Saturday, November 12, 2011

පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලි


ඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය.
මම ඔහු සමග මදක් සිනා සී ඇයි දැයි ඇයි ඇසුවෙමි.
"ඇතුලෙ දියේ ගිලිච්ච එකක් කපනවා මාර සැරයි" 
ඔහු පිළිතුරු දුන්නේය.
නැවතත් ඔහු මිනී කාමරය වෙත ගියේය.

විනාඩි දහයක් පමන ගතවිනි. මම තවමත් එතැනය.ඔහු යලිත් දොර ඇර එලියට පැමිණියේය. මම නැවතත් මලානික සිනහවක් පෑවෙමි. මෙවර ඇයි කියා ඇසුවේ ඔහුය.

"අර පොඩි බබාගේ බොඩි එක කපන්න ගත්තද? " 

මම විමසීමි. මදක් වෙනස් මුහුනක් මවාගත් ඔහු
"දැන් ගත්තේ ඒක තමයි ඇයි?"

කියා නැවතත් මගෙන් විමසීය.


"මම බබාගෙ තාත්තා. කපන්න කලින් මට බබා බලන්න පුළුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මම දොස්තර මහත්තයාගෙන් අහල එන්නම්" 

කියු ඔහු දොර වසා නැවතත් මගේ දෑස් මානයෙන් නො‍පෙනී ගියේයෙ. මද වේලාවකට පසු ඔහු පැමිණියේ බලාපොරොත්තු සහිත මූණක් දල්වාගෙනය.

"ඔයාට විතරක් දොස්තර මහත්තයා එන්න කිව්වා"

මම ඔහු සමග පසු පසින් ගියෙමි. ජීවිතයේ පළමු වරට මිනී කාමරයක් නැත්තම් මෝචරියක් මැද්දෙන් ජීවිතයේ පළමු වතාවට ගමන් කරන්නේ පොඩි බබෙක්ගේ මිනියක් කපනවා බැලීමටයි. ඒ දරුවා මගේ ලෙයින් මසින් සෑදුනු අයෙකු වීම තවත් දරාගත හැකිද?

මම පශ්චාත් මරණ පරික්ෂණ කුටියට පැමිණියෙමි. විශාල මේසයක එක් කොනක නිරුවත් මළ සිරුරක බඩවැල් බොකු එලියට අදිමින් සිටින රෝහල් සේවකයන් දෙදෙනෙකි. ඒ මේසයේම කොනක කුඩා ඉඩක රෙදිකඩක එතූ මගේ කිරිකැටියා නිසොල්මන්ව සිටී.

දොස්තර මහත්තයා හැගීම් තොරවූ මුහුණකින් මා දෙස බලා සිටී.

"මේ ඉන්නෙ බබා"

ඔහු යන්තම් පැවසුවා මට මතකය. අනේ රෝස පාට අත පය. එක වරම මගේ මතකය මාස හත අටකට දිව ගියේය. පළමු ස්කෑන් පරීක්ෂණයේදී දොස්තර මහතා ඡායාරූපයක් පෙන්වා

"මේ දරුවාගේ තියෙන්නෙ තාත්තගෙ නහයමයි" 

පැවසූවා විගසින් මතකයට පැමිණියේය. ඔව්. ඒ නහයම තමයි. මේ මගේ කිරි කැටියාම තමයි සිතා ඒ මුදු මුහුණ ස්පර්ශ කලෙමි. ඊට කළින් දොස්තර ක්‍රියාත්මක වී මගේ අත අල්ලා ගත්තේය.

"බබාව අල්ලන්න එපා"

ඔහු කියයි. මේ මගේ ලමයා. එයා එපා කියන්නෙ කොහොමද?

"මම එහෙනම් බබාගෙ පොටෝ එකක් ගන්නද?"

වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවුනත් මට සිතුවිල්ලක් පැන නැගුනි.

"එපා පස්සෙ ඔයාටම දුකක් වේවි"

දොස්තර යලිත් පැවසීය.

