Sunday, February 28, 2010

තාත්තට පනස් අටයි

ඒ මගේ තාත්තාය. මට මේ ලොව සිටිනා, මා විස්වාස කරන, මා අදහන එකම මිනිසා ඔහුය. බුදුන් වහන්සේ මෙන් මා දකින එළෙසම මාගේ ගෞරවයට පාත්රටවු මිනිසා මගේ තාත්තාය.

මා මෙළොව එලිය දකින්නට මත්තෙන්ම මගේ අවශ්ය‍තා සොයා බැලු තාත්තා හැකි සැම අයුරකින්ම ඒ අවැසි දෑ පිරිමසාලන ලදී. මා ඉපදුනු පසු නේක විධ දුක් වේදනා විදිමින් හරිහමන් රස්සාවක් කුසට අහරක් නොමැතිව මා තුටින් තැබීමට ඔහුකළ මෙහෙය මා අවබෝධ කරගත්තේ මා කුඩාකළදිමය. පුතෙකුගේ අනාගතය උදෙසා පියෙකුගේ සිතුවිලි රැගත් ප්රේ මකුමාර ජයවර්ධනයන්ගේ

කරදිය ගැඹරේ - තුන් යම ගෙවුනේ
නුඹගේ දෑතට -දිරිය වඩනනයි
සුහුඹුල් අත්පා යදඩු කරන්නයි
කිරි කැටි පුතුනේ..... කිරි කැටි පුතුනේ.....
පදවැල ජීව්තය පුරාම මා සිත පැහැරගත්තේ මාගේ පියා නිසාමය.

කාළය ගෙවී ගොස් ඇත. එකළ සුහුඹුල් අත්පා දැන් යද‍ඩු වී ඇත. හැකිවෙර යොදා ඔහු මා මනුස්සයෙකු කලේය. මුදලට මනුස්සකම විකිනෙන සමාජය තුල මනුස්සකම රැකගන්නේ කෙසේ දැයි හෙතෙම කියා දුන්නේය. මා සෞන්දර්යවාදියෙකු වුයේ ඒ බලපෑම මතය.

මට හොද අධ්යා.පනයක් ලබාදීමට වෙහෙස වූ තාත්තා මා උපාධිකාරයෙකු වූ දිනයේත්, පළමු වර උසස් පෙළ අසමත් වූ දිනයේත්, සාමාන්යෙ පෙළ ඉහලින්ම සමත් වූ දිනයේත් හැසිරුණු උපේක්ෂා සහගත බව මට හොදින් මතකය. මගේ තාත්තාට උපාධියක් නැති බව සැබෑය. නමුත් සමාජය විසින් ඔහු උගතෙකු කර ඇත.

තාත්තාට දැන් පනස් අටකි. මේ ඔහු විශ්රාතම සුවයෙන් කල් ගෙවිය යුතු සමය වුවත් තවමත් ඔහු අප වෙනුවෙන් වෙහෙස වී වැඩකරන්නේය. ගෙදරට මට තනිවම කන්න අදින්න උපයා දිය හැකි නමුත් ඒ සියල්ල මගේ ඉතිරියටැයි පවසා උදෑසනම නැගිට තාත්තා තම සේවා ස්ථානය වෙත යයි.

තමන්ගේ උපන්දිනය කවදාදැයි හරියට මතක්නොවන තාත්තා අප උපයා සපයාගත් දෙයකින් තෑගි ලෙස ඇදුමක් පාවහන් යුගලයත් වැනි යමක් දුන්විට නිරාමිස සතුටත් ලබයි.

තාත්තාගේ පනස් අටට වෙනසක් කලයුතුයයි සිතු මම එදිනට නිවසින් පිටතට චාරිකාවත් (Outing) යිමට තිරණය කළෙමි. මේ වසර පනස් අටටම උපන්දිනයකට එවැන්නක් සිදුනොවූ නිසා ඒ ගැන අදහසක් මා සිත්තුල ඇතිවිනි. තාලයත් සමග වැඩකටයුතු ලහි ලහියේ සිදුවිය. ඒ තාත්තාට හොරෙනි. අවසනදී ගමන ගැන තාත්තා‍ට කියන දිනය උදාවිය. ඒ වගකීම භාරගත්තේ අම්මාය. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් අපි එවැනි චාරිකාවත් සංවිධානය කර ඇතිබව තාත්තාට පැවසුවාය.

මගේ තාත්තාගේ මුහුණේ ඇදුනු හසරැල්ල ජීවිත කාළය තුළම ‍මගේ මතකයේ රැදී පවතී. ඒ මා ඔහුගෙන් ලද සුන්දරතම හසරැල්ලය. මා ඔහුගෙන් බලාපොරොත්තු වුයේද ඒ හසරැල්ල පමණි. ඔහු නැවතත් මගේ බලාපොරොත්තු ඉෂ්ට කලේය. ඒ හසරැල්ල මගේ ජීව්තයේ තවත් දශක ගනනාවකට බලාපොරොත්තු එක් කලේය.

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

5 comments:

.::පිස්සා::. said...

ඔන්න එහෙනම් පිස්සා, ඔයාලාගේ තාත්තට සුබ උපන් දිනයක් පතනවා!!!

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් මලයා දන්නවද...? office එකේදී උනත් මේක කියවලා මගේ ඇස් දෙකට කඳුලු ආවා.... මෙහෙම දරුවෝ ලබන්න දෙමව්පියෝ හැබෑම වාසනා කරන්න ඕනෑ... මගේ අප්පච්චිගෙත් උපන් දිනය මාර්තු 5..මම අද කාඩ් එකක් යැව්වා... තෑග්ගකුත් ලෑස්ති කෙරෙව්වා... මල්ලිගේ තාත්තටත් දීර්‍ඝායු ලැබෙන්න කියලා ප්‍රාර්‍ථනාකරනවා....

wath said...

මගේ තාත්තාගෙ උපන් දිනය ලෝකෙම සමරන දිනයක් ඒ1948.02.14 (වැලන්ටයින් දිනය.)

මම හිතගෙන හිටියේ දූලා තමයි තාත්තාලාට මේ තරම් ආදරේ කරන්නේ කියලා. තාත්තා නැති මට ඔහුගේ වටිනාකම දැනෙන තරම කියන්න වචන නැහැ. මගේ තාත්තා මට නැති වෙන කොට යන්තම් 55 වුනා විතරයි.

දහඩිය සුවද මුසුවී ආ ඔඛෙ සුවද
ජීවත් කළා අප මල් මෙන් පෙර දිනක
ඔබ නැති ලොවේ අඩු පාඩුව කිසිදිනෙක
නැතිකළ හැකිද මේ ලොව සිටින කිසිවකුට


සෙනෙහස ගැන කියන කාටත් තාත්තා කියන්නේ මහ මෙරක් ....
ඔබේ තාත්තාට සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනව.

manjula said...

Very touching post Achira. Wishing your father a very happy (belated) birthday and may the triple gems bless him always! You have done a great job - Let him to read this blog - so that you will be able to see his smile again.
you are a grate son !

Achira said...

මගේ තාත්ත‍ට සුභ පතපු ඔයගොල්ලො හැමදෙනාටම බොහෝම ස්තුතියි.මට මෙතනදි සදහන් කරන්න බැරිවෙච්ච දෙයක් තිබුනා. ඒ උපන් දිනය දවසෙ උදේ උපන් දිනයට සුභ පතල තාත්තෙ අපි එහෙනම් යමු නේද? කියල ඇහුවම තාත්තා මාව බදාගෙන සිපගත්ත හැටි මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.