Friday, November 23, 2012

ස්ලිට් එකේ අළුත් නංගිලා මල්ලිලා වෙත ලියන වග නම්...


තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය ව‍සරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුදුසු කාලය බව මට වැටහුනේ සුදාරක මල්ලීගේ ට්වීට් කිහිපයක් දැකීමෙනි. මගේ මේ ලිපියේ අරමුණ ආයතනය විවේචනය කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු අපි කෙටියෙන් ස්ලිට් කියා හඳුන්වන ආයතනයයි. මේ ආයතනය හා මගේ බැදීම ආරම්භවන්නේ මා පාසල් ශිෂ්‍යයයෙක්ව සිටිනා සමයේ‍දී මේ ආයතනයට මුල් ගල් තැබුණු දා පටන්ය. මම පාසල් ගියේ ස්ලිට් එක ඉදිරියෙනි. මෙතන හැදෙන්නේ කුමක් දැයි නොදනිතත් මොනවාහෝ අමුතු දෙයක් සිදුවන බව නම් දැනී තිබුණි. අවසානයේදී මේ සෑදෙන්නේ තොරතුරු තාක්ෂණ ආයතනයක් බව මම දැනගතිමි.

ලංකාවේ කාලයෙන් කාලයට රැලි පැමිණේ. අපි සාමාන්‍ය පෙළ කල සමයේ අපිට තිබුණේ ඉංග්ලිෂ් කෝස් රැල්ල සහ කොම්පියුටර් කෝස් රැල්ලයි. මේ රැලි වලට හසුනොවී උඩුගම් බලා පිහිණුවෝ වෙත්නම් ඒ අතේ ඇඟිලිවලටත් වඩා අඩු පිරිසකි. එසේ ගිය කෝස් වලට සහ ඉසිපතනයේ එවකට විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ පාසල් පරිඝනක විද්‍යාගාර සංකල්පයට  පිං සිදුවන්නට පරිඝනකයක් හැසිරවීමට මම දැනගෙන සිටියෙමි. රැකියාවන් වලදිද මෙවැනි රැලි බොහොමයක් ලංකාවේ විය. සිංහලෙන් ජොබ් ට්‍රෙන්ඩ් එක කියා තේරෙන බාසාවෙන් කියන්නේ එයයි. අයි ටී ජොබ් රැල්ල - එච් ආර් ජොබ් රැල්ල - සප්ලයි චේන් ජොබ් රැල්ල තුල අදටත් තම නම කැත නොකර තියාගත් රැල්ල වන්නේ අයි ටී රැල්ලයි.

තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැගීමත් සමගම මට එහි පළමු ශිෂ්‍යය කණ්ඩායමට ඇතුලත් වීමේ ආසාවක් පැන නැගුනි. තරමක් අසීරු අභි‍යෝගතා පරීක්ෂණයකට පසු මම එහි යාමට තෝරාගැනුනි. නමුත් පුද්ගලික හේතුවක් නිසාවෙන් එම ආසාව දෙවන ශිෂ්‍යය කණ්ඩායම දක්වා පහලට ගියේය. මගේ පියා මහාලොකු සල්ලි කාරයෙක් නොවුනත් ඔහු ඒ සඳහා කෙසේ හො මට මුදල් සපයා දුන්නේය.

අපි මාලඹේට දෙවැනි බැච් එක වීමු. අපේ සීනියර් බැච් එකේ හිටියේද අපි වැනිම අය විය. බොහෝ සල්ලිකාරයන්, ලොකු ලොක්කන්ගේ ඇමති මැති ගොල්ලන්ගේද පුතාලා දුවලා අපේ බැච්වල විය. කොළඹාසන්නයේ නොව හද්දා පිටිසර ගම් වලින් පැමිණියෝ අයි ටී ආරම්භ කළහ. උසස් පෙළ ගණිත විශයය මේ සඳහා පිටිවහලක් වූ නමුත් අනිවාර්යය නොවූ බැවින් අනෙකුත් විශයය ධාරාවන් කළ අයත් මෙයට පැමිණ සිටියහ.

