Thursday, May 13, 2010

ප්‍රතිපත්තිගරුක මිනිසෙකුගේ ඉරණම


මා මතු සදහන් තරනුයේ මා දන්නා හිත‍වතෙකු පිළිබද කතන්දරයයි. වර්තමාන සමාජය හා බලන කල ඔහු කළුත් නැති සුදුත් නැති අළු චරිතයකි. කිසියමු වු දෙයක අනන්තයට නොගිය හෙතෙම හැමදේම මධ්‍යස්ථව ඉවසයි.

විවාහකයෙකු වූ හෙතෙම විවාහයට වසර ගණනාවකට පෙර සිටම නිර්මාංශ පුද්ගලයෙකි. කිසිදා මත්පැන් නොබිව් ඔහු දුම්පානයද සූදුවද අතහැර ජීවත්වූවෙකි. අඩුම තරමේ උත්සව අවස්ථාවකදී වත්බියර් පානයෙන් වුවද බැහැරවූ ආදර්ශමත් චරිතයක් විය.

කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. විවාහයෙන් පසුවද හිතවතා ‍ප්‍රතිපත්ති රැක්කේය. ටික කලෙක පටන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. ශරිරයේ බොහෝ වෙනස්කම් ඇතිවිය. ශරීරය ක්ෂය විය. නිතරම අසනීප විය. සාමාන්‍ය බෙහෙත් සහ පරීක්ෂන වලින් සුවයක් නොවීය. අවසානයේදී සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකෙරිනි. ඔහුගේ නියම තත්ත්වය අනාවරණය විය.

අද ඔහු දියවැඩියා රෝගියෙකි. කොලෙස්ටරෝල් අධිකව අඩංගුය. තවත් එකි මෙකී රෝග ගණනාවකට ඔහු හිමිකම් කියයි.

එකල ඹහුට මත්පැනට ඇරයුම් කල මිතුරෝඔහුට සරදම් කරති. මාංශ භක්ෂකයෝද එසේමය. ලෝ දහම සමානයයි කියුවත් මෙවැනි අසමානතා ලෝ දහම තුල ඇත. රැකි ප්‍රතිපත්ති කුමටදැයි අද හෙතෙම සිතයි.

ඡායාරූපය ලබා ගත්තේ මෙම යොමුවෙනි.

2 comments:

KAS said...

අපේ ගමෙත් හිටියා කෙනෙක් මිනිහා අවංකවම බොහෝම හොදට ජීවත්වුන කෙනෙක්. අවුරුදු 50 විතර ඇති. කවදාවත් අරක්කු නම් බොනවා දැකල නැහැ වගේම තමයි අහලත් නැහැ මිනිහා බීලා ඉන්නවා කියලා. ඒත් අන්තිමට දාන ගත්තා මිනිහට සිරෝසීස් කියලා. පස්සේ අපි බෙහෙත් එහෙමත් අඩුවට අරන් දීලා උදව් කළා.

කතා කරන අතරෙදි මම නිකමට ඇහුවා ඉදල හිටලවත් බොනව ඇති නේද කියලා. මනුස්සයා කිව්වෙ මොකද්ද දන්නවද?

අන්තිමට බියර් ටිකක් හරි බිව්වේ එයා බැදපු දවසෙලු.

ඒක නම් පුදුම කරුමයක්. ඒත් ඇල්කොහොල් නැතුවත් සිරෝසිස් හැදෙනව තමයි බොහොම කලාතුරකින්.

අවුරුද්දක්වත් ජීවත් වුනේ නැහැ.

manjula said...
This comment has been removed by the author.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...