Sunday, October 25, 2015

ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර.....


අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර ඇති ඇල්පෙනෙත්තේ සිට වාහනයක් දක්වාවූ සියළුම දේත් ඇඳුම් කැඩුම් ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම උපත් පාලන කොපුවේ සිට රත්තරන් භාන්ඩ දක්වා එකී මෙකී නොකී සියළුම දේ පහසු මුදලට සොයාගත හැකි විද්‍යුත් වෙළඳපලක් බැවින් සියළුම දෙනා ඒකෙරෙහි බැඳී සිටී.

තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් අංකය කිසිවෙකු සතු නොකර පේපැල් සේවාව හරහා වියදම් කිරීමට හැකිවීම මෙහි ඇති තවත් සුවිශේෂ පහසුකමකි. ලංකාවේ බොහෝ දෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් නොමැති කමින් පසුව ඩෙබිට් කාඩ් ඒ සදහා යොදාගැනීමට හැකිවීම ඊබේ රටේ ප්‍රචලිත වීමට තවත් එක් රුකුලක් විය.

අදවන විට ඊබේ හරහා ලංකාවට භාණ්ඩ ගෙන්වා ව්‍යාපාර කරන පුද්ගලයන් බොහෝවෙයි. බොහෝ අයිතම වල මිළ අඩුවීමත් බොහෝවිට ගෙන ඒමේ ගාස්තු නොමැතිවීමත් (Shipping Charges) වැඩි ලාභයක් ලැබීමට හේතුවක් වෙයි.

අද මා කතා කරන්නේ ඊබේ ගැන නොවේ. ඊ බේ වෙලෙන්දන් නුදුරු අනාගතයේ ලංකාවට භාන්ඩ එවන්නේ නැති වීමට හේතු කතා කරන්නයි.

ඊ බේ වලින් ඕනෑම භාන්ඩයක් මිලදී ගත් පසු එය තැපැල් මගින් ලැබීමට කිසියම් කාලයක් ගතවේ. නමුත් එය දවස් 60කට නොඅඩු විය යුතුය. ඊබේ වලින් හඳුන්වාදී ඇති මිලදීගන්නා ආරක්ෂණය කරන පටිපාටියේදී (Buyer Protection) දවස් 45 ක් ඉකුත්වූ පසු ඒ සඳහා විමසීමක් කළ හැකිය. එය නැවත නැව්ගත කිරීමක් හෝ මුදල් නැවත ලබාගැනීමක් හෝ විය හැකිය.

ඊ බේ වලදී අතීතයේදී (2011ට විතර කලින්) ලංකාවට ඕනෑම දෙයක් නැව්ගත කරනු ලැබීය. ලංකාවේ ඊබේ පරිශීලකයන් ප්‍රමානය වැඩි වෙත්ම හදවතින්ම ශ්‍රී ලාංකික අපේ අය්යලා පිටරට වෙළෙන්දන්ට පොලු තැබීමට පටන්ගත්තේ ඉහත සඳහන් කල ක්‍රමවේදය අව භාවිතා කිරීමෙනි. ඇතැමුන් භාන්ඩය ලැබුනත් නැතත් වෙලෙන්දාගෙන් නැවත මුදල් ලබාගත්හ. (Refund) ඇතැමුන් භාන්ඩය නොලැබුන බව කියා දෙක දෙක ගෙන්වාගත්හ.

මෙය තව දුරටත් ඉවසා සිටිය නොහැකි සෙලර්ස්ලා ලංකාවට නැවුගත කිරීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ භාන්ඩ වල විස්තරවල ඉතාමත් පැහැදිලිව Does Not Ship to Sri Lanka යනුවෙන් අදටත් දක්වා තිබේ.

කාලය මෙසේ ගෙවී යද්දී මීලඟට ඇතිවූයේ ලංකාවේ තැපැල් ප්‍රමාදයයි. වරෙක සිංගප්පූරුවෙන් ඇනවුම් කල භාණ්ඩයකට ශ්‍රී ලංකාවේ තැපෑලෙන් තැපැල් මුද්‍රාව වැදීතිබුනේ ඉන් හරියටම දින දෙකකට පසුවය. නමුත් එය නිවසට ලැබෙන විට මුද්‍රාවෙන් දින 5ක් ගෙවීගොස් තිබුනි. සිංගප්පූරුවේ සිට සැතපුම් දහස්ගනනක් ගෙවා දිනකින් ලංකාවට ආ භාන්ඩය කොළඹ සිට සැතපුම් 12ක් දුරින් ඇති නිවසට ඒමට දින 5ක් ගොස් තිබුනි.

ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ලියුම් ප්‍රමාදව බෙදා දීම හා ලියුම්/භාන්ඩ නැති කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ඊ බේ ලංකාවේ ජනප්‍රිය වීමත් සමගම නිවසට ගෙන එන ලියුම් වල වෙනසක් බොහෝ තැපැල් සේවකයන් අත් දකින්නට ඇත. කුඩා මුද්‍රා තැබූ ලියුම් කවර තුල කුමක් හෝ සුරුකුත්තමක් අඩංගු යයි ඔවුන් තීරණය කරන්නට ඇත. එක ගෙදරකට ඒ වාගේ ලියුම් 5-6ක් යන විට එකක් දෙකක් අඩුවුනාට එච්චර ගානක් නැතැයි ඔවුන් සිතන්නට ඇත.

මේ නිසා නොලැබෙන භාන්ඩ වෙනුවෙන් නැවත මුදල් ලබාගැනීම නිසාත් Seller ratings ලබා නොදීම නිසා අමාරුවේ වැටුනේ භාන්ඩය නැව්ගත කල වෙලෙන්දාමය. බඩුත් නැති කරගෙන අමතරව ලාභය මෙන්ම භාන්ඩ පිරිවැයද ආපසු ගැණුම් කරුට ගෙවන්නට සිදුවීමෙන් පාඩු විඳින්නේ ඔහුය. ඉතින් ඔවුන් නැවතත් ලංකාවට භාණ්ඩ එවන්නේ නැතිය.

තවමත් ලංකාවට නැව්ගත කරන වෙලෙන්දන් දැන් කරන්නේ Tracking Number එකක් ලබාදීමයි. මෙය ඇත්තෙන්ම සාර්ථක ක්‍රමයක් විය. (ඉස්සරත් තරමක් ගනන් භාන්ඩ වලට 20$< Tracking Number තිබූ නමුත් දැන් 1$ භාන්ඩ වලටත් මෙය ලබාගත හැකිය). භාණ්ඩය ඇත්තටම ඇත්තේ කොහිදැයි වෙළෙන්දාට මෙන්ම ගැනුම් කරුටද මෙමගින් බලාගත හැකිය.

මාස කිහිපයකට කලින් මම විසින් ඇනවුම් කල ප්ලාස්ටික් කෝප්පයක් ඉන් දවස් 45ක් ඉක්මගිය පසුත් මා හට නොලැබුනි. ඒ ගැන Tracking Number පරික්ෂාවක් සිදුකල පසු දැනගන්නට ලැබුනේ එම කෝප්පය ඉන් මසකට පෙර ලංකාවට එවා ඇති බවයි.

ලංකාවට පැමිනෙන තෙක් ඉතාම පැහැදිලිව Tracking Number එක යාවත්කාලීන වී තිබූ නමුත් ලංකාවට පැමිනි පසු එහි තවදුරටත් සටහනක් නැත. අපි අදීන ජාතියක් නිසා ඒවා යාවත්කාලීන කලයුතු නැත.

අවසානයේ මම Seller ratings ලබාදී පාඩුව මමම විඳගතිමි. ලංකාවට තවමත් භාන්ඩ එවන සෙලර්ස් ලාට ප්‍රශ්නයක් නොවන්නට Tracking Number එක ඉතාමත්ම වැදගත්වේ.

දැන් ප්‍රශ්නය ඇත්තේ ලංකාවට ගෙන ආ භාන්ඩය කෝ යන ප්‍රශ්නයයි. ඇතැම්විට අස්ථාන ගතවන්නට ඇත. නැත්තම් මේක බහිරවයාගේ වැඩකි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් නිසා දැන් නැවතත් ඊ බේ අර්බුධයක් හටගැනීමට පටන්ගෙන තිබේ.
කුමක් හෝ හේතුවක් නිසා ඊ බේ වෙලෙන්දන්ගෙන් ලාංකික ගැනුම්කරුවන් කොන්වේ. තවත් ටික කාලයක් මෙය මෙලෙසම සිදුවුවහොත් ඊ බේ ඉබේ නතරවනු ඇත.

63 comments:

networkdisa said...

ලංකාවෙ ඉන්න සම-හරක් කරන පිස්සු වැඩ හින්ද සාදාරණව භාණ්ඩයක් ගෙන්න ගන්න මිනිහටත් ඒකෙන් පාර වදිනව.
කාලීන ලිපියක් සහෝ...

හර්ෂණ පතිරාජ රණතුංග said...