ඉතාමත් ඉක්මණින් විශයය නිර්දේශ වෙනස් කිරීම, ගැලපෙන රටාවට අනුව ඒවා පවත්වාගෙන යාම මෙහි තිබූ සුවිශේෂම සිද්ධිය විය. ආරම්භයේ පටන්ම ඒ සඳහා නිදර්ශක සැපයූවෝ වූයේ අපිත් අපේ සීනියර් බැච් එකත්ය. ලැබ් රැට්ස්ලා වීම දරාගත නොහැකිවූ තැන ඇතැමුන් මෙම විශයය පථයෙන් ඈත් විය. වාසනාවකට මෙන් අපේ බැච් එකෙන් පසුව එවැනි නිදර්ශක සැපයීමක් නොවුනි. ඒ හේතුව නිසා අපෙන් පසුව එක්වුන බැච් වලට අපට වඩා හොඳ දැනුමක් විය. එම නිසා එකල ලංකාවේ කල හැකිව තිබූ ‍අනෙක් අයි ටී ඩිග්රිය වූ බිට් එකට වඩා සැතපුම් ගණනක් අපි ඉදිරියෙන් සිටියෙමු.

රැල්ලට අසුව පිස්සු කෙලින්නන් එහි සිටියේ අද ඊයෙක නොවේ. එකලද එවැනි පුද්ගලයෝ දෙමාපියන්ගේ මුදල් භක්ෂණය කරමින් සිටියහ. එහෙත් ඉන් බොහොමයක් අය අවසානයේ මහන්සිවී වැඩකර ගොඩගිය අතර ඉතාමත් සුළු පිරිසක් අතරමග නැවතුනි. ඒ නැවතුනේ දෙමාපියන්ගේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව කාලය කා දැමීම උදෙසාම මෙහි පැමිණි අයයි. දැන් වැඩිපුර ඇත්තේ එවැනි අයයි.රැල්ලට අසුව විනාශ මුඛයට ගිය ගැහැණු දරුවන් බොහොමයක් ඈත ගම් වලින් කොළොම් තොට පැමිණියෝ වෙති. ඕව්හු ගමට වඩා නගරයේ ඇති අරුමෝසම් වලට වශීවූවෝ වෙති. ඒ මාතෘකාව ඇතියයි හැ‍ඟේ.

අපිත් අපේ සීනියර් බැච් එකේ අයත් අතර තිබ්බේ බොක්කේ ෆිට් එකකි. ඒ නිසා අපිට රැග් තිබ්බේ නැත. රැග් අවශ්‍යය වුයේද නැත. සුළු සිද්ධියක් ඇරෙන්නට එවැනි දේ වාර්තාවූයේද නැත. ‍හැබැයි ඉතින් කෙල්ලෝ නිසා ඇතිවූ වලිද නැතිව නොවේ. අදටත් අපේ සීනියර් එකෙක් ඉන්න තැනක අපිට බය නැතුව හලෝ මචං යයි ඇමතිය හැකිය. කොච්චර ෆිට් එකක් තිබ්බත් උන් අපේ සීනියර් උන් හන්දා අපේ හිතේ ගෞරවයක් නිතරම තිබුණි. අවාසනාවට අපේ බැච් වලින් පසු එකී සුහදතාවය බැහැර වීමට පටන් ගැනුනි. ඒ නිසා අපේ ජූනියර් බැච් වල බොහෝ දෙනාට අපට එළියේදී මුහුණ දීමට අපහසුතාවයක් තිබේ.

