Monday, September 24, 2012

ලංකාවේ ආගන්තුක සත්කාරය සහ බිස්කට්


ටික කාලෙකට කලින් ලබපු අත්දැකීමක්. ළගදි ඇදිච්ච කතාවක් හන්දා මතක් වුනේ.

රූපවාහිනියෙ බිස්ක‍ට් ගැන වෙළද දැන්වීමක් ගියා. එතන හිටපු කෙනෙක් කිව්වෙ ලංකාවෙ තරම් බිස්කට් විකුණන රටක් තව නැතුව ඇති කියල. ඒවගේම තව කෙනෙක් කිව්වා ලංකාවෙ තරම් රස බිස්කට් වෙන කොහෙවත් නැතුව ඇති කියල.

ඉතින් මේකට තමයි මගෙ අත්දැකීම සම්බන්ධ වෙන්නෙ.

ඇයි ලංකාවෙ බිස්කට් මෙච්චර ජනප්‍රිය. හැම මනුස්සයම කන හන්දද? ඇයි බිස්කට් වැඩිපුර පාවිච්චි වෙන්නෙ.

නෑදෑ ගෙදරකට අරන් යන්න.

නෑදෑ ගෙදර ගියහම‍ තේ බොන වෙලාවක නම් අපිට හම්බවෙන්නෙ මොනවද? ඒ වෙලාවට අහන්නෙ මොකක්ද? තේකක් බොනවද? නැත්තම් කූල් එකක් බොනවද? ඒ තේක හම්බවෙන්නෙ එක්කො බිස්කට් එකක් එක්ක. නැත්තම් කේක් කෑල්ලක් එක්ක.

ඉතින් ඔය ආගන්තුක සත්කාරෙ හම්බවෙන්නෙ ලංකාවෙන් විතරයි.
ලංකාවට එන හුඟක් විදේශිකයෝ හරිම කැමතියි අපේ රටේ ආගන්තුක සත්කාරෙට.

ලංකාවෙ හුගක් දෙනාට ඒකෙ තේරුමක් අගයක් නෑ. ඒකෙ අගේ තේරෙන්නෙ ආගන්තුක සත්කාර නොදන්නා රටකට ගිහින් අපහසුතාවය‍ට පත්වෙන වෙලාවට.

මම ටික කාලෙකට කලින් රාජකාරි කටයුත්තකට අපේ අල්ලපු රටට ගියා. ඒකෙදි මට වැඩකරන්න වුනේ මුළු රටම පිලිගත්ත රොකට් සයින්ස් වලින් වැඩ කරන කෙනෙක් එක්ක. වයසින් නම් මගෙ තාත්තගෙ වයසෙ විතර ඇති. ඉතින් දවසක් මම එයාගෙ ගෙදර ගියා. (යන්න වෙච්ච හන්දා) .

ගෙදර ගියහම වාඩිවෙන්න කියල කියන්නවත් ආගන්තුක සත්කාරයක් එතුමා දැනගෙන හිටියෙ නෑ. අපි නම් ගෙදරට කෙනෙක් ආවහම ඉස්සෙලම කියන්නෙ වාඩිවෙන්න කියලනෙ.

ඉතින් පැය දෙකක් විතර අපි වැඩකලා. නමුත් පොඩි බීම එකක්වත් නෑ. මම ඇහැව්වා වතුර ටිකක් ඕනෙ බොන්න කියල. මට හම්බවෙච්ච උත්තරේ තමයි මුළුතැන්ගෙට යන පාර පෙන්නලා එතන ඇති බොන්න කියපු එක. අපි තමයි වීදුරුවකට වතුර පුරවලා පීරිසියක තියලා අමුත්තන්ට සංග්‍රහ කරන්නේ.

එහෙම දවස් ගානක් අපි එකට වැඩ කරනකොට සුහදත්වයක් ඇතිවුනා. කොහොම හරි දවසක් මම දවල්ට කන වෙලාවෙ ඒ ගෙදර හිටියා. ඒ වෙලාවෙ මට ලැබිච්ච උපදේශය තමයි පාරෙන් එහා පැත්තෙ තියන කෑම කඩයට ගිහින් කෑම කන්න කියන එක. මම කිව්වා මම ඔබත් එක්ක කෑම ගන්න කැමතියි කියල.

ඒවෙලාවෙ කිව්වෙත් ඒක එච්චර අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබට අවශ්‍යය නම් කෑම එකක් අරන් එන්න කියන එක විතරයි.

එතුමා ආගන්තුක සත්කාරය කියන දේ ඉගන ගත්තෙ ඊට හය මාසෙකට විතර පස්සෙ ලංකාවට ආපු වෙලාවෙ. අපි ඒ මිනිස්සුන්ට අපිට පුළුවන් විදිහට සැලකුවා. අන්තිමට ඇහැව්වෙ ඇයි මෙහෙම සංග්‍රහ කරන්නෙ කියල විතරයි.

මට කියන්න ඉතුරුවෙලා තිබ්බෙ ඒ අපේ හැටි කියල විතරයි.

අපේ රටේ ආගන්තුක සත්කාරය ගැන මීටත් වඩා දිග සටහනක් තැබීම අවශ්‍යය නෑ කියල මට හිතෙනවා.