වැඩක් නෑ මචන් කතා කරලා. ලංකාවේ Post එක වගේම මිනිස්සුත් එකයි. මම eBay Selling කරන කෙනෙක් මෙහේ. අපේ අයියලා ආපු බඩුත් ආවවේ නෑ කියලා Refund එකත් අරන් බඩුත් ගන්නවා. උන් බලන්නේ තියෙන චාන්ස් එකෙන් ගාණක් හොයාගන්න. පසුවට වෙන දේවල් ගැන හිතන්නේ නෑ. දැන් මාස 2ක විතර ඉඳන් දාපු බඩු ලංකාව වටේම ගොඩක් අයට ඇවිත් නෑ. ඒකට හේතුව කියලා ගොඩක් අය කියන්නේ SL Post එකෙන් ඒවා Track කරන්න හෝ Tax එකක් Add කරන්න System එක තවම කරලා නැති හන්දා එවන්නේ නැතුව තියන් ඉන්නවා කියලා. SL Post උන් ඒ ගැන Inform කරන්නෙත් නෑ. මේ මාස 2ට ලංකාවෙන් පට්ට ගොඩක් Refund ඉල්ලලා කේස් ඇදලා ඇති. මම මගේ ඒවා එකකටවත් ඉල්ලුවේ නෑ අපේ රටේ එවුන් ගැන දන්න හන්දා. මම ඒ Sellerලට මේ ගැන කියලා Message එකක් දාලා තිබ්බා කෝකටත් කියලා. එපා වෙලා තියෙන්නේ මචන් ලංකාවයි ඒකේ ඉන්න උනුයි දැන්නම්. ලොකු එකාගේ ඉඳලා පොඩි එකා දක්වා හොරු ඉන්නේ දැන්. කොහොම තිබ්බ රටක්ද මචන් මේක... :(

Unknown said...

වැඩක් නැ කතා කරලා , මම බඩු ගොඩක් ගෙනාපු sellers ලා දැන් ලංකාවට එවන්නේ නැ ..ලගදි දාපු බඩු දැන් මාසයක් මාසයක් වඩා වැඩි ..තාම නැ ...මන් හිතන්නේ තව ටික දවසින් ebay ලංකාවට එවන එකක් නැති වෙවි..

Sandamal said...

Can u tell me how to use the tracking number to track the item

Achira said...

@Sandamal Seller will provide you the tracking number after he ships the item. Most of the time they will update the POST that they used to ship. (Most of the sellers use China Post/Hong kong post). Just google the "China post tracking number"or ask from the seller to tracking URL. Go to Link and just copy paste your tracking number. It will show you the item tracking history.

Isuru Perera said...

Sirawatama ape un digatama me widiyata weda keruwoth ebay 1ke inna kauruth lankawata ewanne nathi wei. US sellersla kohomath lankawata shil karanne nae ne. Chinese sellerslath me widiyata lankawa exclude karapu data ahinsaka apitath bade para thamai.

Unknown said...

දන්නෙ නැති නිස අහන්නෙ ,
DHL/GHL වගේ එකකින් එවුවොත් අපේ ගෙදරට ඒව එන්නෙ DHL/GHL එකේ කෙනෙක්ගෙන්මද , එහෙම නැත්නම් සාමාන්ය ලියුම් ගේන කෙනාගෙන්මද

twimalasuriya said...

e-bay වලින් ගන්න දෙවල් ගෙදරට එන්න යන කාලය මාස දක තුනක සිට සෑහෙන්න වැඩියි කියා මටත් දැනුනා. ඉස්සර දින 20 කින් පමන ලැබෙනදේම එම වෙලෙන්දාගෙන්ම ලබා ගන්නාවිට දැන් දින 40 පමන ගතවෙනවා.

Unknown said...

Machan mama eBay eken drone ekak gennanna haduwe.tax eka ewatath wadinawada?mama me lagadi order karapuwanm awa.but podi circuit ekaknm awe na.ewata tax wadinawada?

Unknown said...

If the Lankan buyer's ratings are good they will send the goods. Cause they will know the the Man is genuine.

Mind Therapy - Open universe said...

