Sunday, August 30, 2015

වැද්දන්ගෙන් ප්‍රවේසම් වෙනු


ලංකාවේ ආදි වාසීන් ගැන බොහෝ කතා ඇත. ඒ ඔවුන්ගේ භාෂාව අපෙන් මදක් බැහැර වන නිසාය. බොහෝ කතා විහිළුවට හදන ඒවාය. ආදි වාසීන් සිටින්නේ ලංකාවේ පමණක් නොවේ. කොලොම්බස් අයියා ඇමරිකාව හොයා ගන්නා විට එහි රතු ඉන්දියානුවෝ සිටියහ. කොලොම්බස් මිනිසුන් ජීවත්වන රටක් හොයාගෙන උදම් අනා ලෝකයට දෙඩවීමෙන් පසුව මෙච්චරකල් එහි සිටි මිනිස්සු ආදි වාසීන් වූහ. කොලොම්බස් ලා නවීන ජනයා වූහ. නමුත් සියැටල් වැනි ගහකොල සතා සීපාවාට ආදරය කරන මිනිස්සු එක්ක බලද්දී කොලොම්බස් නොදියුණු ම්ලේච්ච ගෝත්‍රික වාදියෙකි.

පසුකාලීනව සියැටල්ලා සහ ඔහුගේ ජනයා ඇමරිකන් ඉංග්‍රීසි කතා කලහ. ඔවුන් ආදි වාසීන් වුවත් නවීනත්වයට හැඩගැසුනහ.

ඕස්ට්‍රේලියාවේද ඇබොරිජියන් වරු සිටී. ඔවුන්ද සාමාන්‍ය ඉංග්‍රීසි බස කතා කරයි. චාලීස් කන්ට්‍රි යනු ඇබොරිජියන් වරුන් ගැන ඇති සිනමා සිත්තමකි. මෙහි සිටින චාලිද හොඳින් ඉංග්‍රීසි වලට හුරුවී ඇත.
ඇමරිකාවේ රෙඩ් ඉන්ඩියන් ලා මෙන් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජියන්ස් ලා මෙන් ඉතින් ලංකාවේ සිටින ආදිවාසීන් වැද්දාහ් යන නමින් ඉංග්‍රීසියෙන් අමතති. ඉංග්‍රීසියෙන් මොන මගුල වුනත් අපි ඔවුන් වැද්දෝ  යන ආදර නාමයෙන් අමතමු.

මේ වැද්දන්ගේ අවුල ඔවුන්ගේ භාෂාව අපිට ටිකක් දිරවාගත නොහැකිවීමයි. වසර 25කට පමන ප්‍රථම සුනිල් පෙරේරා ගැයූ ඔජායේ ගීතයෙන් වැදි බස්වහර ගැන යම් අවබෝධයක් නාගරිකයන් තුල විය. ඉන්පසු රැල්ලට තැනුනු වැදි ජනයා රඟන නාට්‍යය හා ගීත වලින් වැදි ජනයාට හානියක් වූවා මිස ඔවුන්ගේ භාෂාව අප අතර ප්‍රචලිත වීමක් සිදුවුනේ නැත.

කැකුලී, පොජ්ජ, මන්ද කරනවා, කොටා බානවා, ඇන්න යනවා, හදි කරනවා වැනි වචන පමණක් භාවිතා කර අපි වැද්දන් සමග කතා කරන්නට පටන් ගත් නමුත් ඒවා වැද්දන්ටත් ඔවුන් කියන දේ අපිටත් තේරුම් කරගැනීමට නොහැකිවිය.

මා මේ කියන්නේ අනිත් රටවල “වැද්දන්ට“ මෙන් අපේ වැද්දෝ සිංහල ඉගනගතයුතුය කියන එක නොවේය. නමුත් සිංහල මිනිසුන් එක්ක කතා කර අදහස් දැනගැනීමට මොඩර්න් වැද්දෝ සිංහල ඉගන ගෙන සිටිති. එහෙම බැරි වැද්දන් සමග කතා කරන්නට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් සිටිය යුතුය.

