Thursday, July 22, 2010

ගෙදර බුදුන් අසනීපෙන්

බොහොම කාලෙකින් බ්ලොග් එකක් ලියන්න තියල කියවන්නවත් එන්න බැරිවුනා. වැඩකරන තැන වැඩ වැඩිවුනා විතරක් නෙමෙයි කැම්පස් වල විභාග කටයුතුත් අම්බානකට තිබ්බා. ඊයෙත් පොඩ්ඩක් වේලාසනින් ගෙදර යන්න පුළුවන් වුනා. ගෙදර ගිහින් මගේ වැඩක් කරගන්නවා කියල හිතාගෙන. මොකද කාර්යාලයෙ වැඩ නැතිවුනාට අනිත් වැඩ තියනවා මදි නොකියන්න. සිහින සැබෑවෙන්නේ නිදාගැනීමෙන් නොව ඒ සදහා නිදිවර්ජිතව වෙහෙසීමෙන් කියන එක මම අදහන දෙයක්. ඒක හන්දා මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ.
ඊයෙ ගෙදර යනකොට ගෙදර ටිකක් වෙනස්. පාළුයි. සද්දයක් වත් නෑ. පොඩ්ඩක් විපරම් කරල බැලුව ඇයි කියල. අම්මා පේන්න නෑ. චුට්ටක් අම්මලාගෙ කාමරයට එබිල බලන කොට අම්මා ඇද උඩ නිදි.  අම්මට අසනීප වෙලා. කාලෙකට කලින් තිබ්බ අසනීපයක් ආයෙත් මතුවෙලා. අම්මට දැන් ඇවිදින්න බෑ. සමබරතාවය නැතුව ගිහින්. ඉස්සර ඉදන් අම්මා මේ ලෙඩේට බෙහෙත් ගත්තා. හුග කාලෙකින් හැදුනේ නෑ. ඒත්....
අම්මා ඉන්න විදිහ දැක්කහම මගේ ලෝකය කඩා වැටුනා. කරන්න ගිය දේවල් මුකුත් මතක නෑ. රෑට කන්න තරම් වත් සිහියක් නෑ. මේ ලෝකෙ මොනතරම් දුකක් මම ඉවසුවත් මගෙ අම්ම තාත්ත දුක් විදිනකොට මට ඉවසන්න බෑ. ඒ කොච්චර කලත් ඒ අය මාව මෙච්චර ලොකු කරල තවමත් මං වෙනුවෙන් දුක් විදිනවා.
පොඩිකාලෙ ඉදන් මගේ ජීවිතේ ආත්ම ප්‍රකාශනය වුනේ ඒ දෙන්නා. හැමදේකටම ගුරුහරුකම් ගත්තෙත් ඒ දෙන්නගෙන්. පහුගිය සතියෙදි මට මං ගැන හිතන්න අවස්තාවක් ආවා. ඒ වෙලාවෙදි තමයි මට තේරුනේ ඒ රත්තරන් මිනිස්සු දෙන්නා වෙනුවෙන් මම මොනවද මෙච්චර කාලෙකට කරල තියෙන්නෙ කියල. දෙන දෙයක් කාල වෙන දෙයක් වෙද්දෙන් කියල හිටියා මිසක් ඒ අය වෙනුවෙන් දැනෙන මුකුත් කලේ නෑ කියල මට හිතුනා. කොච්චර ලොක්කෙක් වුනත් (ලොක්කෙක් කිව්වට ලොක්කෙක් නෙමෙයි) තාම කන්නෙ අම්ම තාත්ත දෙන දේ නේද කියල හිතිච්ච වාර අනන්තයි.
එහෙම හිතල උදෙන්ම නැගිටල අම්මට උයන්න උදව්වෙන්න හිතුවා. සති අන්තයේ ගෙදර ඉන්න වෙලාවක නම් ඉතින් ගෙදර මිදුල අතුගානවා. රෙදි අව්වට දානවා. (ඊට පස්සෙ ඉතින් කොම්පියුටරේ ඇතුලෙ). අනේ සතියෙ දවස් වලට අම්මා ඒවත් ඔක්කොම කරල උදේ 4ට නැගිටල උයන්නත් ඕනෙ. ඊට පස්සෙ රෑ 10 විතර වෙනකන් අම්මට නිවනක් නෑ වැඩ. මේ දවස් වල උයන්න උදව් වුනා. ඒක හිතට ටිකක් සහනයක්.
ඒත් ඉතින් අද උදේ නැගිටල අම්මත් නැතුව උයන්න ගියහම තමයි උයන එකේ අමාරුව තේරුනේ හරියටම අද.
උදේ වැ‍ඩට යන්න එන්න හදනකොට අම්මා ඇදෙන් නැගිටලා පුටුවක වාඩිවුනා. හිතට මාර සන්තෝසයි. අම්ම‍ට ඉක්මනට හොද වෙයි. ඊට පස්සෙ මගෙන් වෙන්න තියන දේවල් අඩුවක් වෙන්න තියන්නෙ නෑ.... කවදාවත්ම.

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි

9 comments:

හා පැටික්කි (MS) said...

අම්මට ඉක්මනටම සුවය ප්‍රාර්ථනා කරනව.....!!!!!

Shadow/හේමලයා said...

අම්මට ඉක්මන් සුවය ලැබේවා යැයි පතනවා.......

අචිර said...

@හා පැටික්කි (MS)- ස්තුතියි නංගී

@Shadow/හේමලයා - සතුතියි මිත්‍රයා

හෙළයා said...

Dr. කෙනෙක්ට පෙන්නුවේ නැද්ද සහෝ?.
ඔබේ මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා යැයි හදවතින්ම පතනවා.

SL said...

May your mother get well soon.......

අචිර said...

@හෙළයා - කලින් ඉදන්ම පෙන්නුවා ඒත් නිට්ටාවක් නෑ.ස්තුතියි සහෝදරයා

@SL - Thankx Bro

දුකා said...

ගෙදර බුදුන්ට ඉක්මනට සුව වෙන්න කියලා පතනවා . . .

subhashine said...

ඔයාෙග් අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

අචිර said...

@දුකා - ස්තුතියි සහෝදරයා

@subhashine - ස්තුතියි සහෝදරී