Friday, June 12, 2009

කඩුපුලේ අසිරිය

ගෙවිල යන්නෙ ගමේ පන්සලේ පොසොන් සතියයි. ඒ වෙනුවෙන් පොසොන් කලාපයක් ගමේ තරුණ කැළ සංවිධානය කරල තිබ්බා. ඒක‍ට උදව් කරන්න හිතාගෙන මම කැළුම් මල්ලිගෙ ගෙදර ගියෙ කැළුම් එක්ක පන්සල පැත්තෙ යන්න හිතාගෙන. රෑ දහයට විතර ගෙයින් එළියට බහිනකොටම දැක්ක දර්ශණයෙන් අපි දෙන්නම කුල්මත් වෙලා ගියා. මිදුලෙ තිබ්බ කඩුපුල් මල් ටික පිපෙන්න ප‍ටන් අරන්. සාමාන්‍යයෙන් හැමදාම දකින්න තියන දර්ශණයක් නෙමෙයි හන්ද අපි පොඩ්ඩක් නැවතිලා බැලුවා.



කඩුපුල් හරිම ලස්සන හොද සුවදක් තියන රැයේම පිපිල රැයේම පරවෙලා යන විදිහෙ මලක්. කඩුපුල් මලක ජීවිත චක්‍රය ඡායාරූපත් එක්ක මේ යොමුවෙන් බලාගන්න පුළුවන්.

http://www.sundayobserver.lk/2008/10/12/Mag-10-12-pg-07.pdf

මේ මල අපට විතරක් ආවේනික එකක් නොවෙයි. රටවල් බොහොමයක මේ ‍මල් වර්ග 19 ක් විතර හොයාගෙන තියනවා. මේ මල් මුලින් Phyllocactus කුලයටත් දැන් Epiphyllum කුලයටත් අයිති වෙනවා. මේ මලේ තව මුහුන් කරන ප්‍රභේදත් තියනවා කියල තමයි අන්තර්ජාලයෙ තිබ්බෙ.

මම දැක්ක මලේ ගත්ත ඡායාරූප ටිකකුත් මේ සටහන එක්ක ඇති. මේ වර්ගයෙ විද්‍යාත්මක නාමය වෙන්නෙ Epiphyllum cartigensis හැටියටයි. ඒ මල් පිපුණු ගහ පතොක් වර්ගයට අයිති කඩුපුල් වර්ගයක්. ලංකාවෙ බොහොමයක් හැදෙන්නෙ ඒ ජාතියෙ මල් වර්ග තමයි.

Queen of the Night” කියල පිටරට අය හදුන්වන කඩුපුල් වලට ඒ නම ලැබිල තියෙන්නෙ රැයේම පිපිල රැයේම පරවෙලා යන හන්ද. ඒ සුන්රත්වය හැමෝටම දකින්න හම්බවෙන්නෙත් නෑ.

සිංහල ජනවහරෙ කඩුපුල් වලට හිමිවෙන්නෙ විශේෂ ස්ථානයක්. තඩුපුල් පිපෙන කාලෙට නාග ලොවින් නාගයන් මෙලොවට විත් කඩුපුල් මල් නෙලා සිරිපා වදින්න යනවා කියන කතාව සිංහල සාහිත්‍යයේ දැක්වෙන්නෙ මෙන්න මේ විදිහටයි.

දෙවියෝ දිව මලින් - අසුරසෙන් සිත් පළොලින්

දිව නයි කඩුපුලින් - නිතින් පුද දෙති තිලෝ මුණිදුන්

කඩුපුල් මල ගැන මෑතකදි හොද ජනප්‍රියත්වයත් ලබපු ගීතයක් තමයි චන්දන ලියනාරච්චි මහත්තය ගායනා කරපු කඩුපුල් මල් දේවතාවී. කඩුපුල් මලක් පිපෙනව බලන් ඉදල ඒ ලබපු අත්දැකීම තමයි ඒ විදිහට සිංදුවක් වෙලා එලියට ආවෙ. (අවාසනාවකට පද රචනය කරපු මහත්තයගෙ නම මතක නෑ. මතක විදිහට නම් චන්න ජයනාත් මහත්තය වෙන්න ඕනෙ). නෙළුම් මලේ නිල් පාට දුන්නොත් මම කඩුපුල් මලක් දහවලේ පුබුදු වන්නම් කියන්නෙ ක්‍රිශාන්ත එරන්දක මහත්තය. ඒ නිලුපුලේ නිල දෙන්න මට.. මම කඩුපුලක් පුබුදුවමි දවාලක කියන ගීතය ඔස්සේ. ඒ කියන්නෙ කඩුපුල් පිපෙන්නෙ රෑට විතරමයි කියන එක. (නමුත් මැක්සිකෝවේ ශීත කඳුකරවල වැඩෙන Epiphyllum විශේෂයේ මල් පිපෙන්නේ දහවල් කාලයේදී ය. )

ඡායාරූප කිහිපයක් ගත්තට පස්සෙ මමයි කැළුම් මල්ලියි පන්සල් ගියා. අපි ආපහු එන‍ කොට පාන්දර තුනට විතර ඇකි. මලේ අවසාන හරිය. එෟක පරවෙමික් තමයි තිබ්බෙ. එත් කමක් නෑ. කාලෙකට පස්සෙ සුන්දර දෙයක් දැක්කනෙ. හිත සන්තෝස වෙන්න ඒ හොදටම ඇති.




4 comments:

manjula said...

Another grate work, which really help us to know about a very rare flower.

It took me to my childhood memories– a long time ago – The day I saw this flower for the first time. It was in one of our neighbor’s place and I still can recall that day. We were amazed with the fragrance of the flower and little I was really surprised with the lifecycle of the flower. White is my favorite color and the bright white color it is much more emphasized in the dark. On that day there were 11 flowers. Believe me! You can just imagine how beautiful it was! Unfortunately we didn’t have a camera or we forgot to get a photo of that. But still have that sweet memory – And sadly I didn’t get another chance to experience such a situation.

Deepika said...

Nice post Achira. You found so many things about Kadupul flower. One year back in time I need the Scientific Name for kadupul. I try to find every where. But couldn't find b'coz there are no valuable articles about this topic. Thankx Achira.

Channaka Rathnayake said...
This comment has been removed by the author.
Channaka Rathnayake said...
This comment has been removed by the author.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...