අපිට මහා ශිෂ්‍යය සංගම් තිබුනේ නැත. තිබ්බේ  හැම බැච් එකක්ම නියෝජනය වන පරිදි සාදාගත් පොඩි ඇළුමිනි සොසයිටියක් පමණි. අවශ්‍යය ක්‍රීඩා පහසුකම් ලබාගැනීම, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න කතා කිරීම, ඇනුවල් ට්‍රිප් එක, ගෙට් එක, පැදුර ඕගනයිස් කිරීම එහිදි සිදුවිනි. (දැන් නම් පැදුරක් තියනවාදැයි නොදනිමි.)

අපිට තිබ්බේ එක ගොඩනැගිල්ලක් පමණි. එක ඩිග්‍රියක් පමණි. අපට හොඳ දේශකයන් සිටියහ. නුවන් සර්, කෝලිය සර්, ප්‍රදාහිනි මැඩම්, චන්ද්‍රිකා මැඩම් වැනි ගුරුවරු අදටක් අප අතර ජනප්‍රිය අය වෙති. එකල වයසින් මුහුකුරා නොගිය අපි ඇතැම් විට ඔවුන්ගේ අවවාදයන් තුට්ටුවකට වත් මායිම් නොකලද කෙලවූ පසුව අපි ඒවා පිළිපැද්දෙමු. සමහර දේවල් අදටත් අපට ප්‍රයෝජනයට ගනිමු. පාරකදී ගුරුවරු දුටුවිට ගොස් කතා කරන්නෙමු.

අපිට බොහෝ පහසුකම් තිබුනේ නැත. පිට්ටනියේ ක්‍රිකට් ගැසීමට බැරි නම් අපි පා‍රේ ක්‍රිකට් ගැසුවෙමු. බේස්මන්ට් එකට කැරම් බෝඩ් ආවේ අපි අවුට් වීමට ආසන්න කාලයේය. අපිට හැටහුටාමාරක් ක්‍රීඩා තිබුනේ නැත. ඒවාට එවැනි පහසුකම් තිබුනේද නැත. අපි ඒවා ඉල්ලමින් පස්සෙන් නොගියෙමු. හැබැයි හැකි හැම දෙයක්ම ආයතනය අපිට ලබා දුන්නේය. අපිට හොඳ රගර් කණ්ඩායමක් තිබුණි. නවාස් අයියා සිටි කණ්ඩායම එකල බොහෝ ජයග්‍රහන ආයතනයට සපයා දුනි.

ඒ දවස් වල එන් අයි බී එම් එක ඇරුනහම මෙවැනි ආයතන තිබ්බෙ මේක විතරයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය  සම්බන්ධයෙන් ඉතාම හොඳ තරඟයක් දෙන්න මේ ආයතනයට හැකිවුනා. ටීවී එකේ පැය විසිහතරෙම ඇඩ් දාන්නෙ නැතුව ළමයි ගන්න දවස් වලට පත්තරේ දාන එක ඇඩ් එකකින් ළමයි දාහක් විතර ගන්න ස්ලිට් එකට හැකිවුනා. වෙළද පල ඒකාධිකාරය කියන කාරණේ මෙතනට අදාල නෑ. ඒත් මේ තත්ත්වය යටතෙදි හිටපු ළමයි එලියෙදි මුහුණ දුන්න සිද්ධි ගොඩක් තියනවා. මෙතන තියෙන්නෙ මම එහෙම පෞද්ගලිකව මුහුණ දුන්න එකක්. ඒ වගේ හුඟක් දෙනෙක් මුල කාලෙ අපි දිහා බැලුවෙ එහෙමයි. මම ඉස්සර වැඩකරපු නම් දරාපු ආයතකයක කළමනාකාර පුහුණුවන්නන් (සිංහලෙන් මැනේජ්මන්ට් ට්‍රේනීස්) ගන්න වෙලාවෙ ඒ ගොල්ලො කියපු දෙයක් තමයි ස්ලිට් ඩිග්‍රිය අපි සලකන්නෙ නෑ කියන එක. ඒ වෙලාවෙ මමත් ස්ලිට් එකේ ඉගනගන්න කොල්ලෙක්. ඉතින් මටත් ඒ ගැන තර්ක කරන්න අයිතියක් තිබ්බ හන්ද මම ඒ වෙලාවෙ කතා කලා. ඊට පස්සෙ ඒ අය ඒ දේ පිළිගත්තා. මේ වගේ දේවල් ඒ කාලෙ ඕන තරම් වුනා. (දැනුවත්ව).

