Friday, July 10, 2009
මතු යම් දවස
Sunday, June 28, 2009
ඩිලන්ත මාලගමුව සහ ෆෝමියුලා වන් තරග
ඔබ අප හැම දෙනාම සනත් ජයසූරිය යනු කවුදැයි ඇසුවොත් බොහෝවිට ඊට පිළිතුරු ලෙස ඔලොක්කු සිනාවක් ලබාගත හැකියි. ඒ ක්රිකට් ක්රීඩාව තුල සනත් තම ජනප්රියතාව දිග්විජය කර ඇති නිසයි. සනත් සහ ක්රිකට් නිසා අපේ පුංචි රට ලබාගත් ලොතු ජනප්රියත්වය තවත් දශක ගනනාවක් සදා අමරණීය වනු ඇත. නමුත් මා දැන් කතාකරන්නේ ක්රිකට් ගැන නොවේ. ක්රිකට් තරම් අපේ රටේ ජනප්රිය නොවුනත් ක්රිකට් ක්රීඩාවේ පවතින වියදම් මෙන් කිහිපගුණයක් සිය වියදමෙන් වියදම් කර අපේ පුංචි රටේ අභිමානය ලෝකය ඉදිරියේ තබන්නට තනි පුද්ගලයෙකු දරන මහන්සිය අගය කිරීමක්. කෙටියෙන් කියතොත් ඩිලන්ත මාලගමුව, කුරුණෑගල ප්රදේශයෙන් බිහිවූ අති දක්ෂ මෝටර් රථ ශූරයෙක්.
පසුගිය දින කිහිපයේ ආසියාකරයේ ඇස්ටන් මාටින් තරගාවලියේ පවත්වනු ලැබූ තරග හයෙන් පහක්ම වාර්තා තබමින් ජයගත් හෙතෙම පුංචි ශ්රිලංතාවේ නාමය ජාත්යන්කර කලයේ රැදවීමට නැවත සමත්වුනා. පසුගිය ඇස්ටන් මාටින් තරගාවලි කිහිපය පමණක් නොවෙයි.මැලේසියාවේ පැවැත්වුනු ආසියාතික හා ජාත්යන්තර තරගාවලි රැසක්ම ෆෝමියුලා වන් තරගාවලියක් ද සමග ඔහු ලංකාවට කීර්තිය ගෙනත් දුන්නා. මේ සියළු තරග වලට ඔහු සහභාගී වන්නේ සිය වියදමිනුයි. රටේ ක්රිකට් ක්රීඩාවට අතුරු පාලක මණ්ඩලය නාස්ති කරන සල්ලි කන්දරාවෙන් ටිකක් මේ තනියම කාර් රේස් පදින්නා වෙනුවෙන් යොදවන්නට ලංකාවේ ක්රීඩා අමාත්යංශයට නොසිතෙන්නේ ඇයි?
ක්රිකට් වලින් ලැබිය හැකි කීර්තිය “කාර් රේස්” වලින්ද ලැබිය හැකි බව ඔහු ඔප්පු කර අවසානයි. තමන්ගේ වියදමින් මෝටර් රථගෙන ඒවායේ සිංහ ධජය පින්තාරු කර තරග දිනමින් ශ්රී ලංකාවේ අශිමානය ලෝකයා හමුවට ගෙන යාමට කටයුතු කරන මේ ප්රෞඩ ශ්රී ලාංකිකයාට තවමත් රාජ්ය අනුග්රහය නොලැබී ගොස් ඇත්තේ ඇයි?
මේ කිසිවකින් නොසැලී රටේ අභිමානය ගැන පමණක් සිතන ඩිලන්ත වැන්නවුන් ගැන මීට වඩා සොයාබැලිය යුතු කාලයයි මේ. මගේ සටහන නිමාකරන්නේ වසර කිහිපයනට පෙර ඩිලන්තගේ ජයග්රහනයක පුවත්පත් වාර්තාවක් සමගයි. ඩිලන්ත ඔබට ජය. 
Friday, June 12, 2009
කඩුපුලේ අසිරිය
ගෙවිල යන්නෙ ගමේ පන්සලේ පොසොන් සතියයි. ඒ වෙනුවෙන් පොසොන් කලාපයක් ගමේ තරුණ කැළ සංවිධානය කරල තිබ්බා. ඒකට උදව් කරන්න හිතාගෙන මම කැළුම් මල්ලිගෙ ගෙදර ගියෙ කැළුම් එක්ක පන්සල පැත්තෙ යන්න හිතාගෙන. රෑ දහයට විතර ගෙයින් එළියට බහිනකොටම දැක්ක දර්ශණයෙන් අපි දෙන්නම කුල්මත් වෙලා ගියා. මිදුලෙ තිබ්බ කඩුපුල් මල් ටික පිපෙන්න පටන් අරන්. සාමාන්යයෙන් හැමදාම දකින්න තියන දර්ශණයක් නෙමෙයි හන්ද අපි පොඩ්ඩක් නැවතිලා බැලුවා.
