පොඩි වෙනසකුත්
එක්ක මේ ගමන පෝස්ට් එකක් ලියන්න හිතුනා.
පහුගිය කාලෙම ඉස්කෝලෙ ආදි ශිෂ්‍යය සංගමේ වැඩවලට ගියා. එතකොට අවුරුදු ගනන් පරන
යාළුවො ආයි හම්බවුනා. එතකොට පරණ සිද්ධි ආයි ඇදිල ඇවිත් රසකතා ගොඩයි. මේ කතාවත්
එහෙම එකක්. මේ කතාවෙ කතා නායකයා විදුහල්පතිතුමා.
ඔන්න අපි
උසස්පෙල කරන කාලෙ (අයියල කාලෙ) තිබ්බා ගුරු දෙගුරු රැස්වීමක්. මේකට හැමෝගෙම
දෙමව්පියෝ එන්න ඕනෙ. අයියල කියල නෑ ඉතින්. කොහොම කොහොමහරි ඉතින් රැස්වීම තිබ්බා
සිකුරාදා දවසක. සඳුද උදේම විදුහල්පතිතුමා එනව පන්තියක් පන්තියක් ගානෙ දෙමව්පියෝ
ආවෙ නැති උසස් පෙළ ළමයි හොයාගෙන.
විදුහල්පති
තුමා හරි සැරයි. උසස්පෙළ අයියල වුනත් ඉතින් පණ බයයි එයාට. මොකද පොඩ්ඩ බැරි වෙනකොට
සනීපෙට පිට පැලෙන්න හම්බවෙන නිසා.
ඔන්න
පන්තියෙන් පන්තියට ඇවිත් දෙමව්පියො ආපු නැති ළමයි ටික එළියට අරන් ගිහින් කාර්යාලෙ ඉස්සරහ
හිටවල තියල ආපු නැති හේතු අහගෙන ගියා. . මේ අස්සෙ මොකද වෙන්නෙ කියල බලන්න පන්තිවල
ඉතුරුවුන අපිටිකත් එළියට පැන්නා. සාධාරණ හේතු කියපු අය ආයි පන්ත් වලට පිටත් කරල
අනිත් අයට ඉන්න කියල විදුහල්පති තුමා ඔරලෝසුව එහෙම ගැලෙව්වා ඉතින් දැන් වෙන දේ
කට්ටියටම පැහැදිලියි. ඊට පස්සෙ හම්බවෙන්න ඕනෙ ටික ලබා දීල උසස් පෙළ ළමයි ටික
ඉස්කෝලෙ ඉස්සරහට එක්ක ගියා. ඉස්කෝල මිදුලෙ අවුව තියන තැනක් බලලා තණකොළ ගොල්ලෙ දණ
ගහන්න කියපි.
දැන් ඔක්කොම
කට්ටියව පාරට පේනවා. දිග කලිසම් ඇඳගෙන උසස් පෙළ අයියල දහ පාලොස් දෙනෙක් ඉස්කෝලෙ
පාර දිගට අව්වෙ.
කට්ටියට
ලැජ්ජාවෙ බෑ. දන්න කියන අය කීදෙනෙක්ද? එකෙක් එක්කවත් කතා කරන්නෙ නෑ කියල අපිටත්
සද්දයක් දැම්මා ප්‍රින්සිපල්.
ඔහොම ඉන්ටවල්
එක වෙනකන් කට්ටිය දණ ගහගෙන. ඉන්ටවල් එකෙන් පස්සෙ ප්‍රින්සිපල් එනවා ඔය කිට්ටුවට.
ඇවිත් ශිෂ්‍යය නායකයෙකුට කතා කලා. දැන් හැමෝම හිතන් ඉන්නෙ මේ කියන්නෙ නැගිටල යන්න
කියන්න වෙන්න ඇති කියල බොහොම සන්තෝසෙන් හිටියා. ටික වෙලාවකින් ශිෂ්‍ය නායකයා වතුර
බෝතලේකුත් අරන් එනවා. ඇවිත් හැමෝටම වතුර වීදුරුව ගානෙ දීල ගියා.
දණ ගහගෙන
හිටපු අය ඉස්කෝලෙ ඉවරවෙනකන්ම දණ ගහගෙන හිටියා. ප්‍රින්සිපල් ඇවිත් කියල තියෙන්නෙ
අව්වෙ දණ ගහගෙන ඉන්න කට්ටියට වතුර ටිකක් දෙන්න කියල. අපේ සර්ගෙ මණුස්සකම එහෙමයි.
1 comment:
දඬුවම් කළත් හිතකින් නොවේ වගේ :D
Post a Comment