ඒ දවස් වලත් ලංකාවෙ අයි ටී කරපු අය අතරෙ පොරවල් වෙලා හිටියෙ මොරටු විශ්ව විද්‍යාලය. තොරතුරු තාක්ෂණ ලොවේ පිළිගත් ආයතන හැම එකම වගේ තමන්ගෙ රැකියා විතරක් නෙමෙයි සීමාවාසික පුහුණුවට (සිංහලෙන් ඉන්ටර්න්) මොරටුවෙන් කට්ටිය තෝරාගෙන පස්සෙ කොළඹ ආදි විශ්ව විද්‍යාලවල සිසුන්ට පසුව ස්ලිට් එකේ අයගෙන් තමන්ගෙ අඩු පුටු පුරවගන්න. ඒකෙ වැරැද්දක් නෑ. මොකද ස්ලිට් එක ගැන හුගක් දෙනෙක් දන්නෙ නැති හන්දා. පස්සෙ ඒ අඩු පුටු පුරවන්න ගත්ත ස්ලිට් එකේ වැඩ්ඩො හන්ද ස්ලිට් එක ගැන තිබ්බ හුගක් අදහස් වෙනස් වුනා කියන්න පුළුවන්. අදටත් ඒ ආයතන වල ඒ අවස්ථා හුඟක් හම්බ වෙන්නෙ මුලින් ගිහින් නම හදාගත්ත අය හන්දා තමයි.

ස්ලිට් එකෙන් එලියට එන හැමෝම වැඩ්ඩො නෙමෙයි. ඒක කියන්නම ඕනෙ. එක එක මට්ටම් වල අය ඉන්නවා. හුඟක් අය මොරටුවෙ අයත් එක්ක සංසන්දනය කරන්න යනවා. (හැබැයි මොරටුවට වඩා වැඩකාරයෝ ඉන්නවා. ඒක ඔප්පු කරලත් තියනවා). මොරටුවෙ ඉන්නෙ උසස් පෙලින් ඉහලම ලකුණු ගත්ත අය. ඒත් එහෙම නොවුනා කියල ස්ලිට් එකෙත් වෙනසක් නෑ. මොරටුවෙන් 50ක් විතර එලියට එනකොට ස්ලිට් එකෙන් 600ක් විතර එනවා. ඉතින් එලියේ හොඳ තරඟයක් තියනවා. ඒ හන්දා හුඟක් අයට රස්සාවල් නැති වෙනවා. ස්ලිට් එක ගැන කවුරුත් නොදන්න කාලෙ සමහර උපාධිධාරීන්ට මොන්ටිසෝරි වල උගන්නනන්න වුනේ ඒකයි. ඒත් අද තත්ත්වෙ සෑහෙන්න වෙනස්. අපෙන් පස්සෙ සමහර බැච් වල සමහර අයට නෙට්වර්ක් ඩිග්‍රිය තියා‍ගෙන කිව් ඒ හැටියට වැඩකරන්නත් වුනා.

