
ඔබ අප හැම දෙනාම සනත් ජයසූරිය යනු කවුදැයි ඇසුවොත් බොහෝවිට ඊට පිළිතුරු ලෙස ඔලොක්කු සිනාවක් ලබාගත හැකියි. ඒ ක්‍රිකට් ක්‍රීඩාව තුල සනත් තම ජනප්‍රියතාව දිග්විජය කර ඇති නිසයි. සනත් සහ ක්‍රිකට් නිසා අපේ පුංචි රට ලබාගත් ලොතු ජනප්‍රියත්වය තවත් දශක ගනනාවක් සදා අමරණීය වනු ඇත. නමුත් මා දැන් කතාකරන්නේ ක්‍රිකට් ගැන නොවේ. ක්‍රිකට් තරම් අපේ රටේ ජනප්‍රිය නොවුනත් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින වියදම් මෙන් කිහිපගුණයක් සිය වියදමෙන් වියදම් කර අපේ පුංචි රටේ අභිමානය ලෝකය ඉදිරියේ තබන්නට තනි පුද්ගලයෙකු දරන මහන්සිය අගය කිරීමක්. කෙටියෙන් කියතොත් ඩිලන්ත මාලගමුව, කුරුණෑගල ප්‍රදේශයෙන් බිහිවූ අති දක්ෂ මෝටර් රථ ශූරයෙක්.
පසුගිය දින කිහිපයේ ආසියාකරයේ ඇස්ටන් මාටින් තරගාවලියේ පවත්වනු ලැබූ තරග හයෙන් පහක්ම වාර්තා තබමින් ජයගත් හෙතෙම පුංචි ශ්රිලංතාවේ නාමය ජාත්‍යන්කර කලයේ රැදවීමට නැවත සමත්වුනා. පසුගිය ඇස්ටන් මාටින් තරගාවලි කිහිපය පමණක් නොවෙයි.මැලේසියාවේ පැවැත්වුනු ආසියාතික හා ජාත්‍යන්තර තරගාවලි රැසක්ම ෆෝමියුලා වන් තරගාවලියක් ද සමග ඔහු ලංකාවට කීර්තිය ගෙනත් දුන්නා. මේ සියළු තරග වලට ඔහු සහභාගී වන්නේ සිය වියදමිනුයි. රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අතුරු පාලක මණ්ඩලය නාස්ති කරන සල්ලි කන්දරාවෙන් ටිකක් මේ තනියම කාර් රේස් පදින්නා වෙනුවෙන් යොදවන්නට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයට නොසිතෙන්නේ ඇයි?
ක්‍රිකට් වලින් ලැබිය හැකි කීර්තිය “කාර් රේස්” වලින්ද ලැබිය හැකි බව ඔහු ඔප්පු කර අවසානයි. තමන්ගේ වියදමින් මෝටර් රථගෙන ඒවායේ සිංහ ධජය පින්තාරු කර තරග දිනමින් ශ්‍රී ලංකාවේ අශිමානය ලෝකයා හමුවට ගෙන යාමට කටයුතු කරන මේ ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයාට තවමත් රාජ්‍ය අනුග්‍රහය නොලැබී ගොස් ඇත්තේ ඇයි?
මේ කිසිවකින් නොසැලී රටේ අභිමානය ගැන පමණක් සිතන ඩිලන්ත වැන්නවුන් ගැන මීට වඩා සොයාබැලිය යුතු කාලයයි මේ. මගේ සටහන නිමාකරන්නේ වසර කිහිපයනට පෙර ඩිලන්තගේ ජයග්‍රහනයක පුවත්පත් වාර්තාවක් සමගයි. ඩිලන්ත ඔබට ජය.