Sunday, March 27, 2011

තරග ජයග්‍රහණය සහ සුද්දාගෙන් පාඩම්

අපේ ශ්‍රී ලංකාවේ කොල්ලො ටික‍ ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදි ලෝකෙට ක්‍රිකට් කියල දුන්න එංගලන්තෙ සුද්දන්ට ගෙදරයන්න කියල කිව්වා තමයි. ඒකට අපේ පිළට සුභ පතනවා. ඒත් මේ පෝස්ට් එක ලියන්නෙ සුභපතන එකටම නෙමෙයි.

සාමාන්‍යයයෙන් අපි කෙනෙක්ට සුද්දා වගේ කියල කියන්නෙ අවංක නිහතමානී නම් තමයි. ඉතින් මේ ලංකාවට ආපු ඔරිජිනල් සුද්දො ටිකට සුද්දො කියලම කියන්න පුළුවන් අවස්ථා ගොඩක් ඒ තරගයේදි තිබ්බා. ඒකට කියන්නෙ මහත්මා ගතිය කියල. මහත්මා ගතිය තියෙන්නෙ මහත්වරුන් ලග විතරයි නෙ. ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක්.

හැබැයි හම සුදුවුනු තරමින්ම ඒ මහත්මා ගතිය එන්නෙ නෑ. හොදම උදාහරණය තමයි ඕස්ට්‍රේලියාවෙ සුද්දො. පොඩ්ඩ බැරිවෙන්න බෑ. බනිනවා කෑගහනවා. පරාජය කවදාවත් දරාගන්න බෑ. තමන්ගෙ ඕවරේකට හතරේ පාරක් වැදිච්ච ගමන් අම්මා තාත්ත මත්ක් කරල බනින සුද්දො තමයි එහෙ ඉන්නෙ. මතකනෙ ෂෝන් ටේට්.  ඒ අය ස්ලෙජින් වලට ඉස්සර ඉදන්ම දස්සයි.

දැන් බලමු මේ සුද්දො මොකද කලේ කියල. හැම වෙලාකම දැවීයාමකදිම කිසිම හැගීම්බර ගතියක් නැතුව හිනාවෙ‍වී තමයි පිටියෙන් ඉවත්වුනේ. කරදරයක් නෑ කිසිම. මම දැක්ක ඩිල්ෂාන් පන්දුයවපු වෙලාවෙ පන්දුව රැක ගන්න ගිහින් පිතිකරුවව අවහිර වෙච්ච වෙලාවක කිසිම කතා බහක් නැතුව හිනාවෙලා ඊට සමාව දුන්නා.

අපේ අය බැට් කරපු වෙලාවෙදි හැම වෙලාවෙම ඔවුන් හිටියෙ සිනා මුසු මුහුණින්. තමන්ගෙ ඕවර වලට එලව එලව ගැහැව්ව කියල නිකන්වත් ගනන් ගත්තෙ නෑ (මං හිතන්නෙ)
එක වෙලාවකදී ඩිල්ෂාන් ඩිල්ස්කූප් එක ගහන්න ගියා. ඒක වැරදුනා. නමුත් පන්දුයවන්නා අත්පොලසන් දීල ඒ උත්සාහය අගය කලා. අන්තිම මොහොතෙදි උපුල් තරංගට 100 ගහන්න ඩිල්ෂාන් පන්දු දෙකක් අතහැරපු වෙලාවෙදි ඒ අවස්ථාව හිනා මුසු මුහුණින් බෙදා හදා ගත්තා. ඔනෙ තරම් වයිඩ් පන්දුවක් දාලා ඒ ලකුණු සීය නැතිකරන්න තිබ්බත් ඒවගේ දෙයක් එතන වුනේ නෑ.

පරාද වුනා කියල පසු තැවීමක් නැතුව ආපහු තමන්ගෙ රට බලා පිටත්වෙන්න ඇති. පාකිස්ථාන කන්ඩායමේ මහත්මා ක්‍රිඩාව ගැන යූටියුබ් එකේ තියනවා. හැබැයි එන්ගලන්තෙ තියන වීඩියෝ ප්‍රමානය අනිත් රට වලට වඩා අඩුයි.

12 comments:

රොබින් said...

ඒක එහෙමනම් හොඳයි. මට ඊයේ මැච් එක බලාගන්න ක්‍රමයක් නැත්ද යාලුවා...?

Anonymous said...