අපි ඉස්සර හිටිය වගේ සරල සුන්දර වටපිටාවක් දැන් නෑ.ඉස්සර අපි කවදාවත් කොට කලිසම් ඇඳගෙන හවසක වත් ඕක ඇතුලට ආවෙ නෑ. ඉගන ගත්ත තැන පූජනීයත්වයෙන් තියාගත්තා.   අපිට තිබ්බ එකම බිල්ඩිං එක‍වෙනුවට දැන් හුඟක් බිල්ඩිං සහ පහසුකම් තියනවා. අපිට තිබ්බ එකම ඩිග්‍රිය වෙනුවට හුඟක් තේරීම් තියනවා. ( එස් බී ඇමතිතුමාට අනුව නංගිලාට නම් තවත් තේරීම් තියනවා) අපිට රට යන්න වුනොත් ඒ දවස් වල තිබ්බෙ කර්ටින් එක විතරයි. ඒත් අද හුඟක් රටවල් එක්ක ස්ලිට් එක අත්වැල් බැඳන් ඉන්නවා. ඉතින් මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න. ඒ කාලෙ ස්ලිට් එක ඇතුලෙ පොලිටික්ස් තිබ්බෙ නෑ. (දැන් කොහොමද දන්නෙ නෑ) අපිට ලැබ් වල හොඳ මැෂින් තිබ්බා. ඒවායෙන් උපරිම වැඩකලා. ඒ දවස් වල අපිට වෙන්කරල තිබ්බෙ මෙගාබයිට් 2ක් විතර පොඩි ඉඩක්. (දැන් ඇහුවහම නම් හිනා යනවත් ඇති).

අන්තිම වශයෙන් කියන්න ඕනෙ. මම මේ ලිපිය ලිව්වෙ මගේ අත්දැකීම් එක්ක. හැමෝගෙම අත්දැකීම් එක වගේ නෑ. වෙනස් වෙන්න පුළුවන්. සමහරු මට කෑගහයි මොරටුව උන් එක්ක තියන තරහ පිරිමහ ගන්න මම මේක ලිව්ව කියල. මට මොරටු උන් එක්ක කිසි තරහක් නෑ. මම අදටත් මොරටු උන් එක්ක වැඩකරනවා. මගේ ලිපියේ අරමුණ එදා සහ අද ගැන අදහසක් (මට හිතුන) ඉදිරිපත් කරන එක විතරයි. මේ ලිපියෙ තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. ඒත් දිගවැඩි හන්දා ලියන්නෙ නෑ.

කොහොමත් ගිය වැ‍ඩේ කරගන්න එක තමන්ගෙ වැඩක්. විසිකරන්න සල්ලි තියනවනම් කිසි ප්‍රශ්නයක් නෑ. 

28 comments:

SilentSahan said...
This comment has been removed by the author.
මින් විසිතුරු said...

මම නම් උසස් අධ්‍යාපනය කරපු කෙනෙක් නෙමේ. ඒ උනත් උබලට සුබ පතනවා

SilentSahan said...

අනේ මචන් ඔහොම හිතන්න එපා ...
කාටවත් යට නොවී තමන්ගේම කියල දෙයක්
කරගෙන ඉන්න එක වටිනවා..
මට උබ කියපු දේට හේනට upzet ගියා ... දාපු comment එකත් අයින් කල ..

Achira said...

ඒක එච්චර හිතන්න එපා. මම කාටවත් අපහාස කරන හිතකින් නෙමෙයි මේ පෝස්ට් එක දැම්මෙ. මට කියන්න ඕනෙ වුනේ කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙලා - දැන් තාලෙ වෙනස් වුනාට ඉස්සර විදිහ තරම් සැහැල්ලු නෑ කියන එක. අපි හැමෝටම හීන තියනවා. උසස් අධ්‍යාපනය කියන්නෙ තවත් එහෙම හීනයක්. අපි හැමෝටම හැම හීනෙම ජයගන්න අමාරුයි. උසස් අධ්‍යාපනේ නැති අය හුඟක් කාටවත් යටත් නොවී තමන්ගෙ දිරියෙන් නැගී හිටල ඉන්නවා.

රතීගේ දිනපොත said...

අපි නම් ඔය තැන්වලින් ඉගෙන ගෙන නෑ. වාසනාව මදි වෙන්න ඇති. මොනව නමුත් ලියල තියෙන ඒවා නම් රිදෙන්න ඕන තැනට රිදෙන්නත්, බලන්න ඕන කට්ටියට ඇස් ඇරෙන්නටත් නොවලහා නොසඟවා ලියල ඇති සැටි අගේ

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

Supun Sudaraka said...

