Monday, October 10, 2011

අදත් පොලිසියෙන් කරදර

සල්ලි තියනවට ගත්තෙ නැතත් හදිස්සි වුවමනාවකට පාවිච්චියට ගන්න කියල ගත්ත වාහනේ ටින්ට් කරපු එක ගලවන්න වෙච්ච කතාව මම මීට අවුරුදු එකහමාරකට විතර කලින් කිව්ව මතක ඇති. නැත්තම් වෙලාවක් තිබ්බොත් මේ සබැඳියෙන් කියවන්න. ඊට සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් මම වාහනේ වීදුරු අඳුරු කලා. ඒ දන්න කීපදෙනෙක් ගෙන් අහලා, කළාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද කියල බලන්න. ඒ නීතිය ලිහිල් වෙලා කියල තව දන්න අය කිව්වා.  ඉතින් මම කොයිකටත් කියල ආයෙත් ටින්‍ට් කලා. ඉස්සරහ වීදුරු නම් පොඩ්ඩක් වෙන්න තමයි කලේ.
ඉතින් අද හදිස්සියෙම මම ගමනක් යන්න කියල හිතල කන්තෝරුවෙන් එලියට බැස්ස වාහනේ නැගල. අතුරු පාරෙන් ගිහින් ප්‍රධාන පාරට දානකොටම රාළහාමි කෙනෙක් අත දැම්මා. වාහනේ හරවන්න කලින් සිග්නලුත් දැම්මා. ආසන පටිත් දාගෙන ඉන්නෙ.
"ඇයි රාළහාමි"
මම ඇහැව්වා.
"මහත්තයා වාහනේ බළපත්‍රය දෙන්න"
"ඇයි රාළහාමි" මම බලපත්‍රය දෙන ගමන් ආයෙත් ඇහැව්වා.
"මහත්තයට වාහන වීදුරු අදුරුකරන්න බලපත්‍රයක් නෑනෙ. මම දඩකොළයක් ලියන්නෙ නෑ. ඉස්සරහ විදුරුවල ටින්ට් එක ගලවල පොලිසියට ඇවිත් පෙන්නල ලයිසන් එක අරන් යන්න"
රාළහාමි එක හුස්මට කියාගෙන යන ගමන් කොළයත් ලියන්න පටන් ගත්තා.

මම රාළහාමි එක්ක ටිකක් වාද කලා. එහෙම කරන්න බෑ නේද ඒ නීතිය ලිහිලි කරල නේද කියල.
රාළහාමි කිව්වා
"මහත්තයො අපිට ඉහලින් නීතිය දන්නෙ කවුද?" කියලා
මට ඉතින් කටවහගන්න වෙච්ච හන්ද එහෙම හිතල පැත්තකට වෙන කොටම වීදුරු ඔක්කොම තද කළු කරපු ඉන්ටකූලර් රථයක් පාර අයිනෙ හිටපු මාවයි රාළහාමිවයි පහුකරගෙන ගියා. මම රාළහාමි ගෙන් ඇහැව්වා
"ඇයි රාළහාමි ඒක වාහනයක් නෙමෙයිද? කියල.
පිළිවෙලකට වැඩකරන රාළහාමි සරළ පිළිතුරක් මට දුන්නා.
"පොඩ්ඩක් ඉන්න එක වැඩක් ඉවර වෙනකන්"
ඉතින් රාළහාමි එයාගෙ පොඩි වැඩේ ඉවර කරල ලයිසන් එක සාක්කුවෙ දාගෙන ලියපු කොලේ මගේ අතේ තිබ්බා.
ඒකත් අරන් මගෙ හිතේ තිබ්බ තව දේවල් ටිකකුත් රාළහාමිගෙ මූණට කියල එන්න පුළුවන් හැකියාවක් තිබ්බ හන්ද මම ඒවායෙන් ටිකක් කියල එන්න හැරුණා. රාළහාමි ඒ දේවල් කිව්වෙ එයාට නෙමෙයි වගේ හිටියා.

හැමදාම තැලෙන්නෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් අපිවගේ පොඩි අයට තමයි.

4 comments:

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

අපි සල්ලි දීල ගත්තට වාහන අයිති ආන්ඩුවට. අපි අයිති කාටද දන්නේ නැහැ. ඒ අයිතිකාරයන් කොහොම ගියාම අපි වගේ ජහමනයට මොකද?
දැන් හැම වෙලේම පාරේ දකුනෙන්ම යන චන්ඩිත් ඔය ඉන්නේ දපලා. ඉක්මන් කොටයි. අපි බලමු සහෝ එක හීනෙන් එලිවෙන්නේ නැහැ. ආදුර ටිකයි. තව යන්න තියනවා. බලමු... බලමු.....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අපේ එහා ගෙදර හිටපු පොලිෂ් බාස් හොදයි ඔය පොලිස් අයට වැඩිය.....

Hasitha Gunasinghe said...

උස් තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ :(

Salinda said...

මටත් ඔය වගේම සිද්දියක් උනා, මාවනැල්ලේදි කහ ඉරක් කපලා ඔවර් ටෙක් කරලා ආදරනීය පොලොස් රාලහමි කෙනෙක් මාව නැවැත්තුවා. මමත් ඇම්බරෙන්න කැමති නැති නිසා දුන්නා ලයිසොම ලියපන් කියලා. :ඩි
ඔන්න ගෝල රාලහමි මගේ ටිකට් එක ලියනවා, අනික් මෑන් ආයෙත් පාර අයිනට ගියා. ඔහොම ඉන්න අතරේ තව කාර් එකක් මන් කලා වගේම කරලා පොලොස් මහත්තයා අත දැම්මා නවත්තන්න, හැබැයි ඌ ගියා යන්ඩ. පොලිස් ලොක්කත් වට පිට බලලා ඔන්න අයෙත් බෙල්ල දික් කර ගත්තා. ඇයි යකෝ, මම නැවත්තුව එකද වැරැද්ද??? මට මල පැන්නා එකසිය ගානට, එත් එක පෙන්නන්නෙ නැතුව ඇහුවා "රාලහමි අර කර් එක නවැත්තුවෙ නැ නේද? කියලා" මෙන්න මේක කියපු ගමන් මූට මල පැන්නෙ නැද්ද... මු ගිහින් ගෝලයාට කියාපි "මෙයාට උසාවියටම ලියන්ඩ, දෙන්ඩ එපා දඩ කොල" කියලා. මම ඔන්න ඔහේ ඔනේ එකක් ලියපන් කියලා හිටියා,මගේ මලයා ගිහින් ශේප් කරලා කොලයක් අරන් ආවා.
ඊට පස්සේ මු කියපි "අපිට ඉතින් ඔක්කොම අල්ලන්ඩ බැනේ, මේකත් මාලු අල්ලනවා වගෙ තමා" කියලා. මට තවත් මල, මන් හිතා ගත්තා අයෙ නන් නවත්තන්නේ නැ කියලා.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...