අචිර‍‍ගේ දිනසටහන්

Wednesday, March 24, 2010

මට මගහැරුණු ඇය

මේක මගෙ යාළුවෙකුට වෙච්ච දෙයක්. මේක මට කියන වෙලාවෙ යාළුවගෙ හිතේ ඇතිවෙච්ච හැගීම් මට හොදට පෙනුනා. කතාවෙ නම් ගන්න දෙයක් ඇති කියල නම් මම හිතන්නෙ නෑ. ඒත් ඉතින් හිත ඇතුලෙ ඇතිවෙන ප්‍රේමයට සීමා මායිම් නෑ. ඒක හන්ද යන්තම් පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුවා.

මගේ මිතුරා විවාහකයි. එයා එයාගෙ භාර්යාවට අවංකවම ආදරේ කරනවා. ඒත් මේක යෝජිත විවාහයක්. එතකොට පස්සෙනෙ ආදරේ කරන්න වෙන්නෙ. නමුත් ඔවුන් බොහොම සතුටින් ඉන්නවා. යාළුවා උපාධිධාරියෙක්.

යාළුවා කියපු විදිහට කතාව මෙහෙමයි. යාළුවා වැඩට යන්න බස් කිහිපයක යන්න වෙනවා. ඉතින් උදේ යාළුවා වැඩට එනකොට බස් එකට නැග්ගා යුවතියක්. ඇත්තම කිව්වොත් වැඩට යන නංගි කෙනෙක්. සාරියක් ඇදලා. ඇත්තටම හරි ලස්සනයි(ලු). යාළුවා මේ නංගිව පොඩිකාලෙ ඉදලම දන්නවලු. දහම් පාසලේ දි නැටුම් පන්තිවලදි වගේම ඒ නංගි ඉස්කෝලෙ යන කාලෙත් මේ නංගි යාළුවව දන්නවලු. ඊට පස්සෙ මේ නංගි උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලෙත් ගියාලු. මේ කාලෙ වෙනකොට යාළුවට හදිස්සියෙම අවුරුදු කීපයකට විදේශ ගත වෙන්න වෙලා. යාළුව රට ඉදන් ආවට පස්සෙ දවසක විශ්ව විද්‍යාලෙට ගිය වෙලාවක නංගිව දැකලා. මේ වෙනකොට මේ නංගී හරිම ලස්සනයිලු. ඉතින් යාළුවටත් හිතක් පහල වෙලා. අවුරුදු ගානක් ලංකාවෙ ඉන්නෙත් නැතුව වෙන දේවල් දන්නෙත් නැතුව ඒ වගේ ලස්සන ළමයෙක් කැම්පස් ගිහින් තනිකඩව ඉදියි කියල මගෙ යාළුව හිතල නෑ. ඒක හන්ද හිතේ ප්‍රේමය හිරකරගෙනම ඒක මියැදෙන්න ඇරල ඉදල තියනවා.

තවත් අවුරුද්දක් විතර ගියහම යාළුවා යෝජිත විවාහයකින් විවාහ වෙලා. ඒ දවස් වලත් වැඩට යන‍ කොට මේ නංගි විශ්ව විද්‍යාලයේ අන්තිම වසරෙ අන්තිම හරියෙ දේශණ වලට යන්න බස් එකේ නගිනවා. නංගිත් යාළුවා එක්ක ලස්සනට හිනාවෙනවා. පස්සෙ යාළුවට දැනගන්න ලැබුනා (විශ්වාස දායක ආරංචි මාර්ගද දන්නෙ නෑ) ඒ ලමයා තාම තනිකඩ කියලා. මගෙ යාළුවට ඇතිවෙච්ච දුක ගැන කියන්න ඕනෙ නෑනෙ.

ඔහොම තව මාස කිහිපයක් මේ දෙදෙනා බස් රථයේ අහම්බෙන් මුන ගැහුනා. දැන් නංගී විශ්ව විද්‍යාලයෙන් සමු අරන් විශ්ව විද්‍යාලයේම instructor කෙනෙක් හැටියට වැඩ කරනවාලු. සාරි ඇදගෙන වැඩට යන්නෙ ඒකයි. මේ කියන දවසෙත් මේ නංගි යාළුවට හම්බවෙලා තියනවා. එදා ඒ නංගි යාළුවත් එක්කම බස් එකෙන් බැහැල ඒ එක්කම ඇවිත් තියනවා. යාළුව අහල කැම්පස් නේද යන්නෙ නංගි කියල. නංගිත් ඔව් කියල යාළුව නැග්ග සුඛෝපභොගී බස් රථයෙම නැගල යාළුව වාඩිවෙච්ච සීට් එකේම වාඩි වෙලා. ඉතින් දෙන්න කතා කර කර ගිහින්. කතාවෙ පොඩි තිගැස්මක් ඇතිවෙලා තියෙන්නෙ නංගී යාළුවගෙ අතේ තිබ්බ මංගල මුද්ද දැකපු වෙලාවෙ. යාළුව බැදපු බව නංගි දැනගෙන ඉදල නෑ. ඉතින් නංගිගෙ බලාපොරොත්තු සුන් වෙලා. පස්සෙ තමයි යාළුව දැනගත්තෙ ඒ නංගි එයා ගැන බලාපොරොත්තුවෙන් ඉදල තියන වග.

කොහොමත් ලංකාවෙ සංස්කෘතියට අනුව ගැහැනු ලමයි ඉස්සර වෙන්න යන්නෙ නෑනෙ. නංගිත් අයියා කොයි වෙලාවෙ හරි අහයි කියල තමයි ඉදල තියෙන්නෙ. කොහෙද? යාළුවා එතකොට බැදලත් ඉවරයි. යාළුව ඔය කතාව කිව්වා පස්සෙ කියන්න දෙයක් නැතුව මමත් ගල් ගැහිල බලන් හිටියා. ප්‍රේමය කියන එක කොච්චර දරුණු හැගිමක්ද?

Labels: , ,

6 Comments:

  • ආදරෙයි නම් ඒක කියන්න ඕනෙ හිත හිත ඉන්නෙ නැතුව........ ලැබුනත් නොලැබුනත් අඩුගානෙ ආදරේ ප්‍රකාශ කලා කියන සැනසීමවත් ඉතුරු වෙනව ......

    By Blogger විශ්මි, at 7:53 PM  

  • yuwathiyakata oba atharenam ayata pawasana,pawasemata atha pasu wenam aya gana nosithan.........

    By Blogger Ruwan bhagya, at 8:06 PM  

  • හ්ම්ම්ම්ම්.........
    දැනෙන කතාවක් :(

    By Blogger ඉශාන් තිළිණ, at 9:04 PM  

  • ඕක කියන එක නෙව අමාරුම වැඩේ..

    By Blogger සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath, at 9:38 PM  

  • ‍මේක කියවලා මතක් උනේ අපේ අතාගෙ තාත්තා බැදල හිටපු ආච්චිට ළමයි හිටියෙ නැතිලු, ඒ නිසා ආච්චි කියල තියෙනව වෙන කෙනෙක් ගේන්න කියල ඒක එහෙම උනා අර ආච්චි වෙන නෑයො වෙන ගෙදරක මැරෙනකම් හිටියා. එයා අතාගෙ ලමයින්ට එහෙමත් ආදරෙන් සැලකුවා. දැන් වගෙ කාලෙක නම් මොනවා වෙයිද.

    By Blogger alaya, at 11:20 AM  

  • Hmm.. What a story. Nice...

    By Blogger manjula, at 8:28 PM  

Post a Comment

Links to this post:

Create a Link

<< Home