Tuesday, December 29, 2009

කුමුදු

ඉස්සර අපි උසස්පෙල කරන කාලෙ අපිත් එක්ක වල බැස්ස යාළුවො ඕනෙ තරම් හිටියා. හැබැයි වලේ හිටපු ගොඩ දෙනෙක් වලෙන් ගොඩ ඇවිත් ගොඩම ගියා. වල බැස්ස කාලෙ වගේම වලෙන් ගොඩආපු කාලෙත් හරිම සුන්දරයි.ආයි ඒවගේ කාළයක් එන එකක් නෑ ජීවිතේටම.

මේ කාලෙ ඇවිත් එක්ක හිටපු යාළුවෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ. අපිට වගේ නෙමෙයි මිනිහට තිබුනා කෙල්ලෙකුට වගේ ලස්සන රූපයක්. ඇත්තටම ලස්සන කොල්ලා. ඒ ලස්සන හින්දම විසේකාර කෙල්ලන්ගෙන් මිනිහට තිබ්බෙ මාර ඉල්ලුමක්. ඒත් යාළුකමකට වඩා එතනින් එහා යමක් ගැන අදහසක් මිත්‍රයට තිබ්බෙ නෑ. ඒක හන්ද පුදුමයක් වගේම ඉරිසියාවක් අපිට ඇතිවෙලා තිබ්බා.

අපි වල බහින වෙලාවට වලට සෙට්වුන මගේ යාළුවා කොහොම හරි වලෙන් ගොඩ ගිහින් විශ්ව විද්‍යාල ගතවුනා.

ආයෙත් මට මේ චරිතය මුණ ගැහෙන්නෙ උසස්‍ පෙළින් අවුරුදු දෙකකට විතර පස්සෙ බස් ‍එකකදි අහම්බෙන්. පරන යාළුකම් මතක් කරගෙනකොහොමද මචං?” කියල සුපුරුදු විදිහටම මම කතා කළත් යාළුවගෙ ස්වරයේ පොඩි ආඩම්බර ගතියක් ගැබ්වෙලා තිබ්බා. “උඹ දැන් මොකද ජොබ් එකක් කරනවදකියල කියල ඇහැවිවෙ මට වැඩිදුර ඉගන ගන්න ලැබෙන්න නැතිවෙන්න ඇති කියල හිතාගෙන වෙන්න ඕනෙ. මම SLIIT එකේ Degree එකක් කරනවා කියල මම කිව්වහම මගේ මිත්‍රයාගේ පළවෙනි impression එක වුනේ ආහ් ඒක මේ ඒ ලෙවල් නැතුවත් කරන්න පුළුවන් නේද?” කියන එක. ඒක එහෙම නෙමෙයි කියල කීප විටක් තේරුම් කරන්න මම උත්සාහ කලත් මගේ මිත්‍රයාගේ විශ්ව විද්‍යාල මාන්නය විසින් තේරුම් ගැනීම වලක්වනු ලැබුවා. ඒ කතාව තව වචන කීපයකට පමණක් සීමා වුනා.

ඊට පස්සෙ මට මිත්‍රයාව ආයෙත් මුණ ගැහෙන්නෙ තවත් අවුරුදු හයකට විතර පස්සෙ මම වැඩකරන ආයතනයෙ මීට දවස් කීපයකට කලින්. සම්මුඛ පරීක්ෂණයකට ආපු මිත්‍රයා වැරදි ත‍ට්ටුවකින් සෝපානයෙන් බැහැල නිවැරදි තැන හොයාගන්න ඇවිත් මගෙන් ඉස්සෙල්ලම ඇහැවිවෙ HR එක කොහෙද කියල. අවුරුදු ගනනාවකට පස්සෙ වුනත් හුරු පුරුදු මූනත් එක්කම හැම දේම මතකයට ආවා.

කුමුදු !!”

මම මිතුරාගේ නමින්ම ඇමතුවා. කුමුදු මගේ මුණ දිහා බලන් හිටියා. ඒ කාලෙට වඩා මේ කාලෙ මගෙ වෙනසකට තිබ්බෙ චුට්ටක් විතර මහත් වෙලා රැවුල වැවිලයි විතරයි. අන්තිමේදි කුමුදු මාව අදුර ගත්තා. කුමුදුට මගෙ නම මතක නෑ. මම නම කියල කතා කරන කොට ඉස්සර එකට හිටපු මට මචං කියනවා ඇරෙන්න වෙන මුකුත් කියාගන්න බැරුව ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන බිම බලාගන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි අර ඉස්සර තිබ්බ කැම්පස් උණ හොද වෙලා වගේ. මම ආපු කාරණාව මොකක්ද කියල අහල ඉක්මනට අදාල තැනට ඔහුව පිටත් කලා. කුමුදුටත් මාව මග ඇරලා යන්න ගොඩක් වුවමනාව තිබ්බා.

එයාගෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනේටයි විශ්ව විද්‍යාලයටයි මොකද වුනේ කියල අහන්න මට හිත දු‍න්නේ නෑ. මොනව වුනත් ඉස්සර යාළුවෙක් නෙ. ඒක හන්ද එයා ඉල්ලපු තනතුර මොකක්ද කියල මම මෙතන ලියන්න යන්නේ නෑ.

නම් ගම් මනංකල්පිත වුනත් සිද්ධිය ඇත්ත එකක්.

2 comments:

Twinky said...

Machan, umbeth podi hithe amaruwak thibuna neda campus yanna bariwechcha eka gena. Katawath waira karanna epa machan. You are getting what you deserved.
By the way, nice writeups. Try to do some creative and important thing not just ordinary things.
Good luck for your further study!

Achira Liyanage said...

වෛරයක් වගේ දෙයක් ගැන නෙමෙයි මචං මම මෙතනදි අදහස් කලේ. ඒ ලෙවල් කරන හැම කෙනෙකුගෙම ආසාව කැම්පස් යන එක. ඉතින් ට්‍රයි එක යන්තම් මිස් වුනාම දුකයි තමයි.ඒක ඇත්ත. අපි ඉගන ගන්න දේ රදා පවතින්නෙ ආයතනය මත නෙමෙයි. කිසිම ආයතනයක් බාල්දු කරන්න හොද නෑ කියන එක තමයි මම අදහස් කලේ. ඕනම තැනක දක්ෂයො ඉන්න පුළුවන්. ඒක ආයතකය මත රදා පවතින්නෙ අඩුවෙන් කියලයි මගේ අදහස.