සිරාවටම මචන්. මම ඒත් බැලුව වෙනද වගේ නෙමෙයි දැන් එන්න එන්න ගෙන්නන ඒවා පරක්කු වෙනවා. ඒත් චෙක් කලාම ඒවා ලංකාවට ඇවිත්.මමත් දෙතුන් පාරක්ම ඔය වගේ ලැබිල නැතුවත් Good Feedback දුන්න. අපේ උන්ගේත් වැරැද්ද තමයි ඉස්සරහ ගැන හිතන්නේ නැතුව ආවේ නෑ කියල එක්කෝ Refund කර ගන්නවා. නැත්තන් තව එකක් ගේන්න ගන්නවා. මෝඩයන්ට ඉන්ටර්නෙට් ලැබුනම ඔහොම තමයි. එකෙක් මා එක්ක තරහ උනත් ඕක තේරුම් කරලා දෙන්න ගිහින්. මුන් වගේ කාලකන්නි නැති උන කාලෙක තමයි ලංකාව දියුණු වෙන්නේ. හම්බෙන පඩියට හරියට වටිනාකමක් දෙන්න බැරි මිනිස්සු. සිරාවටම තෑන්ක්ස් මචන් මෙහෙම පොස්ට් එකක් දැම්ම එකට.

සයිබර් කදමල්ල said...

ලංකාවේ ඉන්නා උන් ගැන කතාකර වැඩක් නැත. තැපැල් දෙපාර්තමේන්තුවේ ඉන්නා උන් ඊට වඩා පට්ට හොරුය. නමුත් මෙහෙම දෙයක් තිබේ. කොලබට වඩා හොරකම් සිදුවන්නේ කොලබට පසුවය. එය 75% කම සුවර්ය. ට්‍රැකින් කර එන පාර්සල් නොලැබෙන්නේ නම් වහාම විමසන්න මේ දුරකථන අංකයෙන් කාර්යාල වේලාවන් තුලදී. 0112320700. නමුත් සමහර සෙලර්ලා බොරු ට්‍රැකින් අංක එවයි. එවා ඔවුන් විසින්ම යාවත්කාලීන කරයි. ඒවායේ මුලට හෝ අගට ඉංග්‍රීසි අකුරු දෙකට වඩා වැඩි හෝ අඩු ගණනක් තබේ. එවා බොරු ඒවාය. හැමවිටම ට්‍රැකින් අංක සහිතව පාර්සල් ගෙන්නා ගන්න. ට්‍රැකින් අංක සහිතව එන හැම පාර්සලයක්ම ඔඩිට් වේ. ඔඩිට් වීමට මාස පහ හයක් පමණ වුවද ගතවේ. ඒ නිසා තමයි පොතේ අත්සන් කරලා පාර්සලය භාර දෙන්නේ. පසුව තැපැල් කාර්යාලයට කොලබින් ෆෝරම් එකක් එවනවා. එකට බාරදුන් රිසිට් එකේ කොපියක් අලවා යැවිය යුතුය. මෙය ඉකමනින සිදු වුව වුවත් සිදු වන්නේ පරක්කු වෙලය. නමුත් පරක්කු වී හෝ සිදුවන නිසා හොරකන් කරන වුන්ට දඩ කන්නට සිදු වේ. එය සර වන්නේ අපි පැමිණිලි කලොය්ත් පමණි. ට්‍රැකින් අංක නැති ඒවාට මෙසේ ආරක්ෂාවක් නැත.

hello said...

https://www.facebook.com/photo.php?fbid=110461185981440&set=a.100742290286663.1073741829.100010526760699&type=3

Kasun Hasanka said...

SL POST කියන්නේ මහා ජරා ගොඩක් , කිසිම වගකීමක් නැ , පර්සලයක් දාන්න ගියත් එපා කරවනවා , උන්ට ලියුම් අවත එකයි නාවත් එකයි , අපි ගන්න හාල්මැස්ස ගේ ඉදල කිරිපිටි පැකට් එක දක්වා ගෙවන බදු වලින් උන්ට පඩි ලැබෙනවා නේ ....

Roshanherath said...

එක සෙලර් කෙනෙක් හිටියා ඕඩර් කරන ඕනම දෙයක් දවස් 7 යන්න කලින් ට්‍රැකින් නම්බර් එක්කම ගෙදරටම එවන. කාලයක් යද්දි ඒ මිනිහට අපේ උන් පොලු තියලා. ලැබුන් නෑ කියන්න අරන්. දැන් ඒ සෙලර් ලංකාවට බඩු එවන් නෑ.