"ජීවිතේ හැටි ඔහොම තමයි !..... "

තවත් ගොඩක‍් දේවල් දොස්තර කිව්වද ‍කොහෙද?

තවත් එතන සිටීම පලක් නැති බැවින් මම පැත්තකට වූවෙමි.


"ඔයා දැන් බබාව බැලුවනෙ. දැන් එළියට යන්න. තාත්තල ලග ඉන්නකොට බබාලව කපන්නෙ නෑ"

දොස්තරගේ කරුණාවන්ත වදන් හමුවේ දිගු සුසුමක් හෙලා මෘත ශරීරාගාරයෙන් එළියට ආවෙමි.

23 comments:

Asanga said...

මේ ඔබ දන්නා කෙනෙකුගේ අත්දැකීමක්ද? හදවත කම්පා කරන වදන් පෙළක්

Achira said...

සති දෙකකට කලින් මගේ අත්දැකීමක්

Desertfrog said...

ඇයි ඔහොම ලීවෙ.
මගේ පුතා කියල......

නදී said...

ගොඩක් දුක හිතුනා.

තාරක Dilsh@n said...

මගේ සංවේගය.

"ජීවිතේ හැටි ඔහොම තමයි !..... "
ඒ ටික ඇතිද ඔය හිත හදාගන්න..

කමක් නෑ "ජීවිතේ හැටි ඔහොම තමයි !..... "

හිම හංසි said...

පව් දෙය්යනේ.මේ ලෝකෙ කාටවත් ඔය වගේ දුකක් නම් වෙන්නෙපා

ප්‍රාර්ථනා said...

අපේ අයියගේ බබෙක් මාස් තුනෙන් නැති වුනා,. එදා තමයි මට මේ වේදනාව මුලින්ම දැනුනේ, එයාලගේ පළවෙනිම බබා ඒ,. ඒ පුංචි අත් දෙක එකට බැඳලා පුංචි පෙට්ටියක දාල තියෙනවා දකිද්දි දැනුන වේදනාව කියාගන්න බෑ,.

ගැටයා said...

මොනව කියන්නද කියල හිතාගන්න බෑ

ඊ මේල් කවිකාරි said...

I cant see the post. why is that?

Achira said...

sister, may be due to technical reason. all others can see this.

තිස්ස දොඩන්ගොඩ said...

උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී...
තේ සං වූප සමෝ සුඛෝ....

දුක බොහොමයි කියෙව්වට පස්සෙ - මමත් පුතාලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්

නමුත්..

මරණය නැවත මතක් කරගන්න අපට නිමිත්තක් නේද - අල්ලන්නත්, බිලිඳු සිරුර සකස් කරනවා බලන්නත් එපා කිව් එකේ කොපමණ අරුතක් ඇද්ද? මේ සැම අල්ලාගන්නා, බලනා අපට?


[පිටුව ලෝඩ් වෙන්න වෙලා යනවා - ටෙම්ප්ලේට් එක ලෝඩ් වෙන්නේ හෙමින් මයෙ හිතේ - පිළියමක් යොදන්න බලන්න]

Achira said...

ටෙම්ප්ලේට් එක වෙනස් කරන්නම් තිස්ස අයියෙ. මේ දවස් වල හිතට නිදහසක් නෑ ඒ වගේ දේකට වත්.

මධුරංග said...

මොකෝ මෙහෙම දෙයක් ලියන්න හිතුනේ.
දුක හිතෙන සීන් එකක්

mier said...

මේ ලෝකේ හැමදේම අනිත්යයයි කියපු බුදු බණ ඔබේ සිතේ දුක අඩු කර ගැනීමට උපකර වේවා.

mier said...

මේ ලෝකේ හැමදේම අනිත්යයයි කියපු බුදු බණ ඔබේ සිතේ දුක අඩු කර ගැනීමට උපකර වේවා.

Bunny said...

