Thursday, August 16, 2012

මා ඇසූ බණ - මට හිතුන දේ

ඊයෙ පාන්දර ගෙදර රූපවාහිනිය දාල. හාමුදුරුවන් වහන්සේ කෙනෙක් බණ කියනවා. ඉස්සරහ ඉඳන් අහන්න තරම් ඉස්පාසුවක් නැති හන්ද වැඩවලට යන එන ගමන් බණ ටික ඇහැව්වා.

හාමුදුරුවො කිව්වෙ දීඝායූ කුමාරයාගෙ කතාව. පොඩිකාලෙ අහල තිබ්බවුනත් ආයි අහන්න තරම් ලස්සනට හාමුදුරුවො බණ ටික කිව්වා. බණ ගැන ටිකක් හිතන්න වෙලාවක් ආවෙ උදේට කෑම කන අතරෙ.

ඒ බණ වලදි දැන් කාලෙ වෙන දේවලුත් මට හිතුනා. ඉතින් ලියන්න හිතුනෙ ඒවා.

දීඝායූ කුමාරයගෙ දෙමව්පියන් වධකයා රත්මල්මාලා දාලා මරණයට එක්ක යන මොහොතෙ දීඝායූ කුමාරයා ඔවුන් ඉදිරියට එනවා. මේ දේ දැක්ක කුමාරයගෙ තාත්තා තමන්ගෙ පුතාට අනර්ථයක් වෙයි කියල හිතල අර හැමෝම අහල තියන කතාව කියනවා.
"පුත දීඝායු! දුර බලන්න ලඟ නොබලන්න"
මෙන්න මේ කතාව ඇහෙනවා ලංකාවෙ ඉන්න ඇඩ්වර්ටයිසිං ඒජන්සියක ඉන්න, ආගම දහම, වටපිටාව, වගේ දේවල් දන්නෙ නැති "ක්‍රියේටිව් ඩිරෙක්ටර්" කෙනෙක්ට. (තරහ වෙන්න එපා එහෙම කිව්වට. හැම  ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ම එහෙම නෙමෙයි. ඒත් සමහරු නම් ගන්න දෙයක් නෑ.)

ඉතින් මිනිහට අළුතෙන්ම ඇවිත් තියන ප්‍රොජෙක්ට් එක තමයි ඇස් කන්නාඩි වෙළඳ දැන්වීමක්. ඉතින් මිනිහා වැඩට බහිනවා.
දීඝායු ඔප්ටීෂන්ස්. - ඔබට පෙනෙන්නේ දුරද නැත්තම් ලඟද? තවත් දුර බැලීමට ඔබ ලතැවිය යුතු නොවේ.
දැන් දීඝායු කුමාරයා ඉතාමත් අමාරුවෙන් රජ වාසලේ රැකියාවක් හොයාගෙන රජතුමාගෙ විස්වාසවන්තම සේවකයා වෙනවා. ඔන්න දවසක් දෙන්නම කැලේ ගිහින් අතරමං වෙනවා. රජතුමාට මහන්සියට නින්ද යනවා. මේ වෙලාවෙ දීඝායු කුමාරයට පරණ කෝන්තර මතක් වෙනවා. රජතුමාගෙ මගුල් කඩුව (කැපෙන්නෙ නැති හන්ද මගුල් කඩුව කිව්වා නෙමෙයි ඔන්න. රජතුමාගෙ කඩුවට කියන්නෙ මගුල් කඩුව, රජතුමාගෙ ඇතා මගුල් ඇතා, රජතුමාගෙ අස්සයා මගුල් අස්සයා, රජතුමාගෙ මරණය - මළ මගුල) තියෙන්නෙ කුමාරය ගාව. කුමාරය කීප පාරක් රජතුමා ගෙ හිස සිඳින්න හදනවා. ඒත් මතකයට එන්නෙ තමන්ගෙ තාත්තා අවසානයට කියපු වචන ටික. ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට ගිහින් කුමාරයට රජකම දෙනවා. ඒ කතාව ඉවර වෙන්නෙ එහෙමයි. ඒත් මේකාලෙ අවසානය පොඩ්ඩක් වෙනස්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට එක්ක ගෙන යනවා. ගියපු ගමන් කරන්නෙ කුමාරයගෙ හිස ගසා දාලා කුමාරයාට පරලොව රජකම අරන් දෙන එක.