එක සෙලර් කෙනෙක් හම්බුනා දවස් 30 විතර යද්දි මම කීවම බඩු ලැබුනෙ නෑ කියලා තව ටිකක් බලන්න කීවා. දවස් 45 ලං වෙද්දි ට්‍රැකිං නම්බර් එකක් දුන්නා. ඒකෙ පුදුමෙ කියන්නෙ ලංකාවට ඒ මිනිහා දවස් 30 යන්න කලින් එවලා, ලංකාව ඇතුලෙත් අපේ ගෙදරට ලගම තැපැල් කාර්යාලයටත් ට්‍රැක් කරලා. හොයලා බලද්දි දන්නෙ ඒ සයිට් එක බොරු ට්‍රැකිං නම්බර් දෙන්න ප්‍රසිද්ද එකක් කියලා. ඒ ගැන කතා කරද්දි තව බලන්න කිය කිය පරක්කු කරලා ඊබේ එකට පැමිණිලි කරන්න පුලුවන් කාලෙ පහු කෙරෙව්වා. ඊට පස්සෙ මම ඒ සෙලර් ගෙන් තබ එකක් ඕඩර් කරලා තැපැල් කරා කීවම මැසේජ් එකක් දැම්මා මට කලින් එකේ රිෆන්ඩ් එක ඕන කියලා. මිනිහා ඒක අදිමදි කරද්දි මම කලින් ඕඩර් එකේ විස්තරත් එක්ක ඊබේ එකට දානවා කියලා යැව්වා. රිෆන්ඩ් එකත් හම්බුනා ඕඩර් කරපු දේ හම්බුනාට මීටර් දෙකක් දිග කේබල් එක වෙනුවට තිබුනෙ අගල් 6 දිග කේබල් එකක්.

Unknown said...

කතාව නම් සහතික ඇත්ත මේ යන විදිහට නම් ඉබේම නතර වෙයි තමයි.

fdas said...

තැපැල් හොරු එක්කනෙ බැරි.....

madawa jayathilaka said...

Mama dapu baduth godak awe na. Eth mama me gana danagana hitiye na. Mama complain karama Mata mony dala tibba. Bohoma sthuthiy apiea danuwathkalata . Apita mewa courier service ekakin ganwa ganna barida.

Achira said...

@ Pasan Jayasinghe DHL/GHL දාල ගේන්න පුළුවන්. එතකොට ගේන්නෙ DHL/GHL එකෙන් මයි. ප්‍රශ්නෙ තියෙන්නෙ වියදම වැඩි එක
@ H.G.D.Pasindu Lakshan හුඟක් වෙලාවට Tax වදිනවා. ඒත් එකපාරක් මම ඕඩර් කරපු කැමරා ෆ්ලෑෂ් එකක් ටැක්ස් ගෙවල ගන්න වුනා. ඊට පස්සෙ දැම්ම එක ඊටත් වඩා ගනන් එකක්. ඒත් ඒත ගෙදරටම ආවා. ටැක්ස් ගහන එකටත් හරි විදිහක් නෑ තේරෙන විදිහට
@ Gamu Sumith But we need to contct him first. other wise we cannot prove :(

Achira said...

@සයිබර් කදමල්ල - ස්තුතියි මේ දේ ශෙයා කලාට. නොදැන හිටපු දෙයක්

සයිබර් කදමල්ල said...

හැබැයි හැම වෙලාවේම කෝල් කරලා කරදර කලොත් ඕකත් ඩිසේබල් කරයි. ලංකාවේ එවුන්ගේ හැටි එහෙම නේ. අඩුමගානේ දවස් 45ක් විතරවත් බලන්න. ඉස්සර නම් දවස් 30ත වැඩ අනිවාර්යෙන්ම ගිය. දැන් නම් එහෙම නෑ. නමුත් ට්‍රැකින් කලොත් අනිවා ලැබෙනවා. ගමේ ගොඩේ පොස්ට්මන් ලා දන්නේ නෑ පස්සෙන් ෆලෝ කරනවා කියලා. උන් උස්සනවා. දන්නා එකෙක්ගේ වැඩත් තහනම් උනා.

Unknown said...

Apith sadarawa wada karanawanam godak hodai. eth lankawe post eka nam walma wal. katha karala waak na.

chathu said...

මම eBay එකෙන් බඩු ගේන කෙනෙක් නෙවේ. Ali-express එකෙන් ගේන්නෙ. ඒකෙ 90%ක් බඩු එවන්නෙ Tracking එක්ක. ඒත් ටිකක් ලොකු පෑක් එකක් ආවොත් ඒක අනිවාර්යෙන් කඩල, පෑක් එක කෑඩිල තිබුනෙ කියල සීල් එකකුත් ගහල. තෑපෑලෙ වෑඩකරන උන්ට වටිනව කියල තේරෙන බඩුවක් ඕඩර් කරල ගෙදරට ආවොත් ඒක දෑන්නම් පුදුමයක්. මුන් රටම කනව.

Unknown said...