මෙහෙම එව්වා ලියන්න එපා.. මං නම් අහන්නත් ආස නැ.. :(

අසුරයා said...

හැමෝටම වගේ මටත් දුකයි. මොනා කරන්නද ඉතින්. ආයෙ කවදාවත්ම මෙහෙම ලිපියක් ලිවීමට නොලැබේවා!

APR said...

දරා ගැනීමට අමාරු සිදුවීමක්. මාව සුලු මොහොතක් නිරුත්තර උනා. ජීවිතය ඔහොම තමයි. ඔබේ ඉදිරිය සුබ වේවා යයි පතනවා. යම් යම් අඩු පාඩු නිසා, දරුවන් නොමැති අය කොතරම් ඉන්නවද.?....... හැකි තරම් ඔය සිදුවීම අමතක කරන්න උත්සහ කරන්න.

Asanga said...

ඔබේ පිළිතුර දුටුවේ දැනුයි. මගේ දෑසට කඳුළු පිරුණා.
කොහොම වුනත් ඔබේ ආත්ම ශක්තිය ශ්‍රේෂ්ඨයි මිත්‍රයා. දරු පැටියා කොහේ හෝ හොඳ තැනක ඇති.

මකුළුවා..... said...

...............
:'(

The Modern Patriot said...

අයියේ..මම උඹව දන්න උඹත් හොදට දන්න එකෙක්. ඒත් මම මේ සිද්දිය දැන ගත්තේ අද. මේක කියෙව්වහම මට ඇති වුන හැගීම් ගැන වැඩිපුර කියල ආයෙත් උඹව අතීතයට ගෙනියන්න මම කැමති නෑ.

මාස 14කට ඉස්සෙල්ලා තාත්තා කෙනෙක් උන එකෙක් විදිහට මට මේක දැනුනේ මට සිද්ද වුන එකක් විදිහට. අයියේ උඹ බෞද්ධ දර්ශණය හොදින් දන්න, ප්‍රායෝගික බෞද්ධයෙක් විදිහටයි මම දන්නේ. අටලෝ දහම ජීවිතේ නොයෙක් තැන් වලදි අපිට සරදම් කරනවා. ජීවිතේ පරාද වෙන්න හිතින් වැටෙන මිනිස්සු නෙමේ. ආයෙත් නැගිටින්නේ නැති මිනිස්සු.

ආයෙත් නැගිටින්න උඹට ශක්තිය තියන බව මම දන්නවා. ප්‍රිය බිරිදට කොයි වෙලේවත් තනිකම දැනෙන්න දෙන්න එපා. උඹ ඉක්මනටම අර කිව්ව වගේ ලෝකෙ ඉන්න ආදරණීයම තාත්තා වෙයි. ඔය දෙපළට තෙරුවන් සරණයි.

Harshani Egodawaththe said...

ගොඩක් සංවේදී උනා :(

Uchs Health said...

mama thawama piyek nomemi. manda ma wiwaha we nometi bewin.eheth daruwan pilibada ma piyek meni. mage sahodariyan dedena wiwaha uye eka masaka parathayak sahithawa. in pasu ounge palamu daruwan pilisida genimada ekatama sidu wiya. apage satuta wedi dinak yamata pera nethi wiya. e dewana sahodariyage daru geba neti wimai. apa kampa unemu. eheth wedimal sahodariyage daruwa bihi wana bewin satutin sitimu. daruwa bihi wimata masak tibiyadi ema daruwada neti wiya. ewara nam apata daragatha noheki taramata duka wedi wiya.daruwage sirura mihidan kirimata matada yamata katha kalada mata ita sahabagi wimata hiha hada gatha noheki wiya. ada oun dedenama daruwan laba satutin pasu wei. daru weku nethi wima dara genimata oba depalata shakthiya lebewai pathamu. obage dukedi apada oba samaga duk wemu. anagathayedi newathath maupiyan wimata lebewai pathamu. oba depalata teruwan saranai!