Tuesday, October 09, 2012

ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුදුපිලිමය


කාලෙකට පස්සෙ ගෙදර අය චාරිකාවක් යන්න සූදානම් වුනා. ඒ සෝමාවති පුදබිමට. ඒ යන අතරතුරේ කුරුණෑගල ඉදිවෙන ලංකාවෙ විශාලම ශෛලමය සමාධි පිළිම වහන්සේ බලන්නත් අමතක කලේ නෑ.
මේ ශෛලමය පිළිමය තියෙන්නෙ කුරුණෑගල දඹුල්ල පාරෙ. රිදීවිහාරය පිහිටලා තියන ඉසව්වෙම තමයි. විහාරයේ නම රම්බඩගල්ල මොණරාගල විහාරය.





විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි හාමුදුරුවන්ගේ අදහසක් අනුව මේ පිළිමය 2002 වසරේ සැප්තැම්බර් 13 වෙනි දින ඉන්දියානු ශිල්පියෙක් වන පද්ම ශ්‍රී නාමයෙන් පිදුම්ලැබූ ඇම් ඇම් ස්තපති මහතා විසින් ආරම්භ කලා. දැන් අවුරුදු 10 ක් පුරාවටම මේ පිළිමයේ ඉදිකිරීම් සිද්ධ වෙනවා. පිළිමයේ උස අඩි 67.5ක්.  ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශයෙන් පස්සෙ ඇතිවෙච්ච අදහසක් එක්ක මේ පිළිමය හසන්න පටන් අරන් තියනවා. දැනට වියදම ලක්ෂ 440ක්. දැන් නම් පිළිමයේ වැඩකටයුතු ‍හුඟක් අවසන්.
ඒත් පිළිමයේ වැඩ සම්පූර්ණ තරන්න තව අවුරුදු 1 1/2ක් විතර යනවලු.

පිළිමය ගැන නම් රසවත් කතා බොහොමයක් තියනවා. කුරුණෑගල පැත්තෙ යනව නම් මේ පන්සලට ගොඩවැදිලා ඒ කතාත් අහගෙනම යන්න. මේ විශාල නිර්මාණය කරන්න දැන් ඉන්දියානු ශිල්පීන් අට දෙනෙක් පමණ පැමින සිටිනවා. ඔවුනට ගෙවන වේතනයත් රැස්වෙන්නෙ පිළිමයට ලැබෙන ආධාර වලින් තමයි. මේ සුවිශේෂි නිර්මාණයෙ වැඩිවිස්තර දැනගන්න ඕනෙ නම්

වෙබ් පිටුව - http://samadhibuddhastatue.lk
දුරකතන අංකය - +94 372 252 018
ෆැක්ස් අංකය - +94 372 252 018
ජංගම දුරකතන අංකය - +94 712 282 003 (රත්නසිරි පියවංශ මහතා - මාධ්‍ය නිලධාරී)
විද්‍යුත් තැපෑල - info@samadhibuddhastatue.lk හෝ amaramoli@gmail.com

මෙම පිළිමයේ වර්ථමාන තත්ත්වය විදහා දැක්වෙන මගේ කැමරාවේ රැඳිච්ච ඡායාරූප පෙලක් මේ. 
 
 පන්සල පිහිටා ඇති උස් කඳුමුදුනට ගමන් කරන ගල් තලාව.


උත්තිටිඨේ නප්පමජ්ජෙය්‍ය



පිලිමයේ වර්ථමාන ස්වරූපය
 
පන්සල මළුවේ සිට ලබාගත් අසාර්ථක පැනෝරාමා උත්සාහයක්. (ඡායාරූප 04ක් එකතු කර සාදන ලදී)

4 comments:

අවතාර් said...

මටත් ටිකක් හරි පිළිම වහන්සේට දායක වෙන්න ලැබුනා ඒ ගැන සතුටුයි
ළඟදීම යන්න හිතාගෙන ඉන්නවා

Achira said...

ඒක හොඳ දෙයක්. මෙහෙම දෙයක් හරිම සතුටට කරුණක්

Anonymous said...

Good Job Achira , This will help us to have good plan before we go for that job

The Modern Patriot said...

නොදැනමහිටි විස්තරයක්. බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කියුවට. මම නම් හිතා හිටියේ ගල් වඩුවෝ දැන් ඇත්තෙම නෑ කියල.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...