Oyala ebay walin baanda genwagena tibeda.eyata mudal gewea araksha kaarida.ewa genwa ganne keseda.

Unknown said...

Oyala ebay walin baanda genwagena tibeda.eyata mudal gewea araksha kaarida.ewa genwa ganne keseda.

Unknown said...

post office eke un ussanne mageth item deka 3k nethi una tracking wala penanawa lankawata awith

Rey Maduwantha said...

සිරාවට අපේ එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ amazon.com එකත් ලංකාවට නැත්තේ ඕක නිසා තමයි.

Unknown said...

100% u r carrect.

Unknown said...

great article mate.this is the voice of all honest SL buyers.great.thanks.

Unknown said...

great article mate.this is the voice of all honest SL buyers.great.thanks.

Unknown said...

Ebay එකෙන් ගන්නවනම් ඔයා seller ඉල්ලුවොත් එයාලා එවනවා එත් ගොඩක් ගාන වැඩියි.

Unknown said...

මම නම් ගොඩක් දුරට free shipping එවා ගන්නේ නෑ. එතකොට කොහොමත් බඩු ෂුවර් නෑ. මමත් ඇඳුම් දැන්මා තවම නෑ. Sellerගෙන් ඇහුවම එව්වා කියනවා. දැන් මාස 2ක් වගේ වෙන්නත් ලඟයි. මේ රටේ ඉන්න නුගතුන් එක්ක අපිට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්නත් බෑ. තමාට අවංක වෙන්න ඕනේ. හැම දෙකින්ම වාසියක් ගන්න බලන්නේ. මම ලොකු ගණන් එවා ගෙන්න ගන්නෙ shipping charges තියෙනවනම් විතරයි. බුදුසරණින් එවා නම් ලැබිලා තියෙන්වා වේලාවට.

ayya said...

dear, address 1 hariyate feed karannna.post office eka thiyenawa recever name eki ,city 1 withark thiyane e bay pracl godak.ewa retun karapuwame yanne central mail. passe oction karanewa.so post 1 bannin kalin oyalage wade hariyate karanna.

Unknown said...

Tracking number 1n track karaganna widiya man danne na. danna kenek innawa nam tikak kiyanna puluwan da?loku help 1k

Unknown said...

aththa kathawa bro vehicle accessories item wala Does Not Ship to Sri Lanka thiyanawa. eBay eken USD 402 ganna puluwan car audio eka lankawe RS:85000 withara wenawa.

dinesh darshaka said...

Oya hariyatama horu kawda kiyala nodana department ekatama ehema kiyana eka waradi.horu inna puluwan namuth awankawama sewaya karana minissuth godak inawa.mama mehema kiyanne api meke wada karana keneknisa.api witharayi danne oyalage package eka gedarata ewanna mahansi wena tharam.me department eka minissunta godak sewaya karana thanak.

Unknown said...

Man dapu Badu karadarayak nathuwa labana samahara awa estimated date akata kalin labuna

World Celebrities said...

ow dan post eke enna wenadata wada kal yanawa.muladi post man hina wela parcel dunne habai dan denne orawagena.nikan indala salli aran puruduwela wada enakota inna ba

Unknown said...

eBay gana hariyata danna boho dena dan hariyata katayuthu karana namuth atham gon athal ganna kihipa deneku tawamat hora sauththu wada karai. Lankawe inna balu wada karana hariyata wadak karagatha nohaki loku rakiyawa pawa hariyata itu nokarana maha ekalage puthala mese sidu karamin maha ekage parema gaman kirima sri lankika yana jathiyata nowenas kala haki awenika wu ekaki. Ewan samayaka bohosein hari hati eBay gana danagath eBay pariharanaya karana awanka pirisak bihiwemin sadarana lesa banda anawum karana vitapara karana pirisak bihiwemin lankawe namaya nawathath hoda karamin idiriyata yama arabi wadi dawasak wuye natha Sri lankawe gon thapal sewawa nawatha eya kada bida dama sunu visunukota thapal banda radawa ganimin boho dena kampawata pathkaleya. Soya bala katayuthu kala aya hethuwa danagattat lakshayak hirawi ati parcel walin 50%k pamana danatamath refund illa ati bawa noanumanaya. eBay lankawata nawatha thitha thabimata atte tawa itha sulu kalayaki. Wagakiwayutte kisiwekut nowei sri lanka athyawashya thapal sewawa saha rajayai. Kawru kese kiwat atta katha kala yuthuya. Mona gatalu tibunada mahinda mamage rajayen kisima dinaka eBay badu parakku kale natha. Eyata sthuthi karamu. Danwat adala ekala kriya marga gena me thathway ikmanin ahawara karathai balaporottu wemu.