බොහොම ස්තූතියි මේක ලිව්වාට. මට කොහොමවුනත් ඉතිහාසය ගැනත් ටිකක් දැනගැනීමේ උවමනාවක් තිබුණා. චන්ද්‍රිකා මැඩම් හරි සැරයි නේ. අනික රෝයල් අයව පෙන්නන්න බැරි ඇයි කියල මට තේරෙන්නෙ නෑ. කොහොමවුනත් චන්ද්‍රිකා මැඩම්ගෙ ලෙක්චර් නම් සෑහෙන්න වටිනවා.

Niගම්බූ කොලුවා said...

අද තමයි මේ බ්ලොග් එක සෙට් උනේ.ස්ලිට් එකේ කෙනෙක් අඳුනගන්න ලැබුණ එකට හරිම සං‍තෝශයි.හම්මේ සම්පුර්ණ ඇත්ත කියලා තියෙන්නෙ. අලුතින් එන අයට පිස්සු කෙලින්නෙ නැතුව එකපාරම ඔක්කොම සබ්ජෙක්ට් ටික දාගන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ.

ප.ලි- දැන් රිපීට් 1ක් 3000යි,ප්‍රෝරාටා සබ්ජෙක්ට් එකකට 8200යි බොලව් (පුච්චන්න සල්ලි තියේ නම් ඉතින් කමක් නෑ ජුංඩක් පිච්චුවට )

Unknown said...

100% ඇත්ත මල්ලි. මම මාලබේ 1st බැච් එකේ. අද මම ඉන්න තැනට මම ආවේ ස්ලිඉට් එක නිසා.

Chathura said...

Well said brother! :)

GadgetBoLK said...

බොහොම සතුටුයි මෙය කියවන්න ලැබුනට..
මම දෙනාට SIIT එකේ ඉගෙනගන්න කෙනෙක්
කොහොමද අයියේ දෙන Sliit එකට ජොබ් මර්කෙට් එක

GadgetBoLK said...

කොහොමද අයියේ දැන් ජොබ් වල තත්වේ sliit degree වලට මම තම sliit ඉගෙනගන්නවා ..
post එක ගෙන ගොඩක් සතුටුයි ..

Unknown said...

අම්මෝ චන්ද්‍රිකා මැඩම්..........වෙලාවට එක පාරින්ම PS ගොඩ ගියා........lol

test said...

අචිර අයියා පතනෙද?:D පට්ට ආ

Yasithaonline said...

Respect u Bro.. Presently 4th year Student.. :)

admin said...

හොඳට ලියලා තියෙනවා.. සතුටුයි :)

Chameen said...

මේ කතාවනම් ඇත්ත. මමත් 2006 join උන කෙනෙක්. ඉස්සර අපි SLIIT එකට සළකපු විදිහට නෙමෙයි දැන් ඉන්න සලකන්නේ

Anonymous said...

අචිර අයිය වගේම මමත් ඉස්කෝලෙ ගියේ ඔය කියන බිල්ඩිම ඉස්සරහින්. ඕකට මුල්ගල තියන දා ඉඳන් මමත් ඕක අදුරනවා. මුල්ම කාලේ අවට ගමේ මිනිස්සුවත් දැනං හිටියේනෑ මේ මොකක්ද හදන්නේ කියලා.
ඉස්කෝලේ ඇරිලා එනකොට මම දවසක් වැලිවිට හන්දියෙන් බැස්සා. අනිත් බස් එක එනකං එතන ඉන්න මනුස්සයෙක් එක්ක කතාවට වැටුණා. මම ඇහුවා "අංකල් මොකක්ද මේ හදන බිල්ඩිම?" කියාලා.

"ඕක මේ ආණ්ඩුවෙ එකක් නෙ. ගාමන්ට් එකක්ලු. ගමේ අයට රස්සා ගොඩක් හම්බුවෙයි."