එහෙම නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට යන අතරතුරදි "සුදු" අශ්ව රථයක් ඇවිත් දීඝායු කුමාරයා පැහැරගෙන යන්නත් පුළුවන්.

මේ ඉවර වෙන්න පුළුවන් තවත් විදිහක්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා.

ඒ කතාවෙ මෙහෙම අවසානයක් තියෙන්නත් පුළුවන්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. කුමාරය රටේ ප්‍රධාන චරිතයක් හන්ද ‍රටේ මාධ්‍යවේදියො ඒක ගැන ප්‍රශ්න කරනවා. රජතුමා  ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා. තියල කියනවා ඒ කුමාරය කිව්වා රජතුමනි වැරැද්ද මගේ. ඒක හන්ද එකපාර මා මරන්න කියල. ඉතින් වැරදි කරපු මිනිස්සු දඬුවම් විඳින්න ඕනෙ. ඒක හන්ද මම ගස් බැන්ද ෂ් ෂ්... වැරදුනා ඒක හන්ද මම කුමාරයව මැරුව කියල.

කල්පනා කරල බලනකොට මෙහෙම අවසානයක් තියෙන්නත් බැරි නෑ.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. කුමාරය රටේ ප්‍රධාන චරිතයක් හන්ද ‍රටේ මාධ්‍යවේදියො ඒක ගැන ප්‍රශ්න කරනවා. රජතුමා  ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා. තියල කියනවා මම ඒ වෙලාවෙ නිදාගෙන හිටියෙ. මට මුකුත් මතක නෑ ඕයි!

8 comments:

vicharaka said...

ඉතාම හොඳ දේශපාලන ප්‍රහසනයක්. එමෙන්ම හොඳ දැක්මක්. බොහොම ස්තුතියි. මිනිසුන්දේ දේශපාලන දෘෂ්ටිය පුළුල් කරන මෙවැනි නිර්මාණ අද කාලයට ඉතාම උචිතයි.

අසමි දකිමි සොයමි ලියන විචාරක

සුදා said...

මාර කතා අවසානයක් නෙහ්.. ඔහේ ඇත්තෝ තිර පිටපත් රචකයෙක් දෑ..?

Achira said...

@විචාරක Wicharaka ස්තුතියි.

@සුදා මල්ලි - තිර පිටපත් රචකයෙක් නම් නෙමෙයි ඕන්..

The Modern Patriot said...

කතාව කියාගෙන යද්දිම මට දාන්න හිතුන කමෙන්ට් එක තමා අචිර අයියා අන්තිම විකල්ප සිද්ධිය විදිහට දාල තියෙන්නේ. නිර්මාණාතමකභාවය නියමයි.

අපේ තාත්තත් මට කිව්වා දුර බලන්න, ළග නොබලන්න කියල. හැබැයි බයිසිකලේ පදින්න උගන්නන කොට.

Achintha said...

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා වගේ රජවාසලට එක්ක ගිහින් මාධ්‍යට කතා කරලා කුමාරයට ස්තූති කරනවා ඊට පස්සේ සෙනවියන්ට කියනවා කැලේට ගෙනියල අතුරුදහන් කරන්න කියලා ඊට පස්සේ ඒ ගැන හොයන්න කොමිසමක් පත්කරනවා

Amila Chathuranga said...

අවසාන එක තමයි මරු මට මොකුත් මතක නෑ ඕයි...

Hasitha Gunasinghe said...

කතන්දර තමා කතන්දර :D

KolaVeri.D (කොළවෙරි.ඩී) said...

මම අචිර අයියගේ blog ඒක දන අවුරුදු 2ක වගේ ඉදන් කියවනවා.,හැබැයි හාහාපුරා කියල කොමෙන්ටුවක් දැම්මේ අද..
මට මේක set උනේ අයියගේ http://artachie.blogspot.com/
blog ඒකෙන්...
කොහොමින් හරි ආයෙනම් කොමෙන්ටුවක් නොදා යන්නේ නෑ...
අද කතාව නියමයි!!!

ජය වේවා!!!

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...