Aug masaye sita mahata nopamini parcel ganana 26ki
Watinakama Rs. 24000ki
Tracking sahitha parcel ganana 19ki siyalla niyama akarayen Lankawata pamina thibe.

Ada ada mathuwena katha anuwa dan paminena parcel wiwurtha kota atha. Esema ewaye tibu banda 2k athnam atte ekaki.

Mula sita me dakwa pramada wu badu gana thorathuru comment me link ekenda balagatha hakiya. Mithurekuge pen drive 2n ekak nativi parcel kada ati siddiyada mehi wei.

Unknown said...

Karunakarala refund gatta hamogenma illanne mechchrai. Sadaranawa meken jeewathwena business karana ayat innawa. Itin a ayata bade pahara gahanne natuwa oyalat awanka hadawath tiyena athapaya haiyya sri lankawe anagatha tharuna parapurak wenuwen hora boru natuwa apu badu ealata apahu sellerta katha karala PAY karanna. Awanka kama thamnhe hithatat loku sahanayak wei.

sithuwili panhida said...

මෙක නම් එල පොස්ට් එකක් මම නම් අයිටම් ගන්නෙ ems එකේ එකින් ට්‍රැකින් නොම්මර තියෙනවා එකින් හොයන්න පුලුවන් මොකද අපෙ එවුන් ගෙ මෝඩ වැඩ හින්දා මම නම් කලින් ඉදලම tracking numbers පවිච්චි කරනවා නැත්නම් ඉතින් rejister post එකිත් tracking nomberස් තියෙනවා එකනම් නියමයි අපෙ සමහරු ඉන්නවනේ ලොබයෝ නිකන්ම තමා ගන්නහදන්නෙ

Unknown said...

මමත් refund අ්ට්හ්න ගත්තා අන්තිමට දවස් 60ත් පැනලා බඩු අාවා 60 පැන්නට පස්සෙ purchase history ඒක item 1 අයින් වෙනවා අන්තිමට යවපු messege ඒකෙන් seller contact කරන් pay කරා seller ට මාර හැපි මගෙන් 50%යි ගත්තෙ.feedback 1ක් දෙන්න විදියක් නෑ. purchase history ඒෙක නැති නිසා මට feedback 1ක් දෙන්න විදියක් හොයල ෙදන්න පුළුවන්නම්

Unknown said...

refun illana eka newaththuwa man

Unknown said...

වැඩක් නැහැ මචන් ලා කියලා මමත් ලංකාවේ එකෙක් නමුත් මම කියන්නේ ලංකාවේ උන්ගේ ජාන වල තියෙන්නෙම හොරකමයි වංචාවයි අනිත් එක තමයි තැපැල් කන්තෝරු අමනම හොරු ඉන්න තැනක් උන්ගේ මහා උණුත් හොරු ඒවාට පත්වෙන ඇමැතියොත් රාජකීය හොරු අසරණ මිනිස්සුන්ගේ දේවල් හොරා කන්නේ මුන්ගේ අම්මාගේ අප්පාගේ බුදලේ වගෙයි ජිවිතයට හැදෙන්නේ නැති ජාතියක්

Unknown said...

වැඩක් නැහැ මචන් ලා කියලා මමත් ලංකාවේ එකෙක් නමුත් මම කියන්නේ ලංකාවේ උන්ගේ ජාන වල තියෙන්නෙම හොරකමයි වංචාවයි අනිත් එක තමයි තැපැල් කන්තෝරු අමනම හොරු ඉන්න තැනක් උන්ගේ මහා උණුත් හොරු ඒවාට පත්වෙන ඇමැතියොත් රාජකීය හොරු අසරණ මිනිස්සුන්ගේ දේවල් හොරා කන්නේ මුන්ගේ අම්මාගේ අප්පාගේ බුදලේ වගෙයි ජිවිතයට හැදෙන්නේ නැති ජාතියක්

ලංකා ‍බ්ලොග් කියවනය said...