Achira said...

ස්තුතියි අදහස් දක්වපු හැමදෙනාටම.

Achira said...

@GadgetBoy LK - ස්ලිට් එකට හොඳ ජොබ් මාර්ක‍ට් එකක් හැදීගෙන ආවා. නමුත් ක්ෂේත්‍රයේ ඉන්න අපේ අයගෙම වැඩහන්දා ඒ දේ ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. සමහර අය ජොබ් එක ගන්න ඕනෙ හන්දා අඩු පඩියට වැඩට එනවා. ඒක හන්දා අද රුපියල් 5000 -7500 ට වැඩකරන උපාධිධාරියෝ ඉන්නවා. එහෙම කලහම ඉතින් අනිත් අයටත් නිකම්ම ඒ ගනන් වලට වැඩකරන්න වෙනවා.

@ජාල ගුරා - ඒ කතාව නම් සහතික ඇත්ත. මෑතක් වෙනකන් හුඟක් දෙනෙක් හිතාගෙන හිටියෙ ඕක ගාමන්ට් එකක් කියල තමයි.

Admin said...

Machan Achira I was in the same batch as you .I think we were together in 4th year .
I was a Samurdhi student (we got scholarships form SLIIT and government )As I remember 50 ppl got it .
currently resides in UK and work as Software Engineer.most of my friends from that scholarship program is in abroad .most of us have good jobs all because this remarkable institute and me and my all other friends will remember that .All you have written remind me my past....Hat off to you !

Swasthi Bandara Navarathna said...

හබැයි දැන් නම තත්වය ගොඩක් වෙනස් අය්යා! කිසිම ප්‍රමිතියක් නෑ! අපිට පොඩි හරි දෙයක් ඉල්ලගන්න, පොඩි හරි දෙයක් කතා කරන්න ගියාම අපිට කතා කරන්නේ බල්ලන්ට වගේ! විශේෂයෙන් අර උදිත ගමගේ කියන මහත්මයා! (ගරුත්වය රැකියා යුතු නිසා මෙසේ කියමි). තවද දැන් සිසුන්ගේ ආචාර ධර්ම ද පිරිහී ඇත. ළමුන පිළිබද පාලනාධිකාරිය තුල දැන් ඇත්තේ "තවත් එක කෑල්ලක් පමණි යන ප්‍රයිවට් බස් සංකල්පයි." අනේ අපොයි අපි ඔකේ ඇතුලේ විදින දුකක්! අතිරේක කිසිදු ප්‍රශ්නයක් නැත්තත් ඔය ටිකම ඇති ඩිග්රිය කෙලවගන්න..! විශේෂයෙන් කොල්ලුපිටියේ යන්න නම් අපි වගේ සිසුන් ගොඩාක් පවු කරලා තියෙන්න ඕනෙ ගිය ආත්මයේ! කාගේ හරි හිත රිදුන නම් සමා වෙන්න! ඔබට තෙරුවන් සරණයි!

Dinesh said...

Slit eke inne mati harak.loku pora talks and pada show witharai.
kaiyai pada gandai thama

Achira said...

@Dinesh මිනිස්සු එක එක දේවල් දිහා බලන විදි වෙනස්. දැන් ඔයා බලන්නෙ එක විදිහකටනෙ. ඔයා බලන විදිහ මට අදාල නෑ. අතක ඇඟිලි 5 ගත්තොත් පස් විදිහක්. ස්ලිට් එකේ අයත් එහෙමයි. ඔයාල වගේ අයත් එහෙමයි. මැටි හරක් ඉන්නවා. පඩ ෂෝ දාන අය ඉන්නවා. වැඩකාරයෝ ඉන්නවා. හැමෝම එකවගේ නෑ.

Unknown said...

Good one ayya.... This one is good....

Unknown said...

