Saturday, January 09, 2010

අළුත් අවුරුද්ද...

තවත් අළුත් වසරකට, අළුත් හැගුම් පොදි බැද ගෙන අළුත් අළුත් දේ තුරුළු කරගෙන අපි ගමන් කර ඇත්තෙමු. මීට වසරකට පෙරද මෙවැනිම අළුත් අවුරුද්දකට අපි පිය මැන්නද ඒ අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ලොකු වෙනසක් ඇති බව සියල්ලෝම දනිති. භෞතිකව ගත්කල අපි ත්‍රස්තවාදය මැඩළු රටක් බවට පත්වී සිටිමු. දුෂණය හොරකම මෙන්ම සංවර්ධනයද අත්කරගෙන සිටිමු. ගිය වසරේ අපි නැතිකරගත් දේවල් බොහොමයි වගේම ලබාගත් දේද බොහෝය.

අධ්‍යාත්මිකව ගත්කල සියළු දේ පිළිබද අප සිතනා රාමුව වෙනස් කරනා තුරු මේ කිසි දෙයක් අළුත් වන්නේ නැත. ජනවාරි පළමුවැනිදා හම්බවෙන හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා යයි ප්‍රාර්ථනා කරන්නේ හුදෙක් වයින් කල ගිරවෙකු ලෙස මිස හෘදයාංගම බවකින් (කුදු මහත් දනෝ දන්නා පරිදි බොක්කෙන්) නොවේ. සමහරුන්ට එය Happy new Year පමණි. තමන්ගේ කටින් කියවෙන්නේ මොනවාදැයි නොදන්නා තරමට ඔවුන් යාන්ත්‍රීකරනය වී ඇත්තෝය.

කවුරු මොනවා කිව්වත් පහුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ පටන් ගැනීමම වෙනස්ය. උණුසුම් වෙන ඡන්දයක් තිබේ. ඇතැමෙක් විශ්වාසනීය වෙනසක් සොයන කල අනෙකා සුභ අනාගතයක් සොයයි. අනිවාරයයයෙන් මේ දෙදෙනාගෙන් එක් අයෙකු පරාද විය යුතුය. ඒ කවුද කියා තීරණය කරන්නට දැන්ම ඉක්මන් වැඩිය.කවුරු ආවත් රටට සහ අපට (ඔවුනොවුන්ද ඇතුළුව) යහපතක් වේ නම් ඒ මදැයි.

නිදහස ලැබී 61 වසරක් වුවද තාමත් නිල් පාට කොල පාට කන්නාඩි දමන බැවින් පසුගිය කාලය පුරාවටම ශ්‍රීලාංකිකයා කුලල් කා ගනී. වයස තරා තිරම ජාතිය ආගම මේ කෙරෙහි බල නොපායි. මේ සියල්ල පසෙකින් තබා ඕව්හු එක එකාට කඩේ යති. ඉස්සර වේදිකාවල කෑගසා ගෙන පෝස්ටර් ගසාගෙන කල කඩේ යාම දැන් අන්තර්ජාලය, ඊ මේල් කැම්පේන් ටෙලිපෝන් කැම්පේන් දක්වාම වර්ධනය වී ඇත.

මට මිතුරෙකු එවු මෙවැනි මඩ ඊමේල් එකකට Reply කලෙමි. එක එකාට කඩේ යාම අපේ ඇගට අගුණ වීමට සහ ඡන්‍දයෙන් පසු අපගේ රෙදි ගැලවීමට උපකාර වන බව මම එහි සදහන් කලෙමි.

අසුරු සැනෙන් මිතුරා එවු පිළිතුරෙහි වූයේ තමා කඩේ යන්නේ නැති බවත් එය ඔහුගේ ජාත්‍යාලය බවත්ය. මේ ඊනියා ජාත්‍යාලය මෙන්ම ඔහුගේ අදහසට එකග නැති නිසා මම නිශ්ශබ්ද වීමි. මන්ද යත් මා ජාතිද්‍රෝහියෙක් විය හැකි බැවිනි. මම මගේ ජාත්‍යාලය කවුරුන් ඉදීරියේ වත් මාකට්නොකරමි. මගේ මිත්‍රයාට මේ ජාත්‍යාලය එපා වන දවසක් නුදුරේදී එලඹෙනු ඇත. මන්ද යත් මේ අපේ සිරි ලංකාව බැවිනි.

පසුගිය ව‍සරේ අපි තිස් වසරක ශාප ලත් යුද්ධයක් නිමා කලෙමු. එය මම කලින්ද සදහන් කලෙමි. නමුත් රට වැසියන්ට එය මතක නැත. එදා සාමුහික ප්‍රයත්නයක් හා එකම දේශපාලන නායකත්වයක් වූ එයට අද අයිතිකරුවන් බොහෝවේ.

යහපත් 2010ක් ලැබීම‍ට නම් 2009 න් ඉගනගත් පාඩම් ඔස්සේ ගොස් රටේ පාලනය නොවන නොව අප ර‍ට දෙස බලන රාමුව වෙනස් කල යුතුව ඇත. හැම දේකම වැරදි නොව එහි ඇති යහපත ගැනද මෙනෙහි කල යුතුය. ඔබට සුභ වසරක් ප්‍රාර්ථනා කල හැක්කේ එවිටයි.



No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...