
අපි ලෝකෙ රවුම් කියල හිතුවට තාම ලෝකෙ පැතලියි කියල හිතන සෙට් එකකුත් ඉන්නවා. (හිතන්න එපා ඒ අර සීසර් ගෙ කාලෙ ගෝල් දේශයේ වැසියො කියල. මොකද ඒගොල්ලොනෙ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතාගෙන හිටියෙ) මේ අපි ජීවත්වෙන ලෝකෙම ඉන්න මිනිස්සු තමයි එහෙම හිතන්නෙ. හිතල නිකං ඉන්නවනම් තව කමක් නෑ. මෙන්න ඒකට හේතුත් හොයල ජාත්යින්තර පැතලි ලෝක සංගමය (International Flat Earth Society) කියල සංගමයකුත් හදාගෙන. අනේ මන්ද? මේ වගේ හිතන මිනිස්සු එක්ක අපිත් ඉන්නවනෙ. ඒ කාලෙත් (මට හරියටම මතක නෑ. ගැලීලියෝටද කොහෙද) පල්ලියෙ නිවාස අඩස්සියට පත්වෙන්න වුනෙත් ලෝකෙ ගෝලාකාරයි කියල. (වැරදි නම් මා නිවැරදි කරත්වා) ඉතින් තාමත් ලෝකෙ පැතලියි කියල හිතන අය ගැන කවරකතාද? ඒ අය ගැන දැනගන්න මේ යොමු පාවිච්චි කරන්න.
විකිපිඩියා යොමුව
සංගමයේ වෙබ් අවකාශය 1
සංගමයේ වෙබ් අවකාශය 2
8 comments:
ඉතින් ලෝකෙ පැතලියි තමයි. ඕක බෝලයක් වගේ තිබුනොත් කොහොමද ඕකෙ මිනිස්සු ඉන්නෙ. යට පැත්තෙ ඉන්න අය පල්ලෙහට වැටෙයිනෙ
ඒ කියන්නෙ මේක ටිකක් බොන්න ඕනෙ ප්‍රශ්නයක්ද? :(
ලෝකෙ පැතලිත් නෑ රවුමුත් නෑ. ඒක අටපට්ටං. දන්නෙ නැද්ද? ආපෝ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපියෝ.
@Chanaka Aruna Munasinghe
aniwa LOkaya pathliy thama
කවුද ඩෝ ලෝකේ ගෝලාකාරයි කියන්නේ? වහාම ප්‍රකාශයක් කරපන් නිවැරදි කරලා. නැත්නම් සුදු වෑන් ආවොත් අපි දන්නේ නෑ.
@දොඩන්
ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.
@Grey
අනේ අම්මෝ සුදු වෑන්.... ලෝකෙ ගෝලාකාර නෑ. හැබැයි බෝලයක් වගේ මට හිතෙන්නෙ.
ලෝකය පැතලි වත් ගෝලාකාරවත් නෑ. ඒක තැටියක් http://www.facebook.com/photo.php?pid=4032326&id=147563167690
:D
Pissuda manda.
Post a Comment