ඇත්තටම ගොඩක් හොඳ post එකක් අයියා.. අපි මේ SLIIT එකට ආව විතරයි... මේ post එක වටිනවා.... ඉතිහාසයත් දැන ගන්න ඕනෙමනෙ....

Kanishka Dilshan said...

මමත් SLIIT එකේ ඉගෙනගත්තෙ මේ අවුරුද්දෙ පෙබරවාරි තමයි අවුට් වුනේ. තාත්ත බොහොම මහන්සියෙන් තමයි අවුරුදු හතරම ඉගැන්වුවෙ. physical science වලින් කැම්පස් යන්න z එක තිබුනත් මගේ ඉලක්කයට යන්න මම තෝරාගත්තෙ SLIIT එක. මම ඒක සදහන් කලේ ගොඩක් තැන්වල මම දැකල තියනව AL ගැන කියල SLIIT එකට අපහාස කරන ලිං ගෙම්බො.

කොහොම වුනත් මට පොඩිකාලෙ ඉදන් අවශ්‍ය වුන ඉලක්කයට ගියා ඒ විතරක් නෙවෙයි තාත්ත සියලු රැකියා කටයුතු වලින් විශ්‍රාම ගන්වල, විවේකයෙන් ඉන්න සලස්වල පවුලේ සියලුම වගකීම් මම භාරගෙන කරගෙන යනව. දෙමව්පියො කරපු ආයෝජනය අපතෙ ගියේ නෑ කියල මම සිය දහස් වාරයක් සතුටුවෙනව.

Unknown said...

කොහොමත් ඔය රජයේ කැම්පස් වලට වැඩිය අයි.ටී ෆීල්ඩ් එකේ වැඩ්ඩෝ ස්ලිට් සහ අනික් ප්‍රයිවට් තැන් වලින් එලිය එනවා. ඒ ලෙවල් කියන්නේ දැනුම මනින එක මිම්මක් විතරයි. ඒක සර්ව සාධාරණත් නෑ ඒ වගේම ඒක පරම සත්‍ය ත් නෙමෙයි. අනික සල්ලි තිබුණ පලියට උපාධි දෙන්නේ නෑ. ඒකට වැඩ කරන්න ඕනේ. කණිශ්ක කියලා තිබ්බා වගේ ලිං ගෙම්බෝ තමයි ඔහොම අපහාස කරන්නේ. එහෙනම් ඉතින් සල්ලි දීලා ටියුශන් ගිහින් එ ලෙවල් පාස් වෙන එකත් වැරදියි නෙව. තමන්ට පුලුවන්නම් කොතනදිත් වරදින්නේ නෑ. ඔය හැම එකම පිනට එනකම් බලන් ඉන්නේ නැතුව

Pramuditha said...

මමත් 2004 SLIIT IT batch එකේ. මටත් කඩුවෙල ඉදන් නුගේගොඩ රෝටරියේ ක්ලාස් යන කාලේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේ පාට පාට බිල්ඩින්ග් එක මොකක්ද කියලා. පස්සේ දැනගත්තා මේක උසස් අධ්‍යපන ආයතනයක් කියලා.දැනුත් හැමදාම මම කොල්ලුපිටියේ ඉදන් කඩුවෙල යද්දී SLIIT ඉස්සරහින් යන්නේ. 2004 දී තිබ්බ වටපිටාවයි අද වටපිටාවයි ගත්තම හිතාගන්න බැ. දැන් ඉන්නේ rock වෙච්ච කොල්ලෝ කෙල්ලෝ.ඒ කාලේ කොල්ලෝ සෙට් වෙච්චි SK හෝටලය දැන් නැ. එතන CAR-GILLS එකක් ඒ කාලේ තිබ්බේ communication එකකුයි පොඩි කඩ දෙකක් තුනක් විතරයි.දැන් town එකක් වගේ. දැන් පට්ට බිසී :D. අපි ගොඩ ගියේ මේකෙන්. Respect you SLIIT

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...