Monday, May 07, 2012

වෙසක් සැරසිලි + බණ + RGB සහ තවත් කතා

පසුගිය සතියෙ වෙච්ච දේවල් සහ තවත් ටිකක් ලියන්නයි හදන්නෙ. ගිය ගමන පෝස්ට් එකෙන් පස්සෙ ඊට අදාල ලමයා ඒක කියවලා නෝක්කඩු ටිකක් කිව්වා. ඕවා පෝස්ට් වල දානවද කියල අහලා. අනේ මන්දා ඉතින් ඕවා.

ඒක කමක් නෑ ඉතින්. මේ ගමන ලියන්න යන පෝස්ට් එක පහුගිය ටිකේ වෙච්ච දේවල් සහ තවත් එහෙන් මෙහෙන් ආරංචි වෙච්ච ඒවත් එකක් ලියන්න යන්නෙ. හැබැයි මේවාගෙ ටිකක් තාක්ෂණික කතා තියෙන්නෙ. සිංහලෙන් ටෙක්නිකල් කියන්නෙ. නොතේරුනොත් තරහ වෙන්න එපා.  

වෙසක් උත්සවයට බණක් කියන්න කියලා කාර්යාලයේ සගයො ටික සූදානම් වුනා. ඉතින් කාර්යාලය සරසන්න ඉතින් කට්ටියම කතාවෙලා සල්ලි එකතු කරල එක්කෙනෙක්ව යැව්වා කඩේට සව්කොළ ගේන්න. ඉතින් ටික වෙලාවකින් සව්කොල ගොඩකුත් අරන් අපේ මිත්‍රයා ආවා. 

ඉතින් මේ සැරසිල්ලට අපි මුලින් හිතාගත්තෙ බෞද්ධ කොඩිය. ඉතින් ඒකට ගැලපෙන පාට අරන් මිත්‍රයා ආවා. 
සරසන්න පටන් ගත්තා.

"කෝ කොළ පාට ගෙනත් නෑනෙ"
අපි නොහිතපු ප්‍රශ්නයක් මතුවුනා. 
"කොළ පාට කොහෙද බෞද්ධ කොඩියෙ?" 
" ඇයි මොකද නැත්තෙ"
ඔන්න දැන් අපේ  බෞද්ධයන්ගෙ විවාදයක් මතුවේගෙන එනවා.
"කොළ පාට තියෙන්න ඕනෙ.  RGB (Red Green Blue) නැතුව කොහොමද අනිත් පාට තියෙන්නෙ"
අපේ බෞද්ධයො හුඟක් පරිගණක එක්ක කළවම් වෙලා ආගමික දේවල් හිතන්නෙත් ඒ විදිහට. පස්සෙ එලියෙ එල්ලල තිබ්බ  බෞද්ධ කොඩියක් පෙන්නල තමයි  RGB තිබ්බට කොළ පාට ඒකෙ නෑ කියල ඔප්පු කලේ.

දැන් දෙවෙනි කතාව. 

කාර්යාලෙ වැඩකරනවා සුද්දෙක්. කාලයක් තිස්සෙ වැඩ කරන හන්දා සිංහල එහෙන් මෙහෙන් පුළුවන්. ඒත් සමහර දේවල් තේරුම් කරන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ. සුද්දා කරන්නෙ Cloud Computing. ඕක ඉතින් සිංහලෙන් හිතුවොත් කියන්න වෙන්නෙ වළාකුළු ආශ්‍රිත පරිගණක කරණය කියල. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි ඔන්න. 

ඉතින් දැන් හාමුදුරුවො බණ කියනවා. කට්ටිය එක්ක සුද්දා බණ අහණවා. හාමුදුරුවො බුද්ධ චරිතයෙ කතාවත් අරගෙන මෙහෙන කියනවා.

