්වා අපිට මෙතන හොඳයි. යන්න එන්න ලේසියි කියල. මිස් කිව්වා ඕවා මට
කියල වැඩක් නෑ මේවා ප්‍රින්සිපල් සර්ගෙ තීරන ගිහින් එයාට කියන්න කියල.
අපේ පැතුම් තවත් සුන්වෙන තැනට
ආවා. කරන්න දෙයක් තිබුනෙ නෑ. කට්ටිම කතාවුනා ප්‍රින්සිපල් සර්ට කතා කරන්න. ඉතින්
කියල කතාවෙලා තීරණය කලා චතුරත් මදූෂත් කතා කරනවා, අපි පස්සෙන් ගිහින් බලන් ඉන්නවා
කියල.
ඉතින් මුළු පන්තියම ගියා
විදුහල්පති තුමාගෙ කාමරේ ගාවට. සර් කොහෙද යන්න එලියට බහින ගමන්. කට්ටියව දැක්කහම
ගමන පොඩ්ඩක් නතර කලා.
“ඇයි?”
චතුරත් ඇඟටයි හිතටයි හයිය අරන්
කතා කරන්න පටන් ගත්තා.
“සර් අර 12 පන්තියෙ අය ඔක්කොම 13 පන්තියෙ උඩතට්ටුවට යන්න ඕනෙද?”
හදිස්සියට චතුරට කියවුනේ
එහෙමයි.
“ඔව් ඇයි ප්‍රශ්නයක් තියනවද?”
“නෑ සර්!”
ඒ මදූෂ.
“කවුරු හරි තමුසෙලාට යන්න එපා කිවුවද?”
“නෑ සර්!”
“එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ. අද ඉන්ටවල් එකට කලින් පන්තියට යනවා. මම යනවා”
කියපු ප්‍රින්සිපල් සර් යන්න
ගියා. අපි 13 වසරට අපිට දුන්න පන්තියට ගියා. සිම්පල් ප්ලෑන්. එච්චරයි.
No comments:
Post a Comment