Wednesday, November 25, 2009

දැක්ම...(Perception)


මේ මට ලැබිච්ච විද්‍යුත් ලිපියක්. සෑහෙන වටින ලිපියක්. සිංහලෙන් පරිවර්තනයක් ඉදිරිපත් කරන්න හිතුවෙ ඒකයි. මගේ භාෂා ඥානය ගැන සමාවන සේක්වා....

වර්ෂ 2007 ජනවාරි මාසෙ සීතල උදෑසනක වොෂින්ටනයේ උමං දුම්රිය පොළක මිනිසෙක් වයලීනයක් ආධාරයෙන් සංගීත ඛණ්ඩ හයක් විනාඩි 45ක් පුරාවට වාදනය කරමින් සිටියා. මේ කාලය පුරායට දුම්රිය පොළ හරහා මිනිසුන් දෙදහසක් පමණ ගමන් ගන්නට ඇති. නමුත් ඔවුන් යුහුසුළුව තම තමන්ගේ පාඩුවේ නිරත වුනා. වාදනය ආරම්භ වී විනාඩි තුනකට පස්සෙ මැදිවියේ මිනිසෙකු වාදකයෙක් විසින් වාදනය සිදුවන බව දුටුවා. ඔහු තමන්ගේ ගමන තත්පර කිහිපයකට නවතා එතැන නතරවී නැවතත් වේගයෙන් ඔහුගේ ගමන් ඇරඹුවා.

විනාඩි 4කට පස්සෙ

වයලීන වාදකයා තමන්ගේ පළමු ඩොලරය උපයාගත්තේ නතරවීමට වෙලාවක් නොතිබ්බ ගැහැණියක් විසින් යන ගමන් විසිකල කාසියකින්.

විනාඩි 6කට පස්සෙ

තරුණ මහතෙක් තාප්පය‍ට හේත්තු වෙලා සංගීතය රස විදින්න හැදුවත් අවසානයේ ‍සුළු මොහොතකට පසු ඔරලෝසුව දෙස දෙනෙත් හෙලා නැවතත් ගමන් ආරම්භ කලා.

විනාඩි 10කට පස්සෙ

මවත් සමග පැමිණි වයස අවුරුදු තුනක් විතර වෙච්ච කුඩා දරුවෙක් වයලින් වාදනය රසවිදීමට කැමැත්තෙන් මදක් නතර වුනත් අම්මා නැවත දරුවා ඇදගෙන යාම නිසා දරුවාට එම අවස්ථාව මගහැරී ගියා. දරුවා නැවතත් නතර වුවද සිදුවුයේ පළමුවෙන් සිදුවූ දෙයමයි. තවත් දරුවන්ටත් මෙම සිදුවීමට මුහුණ දීමට සිද්ධ වුනා.

විනාඩි 45ට පස්සෙ

වාදකයා සිය වාදනය නොකඩවා ඉදිරියට කරගෙන ගියා. මිනිසුන් හය දෙනෙක් පමණක් මද වේලාවක් නැවතී සංගීතය රස වින්දා. විසි දෙනෙකුන් පමණ මුදල් ලබාදී තමන්ගේ කටයුතු සදහා වේගයෙන් පිටත්වී තිබුනා. අවසානයේ වාදකයා එකතු කරගත් මුදල ඩොලර් 32ක්.

පැයකට පස්සෙ වාදනය නැවතුනා. නිශ්ශබ්ද තාවය නැවතත් පැමිනියා. කිසිවෙකු දැක්කේවත් අදුරගත්තේවත් අත්පොළසන් දුන්නේ වත් නෑ.

නමුත් කිසිවෙකු ඒ ලොව පතල වාදකයෙක් වන ජෝෂුවා බෙල් බව දැන සිටියේ නෑ. ඔහු වාදනය කලේ ලෝකයේ ලියැවුන අමාරුම සංගීත ඛන්ඩ කිහිපයක්. ඒ සදහා ඔහු භාවිතා කලේ ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයක්. මෙම සිදුවීමට දෙදිනකට පෙර බෝස්ටන් ශාලාවේ පැවති ඔහුගේ සන්දර්ශනයට ඩොලර් සියය බැගින් ටිකට් විකිණුනේ ශාලාව පිරෙන්න.

සත්‍යය සිදුවීම මෙයයි. ජෝෂුවා බෙල් මෙසේ අප්‍රසිද්ධ වේශයෙන් දුම්රිය පොළ වල වාදනය කලේ Washington Post පුවත්පතේ දැක්ම, කැමැත්ත සහ මිනිසුන් ගේ ප්‍රමුඛතා (perception, taste and people's priorities) පිළිබද අත්හදාබැලීමක් ලෙසයි. මෙහිදි පැන නැගුනු ප්‍රශ්නය මෙයයි.මෙවැනි පොදු තැනක නොගැලපෙන වෙලාවකදී එවැනි අත්දැකීමක් අගය කොට සැලකිය හැකිද? එවැනි කුසලතාවයක් හදුනාගත හැකිද?

නමුත් එක් වැදගත් නිගමනයක් මේ අත්දැකීමෙන් අපට ලගා කරගත හැකියි. ඒ මෙවැනි ලෝක ප්‍රකට සංගීතඥයෙකු විසින් ලොව වටිනාම සංගීත භාන්ඩ යොදා ලොව අනර්ඝ සංගීත ඛණ්ඩය වාදනය අපට මග හැරි ගියා නම් අපේ ජිවිතයේ කොපමන සුන්දර දේවල් ඉබේ මගහැරිගොස් ඇතිද?

If we do not have a moment to stop and listen to one of the best musicians in the world, playing some of the finest music ever written, with one of the most beautiful instruments ever made.... How many other things are we missing?

References

1 comment:

LG said...

Great post!