10 comments:

වකා - WAKA said...

ගොඩාක් වටින ලිපියක්!

ජයවේවා

මයියා ( Mayya) said...

ආගන්තුක සත්කාරය විවිද රටවල එක එක විදිහයි... ඒක අපේ හැටි වගේම ඒවා එගොල්ලන්ගේ හැටි.... කොහොම උනත් ආගන්තුකසත්කාරය මගින් ඒ ඒ සමාජයේ හොද නරක තීරනය කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ...මොකද ආගන්තුක සත්කාරය අපට වඩා අඩු උනාට සමාජයක් වශයෙන් ඉතා ඉහල ගුණාංග තියෙන සමාජ මට මුන ගැහිලා තියෙනවා..

මයියා ( Mayya) said...

ආගන්තුක සත්කාරය විවිද රටවල එක එක විදිහයි... ඒක අපේ හැටි වගේම ඒවා එගොල්ලන්ගේ හැටි.... කොහොම උනත් ආගන්තුකසත්කාරය මගින් ඒ ඒ සමාජයේ හොද නරක තීරනය කරන්න අමාරුයි කියලයි මට හිතෙන්නේ...මොකද ආගන්තුක සත්කාරය අපට වඩා අඩු උනාට සමාජයක් වශයෙන් ඉතා ඉහල ගුණාංග තියෙන සමාජ මට මුන ගැහිලා තියෙනවා..

සුදා මල්ලි said...

සහතික ඇත්ත. සමහරක් වෙලාවට අපි හොඳ වැඩිද කියලත් හිතෙනවා..
ඒත් ගෙදරට ආපු මනුස්සයෙක්ට තේ එකක් නොදී පිටත් කරන්නේ කොහොමද කියල නම් මට තාමත් හිත ගන්න බෑ.
අයියගේ කතාව නම් එල

KolaVeri.D (කොළවෙරි.ඩී) said...

//ඒත් ගෙදරට ආපු මනුස්සයෙක්ට තේ එකක් නොදී පිටත් කරන්නේ කොහොමද කියල නම් මට තාමත් හිත ගන්න බෑ.//
සුදාමල්ලී ගේ මේ කතාව මමත් එකඟයි...

මටත් අචිර අයියට වගේම අත්දැකීමක් තියෙනවා..,හැබැයි අල්ලපු රටේ නෙවෙයි.., මේ රටේම මම ඉන්න නගරෙට අල්ලපු නගරයේ...
දවසක් උදේක මම අක්කා බලන්න එයාලා පදිංචි ගෙදරට ගියා.., දවල්ට කන වෙලාවට මස්සිනා ඇවිත් මට කියනවා "මල්ලි දවල්ට කනවනම් ඉස්සරහ කඩෙන් මොනවාහරි අරන් ඇවිත් කන්නකෝ ඈ" කියලා...

මමත් "හඃ" කියලා පොරට පින් එහෙම දීලා පාරට ඇවිත් bus එකක නැගලා ගෙදර ආවා...

මේක ඇත්තම සිද්දියක්.., ලංකාවෙත් තත්ත්වේ ඕකයි දැන්...

amila chathuranga said...

අපි ඒක කරනවා වෙන්න පුලුවන්....ඒත් අනික් අය කරන්නෙ නෑ කියලා ඒක ඒ අයගෙ අඩුපාඩුවක් විදියට දකින එක හොද නෑ....ඒක අේප ආවේනික ගතියක්...හොද හෝ නරක ඒක අපේ හැටි...ඔය විදියට එන අපේ තියෙන සැලකිල්ලම අපිට වෙලාවකට වාතයක් වෙනවා නේද?
නෑයො එනකොට යාලුවො එනකොට සමහර වෙලාවට අතේ පිච්චිය නැති වෙලාවල් තියෙනවා....ඒත් නය වෙලා හරි සාත්තු කරන්න එපාය..

The Modern Patriot said...

ඌණ පූර්ණ දෙන්න දෙයක් ඉතුරු කරල නෑ. අල්ලපු රටේ උන්ට වඩා නම් වෙන ඕන රටක් හොදයි. තවත් දෙයක් මම කීප වතාවක් මගේ මිතුරු යුරෝපීයන් ට මෙරටට ගෙනවල සංග්‍රහ කරල තියනවා. උන් ඔක්කොම අහන්නේ 'How does everyone has a smiling face in your country? what makes you so happy? ' කියල.

ඒ අපේ හැටි...ඒත් 'අපි කන හැටි ලිපා දනී'

හිරුහිමාවී said...

ඇත්තටම ලංකාව ඒ අතින් ඉදිරියෙන්..

අකලංක said...

ඕකුන් ඔහොමමයි. උගෙ ගානෙ වගේ පොවලා පොවලා උදේට ෂෙයා එක ඉල්ලනවා.

ළහිරු හිමේෂ් said...

ලංකාවේ ආගන්තුක සත්කාරය දැන් නැතිවේගෙන යන්නේ. ඒක ලංකාවේ අනන්‍යතාවයක්. ඒක නිසා අපිම තමයි ඒක ආපහු ඇති කරන්නත් ඕනේ