"එකල්හි අ‍ප බුදුරජානන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ සිටින විට වලාකුලක් උඩ ඉඳගෙන දෙවියෙක් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා"
සුද්දා වලාකුල ගැන අහල තියෙනවා. ටිකක් සිංහල පුළුවන් හන්දා. සුද්දා මගෙන් අහනවා
"What he says?"
මම උට දන්න ඉංග්‍රීසියෙන් කිව්වා
"When Load Buddha Stays at Dewram Viharaya, One Angel Came to see him on Cloud"
කියල. සුද්දට මාර සතුටුයි. ඉතින් සුද්ද මට කියනවා,
"See men, in the Ancient time also the Cloud is in there. We are also using the same technology now. I don't know about the company who invent cloud at that time"

තේරුනාද මන්ද. කමක් නෑ. දැන් ඔන්න තුන් වෙනි කතාව.

හාමුදුරුවො දිගටම බණ කියනවා. දවස පුරාම වැඩකරමින් හිටපු අපේ සහෝදර වරු ටික වැඩ කරන ගමන්ම තමයි බණ අහන්න ආවෙ. හුඟක් අයට ඇඟටත් අමාරුයි. ඉතින් බුද්ධ චරිතයෙ බණ වලින් පස්සෙ හාමුදුරුවො පටන් ගත්තෙ ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන කියන්න. දීර්ඝ බණක් හන්දා අපේ අය නිදි කිරා වැටෙනවා. ඒත් සුද්දා කෙළන් ඉඳන් තේරෙන මිනිහා වගේ බණ අහනවා. දැන් හාමුදුරුවො ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන මෙහෙම කියනවා.
"පින්වත් හැම දෙනාම දන්නවා ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන. සම්මා දිට්ඨි..... සම්මා සංකප්ප.......සම්මා වාචා......"
ඉතින් සුද්දට ඕව තේරෙන එකක් යැ. ඒත් සුද්ද වටපිට බලල හයියෙන් මෙහෙම කියනවා.
"සාදු..Some Are Sleeping"
මමත් කොරවුනා මූ මොනවද මේ කියන්නෙ කියල. සුද්දා හිතල තියෙන්නෙ හාමුදුරුවො සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට සම්මා කියල කියන්නෙ Some Are කියල.

මම දන්නෙ නෑ ඕන් ඕවා. මම කියන්නෙ බෞද්ධයො හැටියට අපි මීට වඩා අදහන ආගම ගැන සැලකිල්ලක් දක්වන්න ඕනෙ කියල විතරයි. 
 
 
 
 

7 comments:

හි තු ම තේ said...

හැබෑටම බුදුන්ගේ කාලෙත් ක්ලවුඩ් ටෙක්නොලොජිය පාවිච්චි වෙලා නොවැ...
සුද්දත් මරු , ඔපිසියත් මරු. පංකාදු පහයි පොස්ටුව නං...

හි තු ම තේ said...

හැබෑටම බුදුන්ගේ කාලෙත් ක්ලවුඩ් ටෙක්නොලොජිය පාවිච්චි වෙලා නොවැ...
සුද්දත් මරු , ඔපිසියත් මරු. පංකාදු පහයි පොස්ටුව නං...

සහන් සටහන් said...

සැලකිල්ල්ක් දක්වන්න ඕනදත් අහනවා... දක්වන්න ඕන තමා, ඇයි හත් දෙයියනේ ඔතෙන්ට මෙලෝ හසරක්නැති සුද්දෙකව ගෙනියන්න කලිං ඒ ගැන හිතන්න එපැයි :D

Madri said...

අන්තිම කතා දෙක තමයි හොඳ....:))
ඔයාට කියන්න තිබුණෙ පුලුවන්නම් ඒ කාලේ cloud computing කරපු කොම්පැනිය හොයාගන්න කියලා..

Madri said...

අන්තිම කතා දෙක තමයි හොඳ....:))
ඔයාට කියන්න තිබුණෙ පුලුවන්නම් ඒ කාලේ cloud computing කරපු කොම්පැනිය හොයාගන්න කියලා..

ෂා වදන් said...

පට්ට පාර ...

Hasitha Gunasinghe said...

සුද්දා තමා දවසකටවත් සුද්දා :ඪ්

…ඒ සුද්දාගේ වෙන කතා නැද්ද ?? මොනව වුනත් ඌ බණ අහන්න ආපු එක අගය කරන්න ඕනේ.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...