සිරා... මොනවා උනත් උන් නියම සුද්දෝ

සිහින ඉසව්ව said...

ඒක නම් සිරා කතාව. මාත් ගියා ඊයේ මැච් එක බලන්න. මැච් එක නම් එළ. හැමෝම වගේ කතා උනෙත් එංගලන්තේ මේ මහත්මා ගතිගුණ ගැන තමා..

Unknown said...

Sri Lanka vs England
http://www.criconline.tv/

chamoda said...

ඒකට පකිස්තානෙ එවුනුයි ඉන්දියවෙ එව්නුයි. මටනම් උන් පෙන්නන්න බැ.

Amila Chathuranga said...

මම බැලුවෙ මයික් ඇතර්ටන් අවසානෙ කරන හැටි ඒකත් ලස්සනට කලා...
උන්ට ක්‍රිකට් කියන්නෙ සෙල්ලමක් විතරයි ඒත් අපේ බහුතරයකට ක්‍රිකට් කියන්නෙ ලයිෆ් එක...

Haru said...

සහතික ඇත්ත කතාව. උන් ටික නියම සුද්දො වගේ තරගේ පුරාවටම හිටිය. පුදුම සුහදත්වයක් තිබ්බෙ හැම වෙලාවකම. නිකන් බොරුවට පඩ ශෝ දාන්න ගියේවත්, ලේ කෝප කර ගත්තෙවත් නැතිව, මැච් එක මහත්මා විදියට සෙල්ලන් කරා. පට්ට. මට මතකයි එක පාරක් තරගාවලියක මැතිව්ස් ලකුණකට දුවද්දී එන්ගලන්තෙ Player කෙනෙක්ගෙ ඇගේ හැපිල ලකුණ සම්පූර්ණ කර ගන්න බැරිව දැවී ගියා. විනිසුරු තීරණය වුනේ මැතිවුස් දැවී ගිය ක්‍රීඩකයෙක් බව වුනත් Andrew Strauss එය ප්‍රතික්ශේප කරල නැවත මැතිවුස්ට බැට් කරන්න ආරාධනා කලා. පක්කලි Aussiesල, Indiansල වගේ වුන් එක්ක බලද්දි England team එක මහත්වරුන්ගේ ක්‍රීඩාවට කරන්න පුලුවන් උපරිම ගරුත්වය දීල සෙල්ලම් කරන උසස් ජාතියක්.

නිලංක said...

මමත් මේ කියන දේ නම් දැක්කා. මට හිතුනේ game එක change කලා වත්ද කියලා? ගාණක් නැතිව ඉන්න බැහැනේ නැත්නම්, :) නෑ නෑ ඒ උන්ගේ හැටි

Dinesh_Silva said...

I think thats why they are yet to win a world cup. (England I mean)

Dinesh_Silva said...

I think thats why they are yet to win a world cup. (England I mean)

Achira said...

අනික බලන්න ආපු නරඹන්නොත් ඒ වගේම තමයි. පරාදවුනා කියල ගෙවල් කුඩු කරන්න යන්නෙ නෑනෙ. මම දැක්ක බොහොම සන්තෝසෙන් ලංකාවෙ මිනිස්සු එක්ක එකතුවෙලා රසවිදිනවා.

ඩිල්ෂාන් දෙවෙනි 6 ගහපු වෙලාවෙත් ඒක 4ක් නෙමෙයි 6ක් කියල විනිසුරුට කියන්න තරම් හැදියාවක් සුද්දන්ට තිබ්බා.

Podi Kumarihami said...

එංගලන්තේ නරක සුද්දෝ ඉන්නවා වගේම ඔස්ට්‍රේලියාවේ හොඳ සුද්දොත් ඉන්නවා. මේක රටේ ප්‍රශ්නයක් වෙන්න බෑ. අපේ රටේ ක්‍රීඩකයින්ගේ මානසික තත්වය ඔය වගේ බැනීමකින් වට්ටන්න පුලුවන් කියලා දන්න හන්දා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඒ ක්‍රියා මාර්ගය අනුගමනය කරනවා වෙන්න පුලුවන්. අපේ අයට ඒ වෙලාවට තියෙන්නේ හිනාවෙලා මොකක් හරි කියන්න. Brett Lee දන්න තරමින් හොඳ කෙනෙක්. එයා ඉන්දියාවේ සෑහෙන කල් ඉඳලා,asha bhosle එක්ක හින්දි සින්දුත් කීව කෙනෙක්......

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...