කඩුපුල් හරිම ලස්සන හොද සුවදක් තියන රැයේම පිපිල රැයේම පරවෙලා යන විදිහෙ මලක්. කඩුපුල් මලක ජීවිත චක්රය ඡායාරූපත් එක්ක මේ යොමුවෙන් බලාගන්න පුළුවන්.
http://www.sundayobserver.lk/2008/10/12/Mag-10-12-pg-07.pdf
මේ මල අපට විතරක් ආවේනික එකක් නොවෙයි. රටවල් බොහොමයක මේ මල් වර්ග 19 ක් විතර හොයාගෙන තියනවා. මේ මල් මුලින් Phyllocactus කුලයටත් දැන් Epiphyllum කුලයටත් අයිති වෙනවා. මේ මලේ තව මුහුන් කරන ප්රභේදත් තියනවා කියල තමයි අන්තර්ජාලයෙ තිබ්බෙ.
මම දැක්ක මලේ ගත්ත ඡායාරූප ටිකකුත් මේ සටහන එක්ක ඇති. මේ වර්ගයෙ විද්යාත්මක නාමය වෙන්නෙ Epiphyllum cartigensis හැටියටයි. ඒ මල් පිපුණු ගහ පතොක් වර්ගයට අයිති කඩුපුල් වර්ගයක්. ලංකාවෙ බොහොමයක් හැදෙන්නෙ ඒ ජාතියෙ මල් වර්ග තමයි.
“Queen of the Night” කියල පිටරට අය හදුන්වන කඩුපුල් වලට ඒ නම ලැබිල තියෙන්නෙ රැයේම පිපිල රැයේම පරවෙලා යන හන්ද. ඒ සුන්රත්වය හැමෝටම දකින්න හම්බවෙන්නෙත් නෑ.
සිංහල ජනවහරෙ කඩුපුල් වලට හිමිවෙන්නෙ විශේෂ ස්ථානයක්. තඩුපුල් පිපෙන කාලෙට නාග ලොවින් නාගයන් මෙලොවට විත් කඩුපුල් මල් නෙලා සිරිපා වදින්න යනවා කියන කතාව සිංහල සාහිත්යයේ දැක්වෙන්නෙ මෙන්න මේ විදිහටයි.
දෙවියෝ දිව මලින් - අසුරසෙන් සිත් පළොලින්
දිව නයි කඩුපුලින් - නිතින් පුද දෙති තිලෝ මුණිදුන්
කඩුපුල් මල ගැන මෑතකදි හොද ජනප්රියත්වයත් ලබපු ගීතයක් තමයි චන්දන ලියනාරච්චි මහත්තය ගායනා කරපු කඩුපුල් මල් දේවතාවී. කඩුපුල් මලක් පිපෙනව බලන් ඉදල ඒ ලබපු අත්දැකීම තමයි ඒ විදිහට සිංදුවක් වෙලා එලියට ආවෙ. (අවාසනාවකට පද රචනය කරපු මහත්තයගෙ නම මතක නෑ. මතක විදිහට නම් චන්න ජයනාත් මහත්තය වෙන්න ඕනෙ). නෙළුම් මලේ නිල් පාට දුන්නොත් මම කඩුපුල් මලක් දහවලේ පුබුදු වන්නම් කියන්නෙ ක්රිශාන්ත එරන්දක මහත්තය. ඒ නිලුපුලේ නිල දෙන්න මට.. මම කඩුපුලක් පුබුදුවමි දවාලක කියන ගීතය ඔස්සේ. ඒ කියන්නෙ කඩුපුල් පිපෙන්නෙ රෑට විතරමයි කියන එක. (නමුත් මැක්සිකෝවේ ශීත කඳුකරවල වැඩෙන Epiphyllum විශේෂයේ මල් පිපෙන්නේ දහවල් කාලයේදී ය. )
ඡායාරූප කිහිපයක් ගත්තට පස්සෙ මමයි කැළුම් මල්ලියි පන්සල් ගියා. අපි ආපහු එන කොට පාන්දර තුනට විතර ඇකි. මලේ අවසාන හරිය. එෟක පරවෙමික් තමයි තිබ්බෙ. එත් කමක් නෑ. කාලෙකට පස්සෙ සුන්දර දෙයක් දැක්කනෙ. හිත සන්තෝස වෙන්න ඒ හොදටම ඇති.
Friday, June 05, 2009
ජගත් මිහිතල දිනය
ලෝකෙ සහ ලංකාවෙ විවිධ තේමා වලින් යුක්ත දින තියනවා. මැයි මාසෙ 31කියන්නෙ මට මතක විදිහට දුම්වැටි විරෝධී දිනය. කවුරුහරි සමීක්ෂණයක් කරල බැලුවනම් හොදටම තේරෙයි ඒ දවසෙ වත් රටේ මිනිස්සු 1% කින් වත් දුමබීම නැවැත්තුවෙ නෑ කියල.