මේ විහිළු කතාව මට මතක හැටියට තිබ්බේ මහින්ද අබේසුන්දර මහතාගේ මහින්දගේ ආගිය කතා තීරු ලිපියකය. දඹානේ ඉස්කෝලෙකට අළුතෙන් පත්වී ආ ගුරුවරයෙක් පත්වීමට බාරගැනීමට පැමිණි දින රෑ විය. අන්තිම බසයෙන් බැස්ස පසු යන්න එළියක් නැති හන්දා ළග ඇති පැලකට ගිහින් කතා කලහම වැද්දෙක් මතු වුනාලු. ඉතින් මේ ගුරුවරයා දන්න කියන වැදි බාසාවෙන් කියල එලියක් ඉල්ලුවලු. ටිකක් වෙලා ගියාට පස්සෙ වැද්දට තේරුනාලු මේ ගුරුතුමා කිවුව එක. වැද්දා තමන්ගෙ දුවට කතා කලාලු.

“චූටි දූ මේ සර්ට යන්න ටෝච් එකක් ගෙනත් දෙන්න“

අපි පොෂ් වෙන්න වෙන්න වැද්දන් ඔවුන්ව මාකට් කරගැනීම ආරම්භ කලෝය. අපි කොළඹින් ගොස් දඹාන බලන විට ඔවුහු දුන්නෙන් ඊතලයක් මුදාහැරීමට මුදලක් අයකලෝය. පොටෝ ගැනීමට මුදල් අයකලෝය. දැන්නම් සෙල්පි වලට කොහොමද දන්නේ නැත.

මීට වසර කිහිපයකකට කලින් එක්තරා පලාතක (මෙව්වා හරියටම කියන්න බැරි හේතු තිබේ) තිබූ මියුසික් ෆෙස්ටිවල් එකකට වැදි ජනයා නියෝජනය කරමින් පිරිසක් සහභාගීවූහ. ඕවුහු ඒ සදහා අංගයක් ඉදිරිපත් කලෝය. ඊට අමතරව ඔවුන්ගෙන් අංගයක් අවශ්‍ය වූ නිසා සංවිධායක කෙනෙක් වූ මගේ මිත්‍රයෙක් භාෂා පරිවර්තකයෙකුගේ සහයෝගය ඇතුව ඔවුන්ගේ නායකයාට කතා කොට කිරිකොරහ නටන්නට පුළුවන් දැයි ඇසීය. ඔවුන් ඒ සදහා 6500/- (ඒ කාලයේ හැටියට) ඉල්ලූහ. විශාල මුදලක් බැවින් හෙට්ටු කිරීම් කේවල් කිරීම් බොහොමයක් සිදුවිය.

අවසානයේ මගේ මිත්‍රයා එය 3500/- කට කල හැකිදැයි විමසීය.

මෙතෙක් වෙලා භාෂා පරිවර්තකයෙක් සමග වැඩකල ආදි වාසියාට මළ පැන පැහැදිලි සිංහලෙන් මගේ මිත්‍රයාට බැන තිබේ

“ මේ මහත්තයා ඩීල් නම් ඩීල්. මේවා මෙහෙම කරන්න බෑ 5000 අඩුව මේ වැඩේ කෙරෙන්න නෑ“

ඒ ඔහුගේ අවසන් තීරණයයි. ඔය ටික කලින් කිව්වා නම්  ට්‍රාන්ස්ලේටර්ට ගෙවන ගාන නොගෙවා ඉන්න තිබ්බා.


ඔබත් මීලග වැදි හමුවේදී ප්‍රෙව්සම් වන්න :D

2 comments:

Niranjan said...

නියමයි

අසුරයා said...

දැන් වැද්දෝ ඇත්තේම නැත. නිකන් මාකටින් පාරක් පමණක් ඇත. මට අදුරන කෙනෙක් කියපු කතාවක් මතක් වුනා. දඹානෙ තිබ්බ ආදි වාසී ප්රදර්ශනයකට අදුනන කෙනා ගිහින් තමන්ගෙ කැම්පස් එකේ ව්‍යාපෘතියට කරුණු ටිකක් ගන්න. එතනට ආපු පොඩි එකෙක්කුයි, අම්මා කෙනෙකුයි ගල්ගුහාවක ආකෘතියක් බලාගෙන ඉන්නවාලු. පොඩි එකා අහනවාලු... අම්මෙ අර කවුද? ඒ වැද්දො පුතේ. එතකොට මේ මොකක්ද? ඒ ගල්ගුහාවක් පුතේ... උන් මොකෝ ඒතන කරන්නෙ.... වැඩේ කියන්නෙ මේ අම්මායි, කොලුවයි වැද්දො දෙන්නෙක් වීම. :P

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...