‍ගොඩක් වැදගත් ලිපියක් දැනටමත් මම ඇනවුම් කල භාන්ඩ 3කින් 1ක් ප්‍රමාදයි. මාසයකට වැඩියි. හැබැයි මේපාර නං මම එයාලගෙන් විමසනකම්ම (සතියකට වැඩි කාලයක්) එයාලා නැව්ගත කරල තිබුනේ නැහැ. අනික ළගදි ඇනවුම් කලේ. ඒක නම් ප්‍රශ්නයක් නැතුව ඒවි. මම ඇනවුම් කල තෙවනි භාන්ඩයේ විකුණුම්කරුව e-bay මගින් තහනම් කරලා. ඒත් e-bay එකෙන් කියන්නේ මුදල් ගෙවලානම් ගණුදෙනුවේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ කියලයි. පේපැල් එකේ හා e-bay එකේ භාණ්ඩය නැව්ගත කරලා කියලනම් කියනවා. තාමත් on route කියල තමයි tracking code එකේ පිරික්සුමේ දී කියන්නෙ. ඒවිදෝ නොඒවි දෝ කියලා නම් සැකයක් තියනවා.

Unknown said...

mata kalekin order ekak karanna bari una machan ...........danwah kireeamata naya gathiy macho

Unknown said...

bohoma pin.....

Unknown said...

මුන්ට හෙනම ගන්න ඕන

Unknown said...

lankawe e-bay office ekak daala eken distribute karanna onaa...delivery charges aragena...thapal departhamenthuwata deyyangema pihitai...

Achira said...

@ dinesh darshaka තැපැල් දෙපාර්තමේන්තුව කියන්නෙ මහජන සේවයක් කරන හොඳ තැනක්. මම නෑ කියන්නෙ නෑ. ඔයාල මහන්සි වෙනව තමයි. මම තැපැල් දෙපාර්තමේන්තුවට විතරක් වැරදි කියල නෑ. බඩුගන්න අයටත් කියල තියනවා. ඒත් බහුතර කමෙන්ට් වලින් ඔයාටත් තේරෙනවා ඇති මේකට වැඩි වකීමක් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙත් තියනවා කියල. හැමෝම නරක නෑ. හැබැයි හැම තැනම වල් වදින්නෙ නරක දෙතුන් දෙනෙක් නිසා

Wer Chathuranga said...

ආණ්ඩුවේ රස්සා කරන ගොන් කම්මේලි බලු හැත්ත ඔක්කොම එකය්.
උන් ජීවිතේට හිතන්නේ නැහැ අනිත් ජනතාව ගෙන.
කලකිරෙනවා.
මොනා පුද්ගලික අංශයේ තැනකට වැඩක් කරගන්න ගියොත් හිස් අතින් එන්න වෙන්නේ නැහැ නෙහ් වියදම වැඩි උනත්.
ආණ්ඩුවේ උන් කොහොමත් පින් පඩි ගන්නවා + ජරාව නැතුව ලේසියෙන් වැඩක් ඉක්මනට කරල දෙන්නෙත් නැනේ.

KamalM said...

mamath ebay seller kenek wenna hithagena inne. kela wen nathi wei neda?

Unknown said...

Suppa Lipiya Bro

nextknowledge said...

post ballo magae badu wagaykuth essuwa....trakin number aka wardila lu ...boru kiyanawa mama digatama badu gannana akek...

Unknown said...

aththatama godak hoda post ekak machan..mageth dan masa 2th iwara una ewa thiyanawa.power bank ekak 4n ekak kiyala hithuwada danne ne..lankawata awillalu thiyenne dan..eth enne ne..issara sathi 2n enawa..post eken mona hari wenawada danneth ne..

blogger said...

me dewal walata wagakiyanna ona aluthen me subject ekata melo deyak danne nethi harak.

professional vidiyata karana minissu mehema karanne nee.


mn badu wagayak order kara , awe dawas 70kata passe!
lankawe post godak slow.


lankawe unge paypal ban karanawa digata harahata. ekath me hethu hindama thamai
lankawe innawa maha sakkili tikak( not all) un thamai mewa karanne.

Unknown said...

@achira liyanage kiyak wena ekakatada vat eka gewanna une?mama drone ekak gennanna haduwe 50$ k withra wenwa.ewatath vat eka wadinawada?

Unknown said...

Mageth Tab ekak thawama naha dan maasa 2 kakata kittui

Achira said...

@H.G.D.Pasindu Lakshan 90$කට ගත්ත එක ගෙදරටම ආවා. 40$ වලට ගත්ත එකට තමයි ගෙවන්න වුනේ. අයකරන ගාස්තු ගැන නම් හරියටම දන්නෙ නෑ

Unknown said...

Kiyak gewanna unada?

ZJ said...

I share your grief brother... it is so true.. I have always given the benefit to the seller.. most of the stuff i never ask for refund. because it is tough for them to do this too.. what can we do.. hope these idiots will learn...

Vipul said...

හෙළ ජාතික අබිමානේ..

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...