Friday, June 05, 2009

ජගත් මිහිතල දිනය

සුපුරුදු පරිදි දින දසුනේ තවත් එක දවසක් ලබලා. ඒ ජුනි 5. අවුරුද්දෙ හැම දවසටම එක එක දින ආදේශ කරලනෙ තියෙන්නෙ. අද ඉතින් ජගත් මිහිතල දිනය. ඉතින් අද විතරක් අපි මිහිතල දිනය සමරනවා.
ලෝකෙ සහ ලංකාවෙ විවිධ තේමා වලින් යුක්ත දින තියනවා. මැයි මාසෙ 31කියන්නෙ ම‍ට මතක විදිහට දුම්වැටි විරෝධී දිනය. කවුරුහරි සමීක්ෂණයක් කරල බැලුවනම් හොදටම තේරෙයි ඒ දවසෙ වත් රටේ මිනිස්සු 1% කින් වත් දුමබීම නැවැත්තුවෙ නෑ කියල.

මිහිතල දිනයත් ඒවගේ. අවුරුද්ද පුරාම ආරක්ෂා කරන්න ඕනෙ සමරන්න ඕනෙ දෙයක් දවසකට සීමා කරන්න ලෝතයා ආසයි. ඒකනෙ වැලන්ටයින් දිනය, මවුවරුන්ගේ දිනය වගේ දේවල් ‍තියෙන්නෙ. අපි අවුරුද්දෙ ඉතුරු 364 දවස වගේම තමයිග අදත් ඒ විදිහටම කරනවා. මිහිතල දිනය කියල වෙනසක් නෑ.
දැන් කාටත් තෙරෙන දෙයක් තමයි වායුගෝලය උණුසුම් වීම. දවාල‍ට AC කාම්ර වල ඉන්න හන්දා සමහරුන්ට හොදයි. ඒත් හැමෝටම නෙමෙයි. ඉස්සර වගේ නෙමෙයි දැන්. වහින කාලෙට වහින්නෙ නෑ. පායන්න ඔනෙ කාලෙට අකුණු ගහ ගහ වහිනවා. ගංවතුර තියෙන්න ඔනෙ කාලෙට විදුලි බල නිෂ්පාදනයට අවශ්යපය තරම් වතුර නෑ කියල කරන්ට් කපනවා. මිහිතලය උණුසුම් වෙලා. දේශගුණික විපර්යාස ඇතිවෙලා. එක්සත් ජාතින්ගෙ සංවිධානයෙ නිශේධ බලය හිමි රටවල් ඇතුළු ලෝක බලවතුන්ගෙ අදුරදර්ශී කාර්මික ආර්ථිකය හන්දා බලපෑම් එල්ලවෙන්නෙ හැමදාමත් අපි වගේ පොඩි රටවල් වලට.

හැම අවුරුද්දකම වගේම ජනාධිපතිතුමා, විශය භාර ඇමතිතුමා, අගමැතිතුමා ජගත් මිහිතල දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කරයි. තවුරුත් ඒ ගැන අවධානයක් ඇතිවෙන එකක් නෑ.

පරිසර සංරක්ෂණය දවසකින් කරන්න පුළුවන් දෙයක් ‍නෙමෙයි කියන එක හැමෝටම දැනෙන තේරෙන දෙයක්. මිහිකත කතා කරයි වගේ තේමාවක් රැගත් මෙවර පරිසර දිනය කොළඹ විහාරමහාදේවී උද්යාදනයේ දින තුනක් පුරාවට පැවැත්වෙනවා. විවේකයක් තිබ්බොත් ගිහින් නරඹන්න.

No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...