අචිර‍‍ගේ දිනසටහන්

Thursday, October 01, 2009

ලෝක වැඩිහිටි දිනය


අද ඔක්තෝම්බර් මාසෙ පළවෙනිදා.ලෝක ළමා දිනය. හැමෝම ඒ ගැන කතා කරනවා. ළමයි මල් වගේලු. ඒ මල් වගේ ළමයි ගැන පස්සෙ වෙලාවක කතා කරන්නම්. මතක තියාගන්න ඕනෙ එක දෙයක් තියනවා. ඒ අද ළමා දිනේ විතරක් නෙමෙයි. ලෝක වැඩිහිටි දිනෙත් අද. කවුරුත් කතා නොකරන දෙයක් හන්ද අද මම ඒක ගැන කතා කරන්නම්.

අපේ ගෙවල් ලග මරණ ගෙයක්. නැතිවෙලා ඉන්නෙ දන්න අදුරන නැන්දා කෙනෙක්. මේ නැන්දට ඉන්නෙ එකම පුතායි. ඒ පුතා ආදරයෙන් රැක බලාගෙන තමන්ගෙ රස්සාවත් කරන ගමන් පුතාව යහමගට අරගෙන හදාවඩාගන්න මේ නැන්දයි මාමායි දෙන්නම හරියට මහන්සි වුනා.

පුතත් හොදට ඉගනගත්තා. අන්තිමට පුතා විවාහයකුත් කරගත්තා. ඊට පස්සෙ ටික කාලෙකට පස්සෙ මේ පුතා එයාගෙ පවුලත් එක්ක ටික කා‍ලෙකට පිටරට ගියා අපේ බාසාවෙන් කියනවනම් හැදිල එන්න. ඉතින් එයා එහෙ ගිහින් හැදෙන්න පටන්ගත්තා. ඊට පස්සෙ ටික කාලෙ දීර්ඝ වෙලා දැන් එහෙ PR හම්බත්වෙලා. අම්ම තාත්ත දෙන්නම ලංකාවෙ වුනත් ලංකාවට අයිති නැති දරුවො දෙන්නෙකුත් ඉන්නවා.

තව මාස තුනකින් විතර අවුරුදු 8 කට පස්සෙ අම්මයි තාත්තයි බලන්න එයා ලංකාවට එන්න හිටියෙ. නමුත් අවාසනාවට ඒ නැන්දා අපි අතරින් සමුගත්තා. පුතා අම්මගෙ අවසාන කටයුතු වලට වත් ඒවි කියල මෘත දේහය දවස් 4ක් විතර තියාගත්තා. ඒත් එහෙම වීසා ගන්නවනම් අමතර ගෙවීමක් කරන්න වෙනවා කියල ඒ එකම පුතාට එන්න වෙන්නෙ නෑ කියන පණිවුඩය හම්බවුනේ ඊයෙ. ඉතින් ඒ අවසාන කටයුතු අද කරනවා.

ඉතින් තමන්ගෙ අම්මගෙ අවසාන මොහොතට වත් ලග ඉන්න ඒ එකම පුතාට අවස්ථාවක් නෑ. ඒ අවසාන ගෞරවය තමන්ගෙ පුතාගෙන් ලබාගන්න ඒ නැන්දට වාසනාවක් නෑ. මාස දහයක් කුසේ තියාගෙන ඉදලා ජීවිතේ නොවිදිනා දුක් විදල හදපු දරුවෙක්ගෙන් එහෙම දෙයක්වත් බලාපොරොත්තුවෙන්න වැඩිහිටියෙකුට බැරිද?

වැඩිහිටියෙකුට අද සමාජයෙන් ලබා ගන්න පුළුවන් මොනවද?

ජීවිතයේ අන්තිම කාලෙ සැනසීමෙන් ඉන්න වැඩිහිටියන්ට බැරිද‍?

ලෝක වැඩිහිටි දිනයක් පවත්වා අපි සමරන දේ ගැන දෙවරක් හිතන්න කාලය ඇවිත්.


Labels: ,

0 Comments:

Post a Comment

Links to this post:

Create a Link

<< Home