මිහිතල දිනයත් ඒවගේ. අවුරුද්ද පුරාම ආරක්ෂා කරන්න ඕනෙ සමරන්න ඕනෙ දෙයක් දවසකට සීමා කරන්න ලෝතයා ආසයි. ඒකනෙ වැලන්ටයින් දිනය, මවුවරුන්ගේ දිනය වගේ දේවල් තියෙන්නෙ. අපි අවුරුද්දෙ ඉතුරු 364 දවස වගේම තමයිග අදත් ඒ විදිහටම කරනවා. මිහිතල දිනය කියල වෙනසක් නෑ.
දැන් කාටත් තෙරෙන දෙයක් තමයි වායුගෝලය උණුසුම් වීම. දවාලට AC කාම්ර වල ඉන්න හන්දා සමහරුන්ට හොදයි. ඒත් හැමෝටම නෙමෙයි. ඉස්සර වගේ නෙමෙයි දැන්. වහින කාලෙට වහින්නෙ නෑ. පායන්න ඔනෙ කාලෙට අකුණු ගහ ගහ වහිනවා. ගංවතුර තියෙන්න ඔනෙ කාලෙට විදුලි බල නිෂ්පාදනයට අවශ්යපය තරම් වතුර නෑ කියල කරන්ට් කපනවා. මිහිතලය උණුසුම් වෙලා. දේශගුණික විපර්යාස ඇතිවෙලා. එක්සත් ජාතින්ගෙ සංවිධානයෙ නිශේධ බලය හිමි රටවල් ඇතුළු ලෝක බලවතුන්ගෙ අදුරදර්ශී කාර්මික ආර්ථිකය හන්දා බලපෑම් එල්ලවෙන්නෙ හැමදාමත් අපි වගේ පොඩි රටවල් වලට.
හැම අවුරුද්දකම වගේම ජනාධිපතිතුමා, විශය භාර ඇමතිතුමා, අගමැතිතුමා ජගත් මිහිතල දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කරයි. තවුරුත් ඒ ගැන අවධානයක් ඇතිවෙන එකක් නෑ.
පරිසර සංරක්ෂණය දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක හැමෝටම දැනෙන තේරෙන දෙයක්. මිහිකත කතා කරයි වගේ තේමාවක් රැගත් මෙවර පරිසර දිනය කොළඹ විහාරමහාදේවී උද්යාදනයේ දින තුනක් පුරාවට පැවැත්වෙනවා. විවේකයක් තිබ්බොත් ගිහින් නරඹන්න.
Wednesday, June 03, 2009
අරන්තලාව...
යුද්දෙ අපි දිනල ඉවරයි. රටක් හැටියට යුද්ධෙ ආදීනව පොඩි ලමයගේ ඉදල ඕනම වැඩිහිටියෙක් වෙනකන් අත්විදල තියනවා. මම මේ කතාකරන්න යන්නෙ යුද්ධෙ ගැන නෙමෙයි. ඒක හන්ද නැතිවෙච්ච තවත් වටිනා මිනිස් ජීවිත වගයක් ගැන කතා කරන්න.
අරන්තලාවේදි භික්ෂුන් වහන්සේලා 31 නමක් කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කරල ඊයෙට අවුරුදු 22 ක් පිරෙනවා. මේ අපවත්කෙරුනු භික්ෂුන් වහන්සේලා අතරින් බොහෝ දෙනෙක් කුඩා සාමණේරයන් වහන්සේයි. ඊට අමතරව බස්රථය පැදවු රියදුරු මහත්මයත් ඉන්නවා. කොටි ත්රස්තවාදීන් වෙඩිතැබීමට අමතරව කඩු පොළු වලින් පහර දීල කපා කොටා මරා දාන්න තරම් සාහසික වෙලා තිබ්බා.
ලෝකයාගේ අර්ථ දැක්වීම් වලට අනුව ඒවා මානව හිමිකම් වලට අදාල වෙන්නෙ නෑග අද ලංකාවෙ මානව හිමිකම් ගැන කතා කරන අය වගේම ජාත්යන්තර ක්ෂමා සංවිධානෙ අය ඒ දවස්වල හිටියෙ අගහරු ලෝකෙ හන්දා මේ දේවල් දන්නෙ නැතුව ඇති.මේ ගැන තවත් විස්තර පහත යොමු වලින් බලා ගන්න පුළුවන්.
http://en.wikipedia.org/wiki/Aranthalawa_Massacre
http://www.freebase.com/view/en/aranthalawa_massacre
www.helabima.org/Aranthalawa.htm
මගේ ප්රශ්නය - මෙච්චර ඝාතන සිද්ධ කරලත් ඔවුන් බලාපොරොත්තුවුන විමුක්තිය, ඊලම ඔවුන්ට ලැබුනද?
ශිෂ්යත්වෙත් එක්ක අතුරු කතා
පහේ ශිෂ්යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...
-
අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්රිය නිසාය. ලෝකයේ...
-
පුද්ගලික විශ්ව විද්යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්ය විශ්ව විද්යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල ...
-
තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය වසරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුද...