Wednesday, June 03, 2009

අරන්තලාව...


යුද්දෙ අපි දිනල ඉවරයි. රටක් හැටියට යුද්ධෙ ආදීනව පොඩි ලමයගේ ඉදල ඕනම වැඩිහිටියෙක් වෙනකන් අත්විදල තියනවා. මම මේ කතාකරන්න යන‍්නෙ යුද්ධෙ ගැන නෙමෙයි. ඒක හන්ද නැතිවෙච්ච තවත් වටිනා මිනිස් ජීවිත වගයක් ගැන කතා කරන්න.

අරන්තලාවේදි භික්ෂුන් වහන්සේලා 31 නමක් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරල ඊයෙට අවුරුදු 22 ක් පිරෙනවා. මේ අපවත්කෙරුනු භික්ෂුන් වහන්සේලා අතරින් බොහෝ දෙනෙක් කුඩා සාමණේරයන් වහන්සේයි. ඊට අමතරව බස්රථය පැදවු රියදුරු මහත්මයත් ඉන්න‍වා. කොටි ත්‍රස්තවාදීන් වෙඩිතැබීමට අමතරව කඩු පොළු වලින් පහර දීල කපා කොටා මරා දාන්න තරම් සාහසික වෙලා තිබ්බා.

ලෝකයාගේ අර්ථ දැක්වීම් වලට අනුව ඒවා මානව හිමිකම් වලට අදාල වෙන්නෙ නෑග අද ලංකාවෙ මානව හිමිකම් ගැන කතා කරන අය වගේම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානෙ අය ඒ දවස්වල හිටියෙ අගහරු ලෝකෙ හන්දා මේ දේවල් දන්නෙ නැතුව ඇති.මේ ගැන තවත් විස්තර පහත යොමු වලින් බලා ගන්න පුළුවන්.

http://en.wikipedia.org/wiki/Aranthalawa_Massacre

http://www.freebase.com/view/en/aranthalawa_massacre

www.helabima.org/Aranthalawa.htm

මගේ ප්‍රශ්නය - මෙච්චර ඝාතන සිද්ධ කරලත් ඔවුන් බලාපොරොත්තුවුන විමුක්තිය, ඊලම ඔවුන්ට ලැබුනද?


No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...