Wednesday, October 05, 2016

බුක් ෆෙයා - මගේ ඇසින්


දස ලක්ෂයක් දෙනා නැරඹූ (නැරඹූ කියන්නෙ ඉතිං බලන්න ආපු කියන එක තමයි) මහා බුක් ෆෙයා එකට මමත් දවසක් ගියෙමි.  එහි ගොස් සිදුවූ රස්තියාදු ඇතුළු තවත් මට හිතෙන දේ වාර්තාවක් මෙන් සටහන් කරමි.ටිකක් පරණ සිදුවීම් වුවත් අමාරුවෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.
කියවීම සිතීම විචෑරීම ඔබට බාරය.
  • -          මෙවර බුක් ෆෙයා එක සැනකෙලියක් මෙන් විය. පසුගිය වසර ගනනක් එක දිගටම ගිය නිසා මෙවරද මම ඒ දෙසට ගියෙමි
  • -          වෙනදාට බී එම් අයි සී එච් එක ඇතුලේ වාහන ගාල් කළ හැකි නමුත් මෙවර ගාල් කල යුත්තේ එලියේය. උදේම ගිය නිසා යන්තම් පාර අයිනක වාහනය නවතා ගත හැකි විය. පහුවෙලා පැමිනුන අය කොහේ නවතාගත්තාදැයි මම නොදනිමි
  • -          මෙවර ටිකට් එකක් වෙනුවට දුන්නේ බුක් මාක් එකක් බැවින් වැඩේ හොඳ යයි  මට සිතුනි. එය බුක් මාක් එකක් බැවින්ද ටිකට් එකක් බැවින්ද මිනිස්සු එය විසි කරපු බවක් මම දැක්කේ නැත.
  • -          ටිකට් එකක් නමුත් අතර මගදී ටික්කෝ නැති නිසා ටිකට් නැතුවද ඇතුල් විය හැකිව තිබුණි. උදාහරණයක් ලෙස තුන්වන ගේට්ටුවෙන් ඇතුල් වන ඕනෑම කෙනෙකුට ටිකට් පතක් නොමැතිව ප්‍රදර්ශනයට ඇතුල්වීමේ හැකියාව තිබුනි.
  • -          මාතෘකාව පොත් ප්‍රදර්ශනය නමුත් ඒ හා සමාන ප්‍රමානයක් තේ කඩ, මැගී කඩ, හෝටල්, හොට් ඩෝග් කඩ තිබුණි. පොත් ගන්න ආ බොහොමයක් ඒ කඩ වල ගිමන් හරිමින් සිටියහ. පොෂ් ඈයෝ පොත් නොගෙන මැගී කෑහ, කෝක් බිව්වහ.
  • -          ටිකට් පතක මිල රුපියල් විස්සක් නිසා (ජෝන් ඇමති තුමාට අනුව) අනවශ්‍ය අය බොහොමයක් දවස ගෙවා ගැනීමට මෙහි රස්තියාදු වීමට පැමිණියහ. එය ඇත්තට පොත් ගන්න ආ අයට ඉමහත් වදයක් විය.
  • -          මෝටර් ෂෝ විවාහ වැනි ප්‍රදර්ශන වලට කාලය කා දමනන්නන් පැමිණේ. නමුත් ටිකට් එකක් 100-150ත් අතර වන නිසා එයිනුත් සමහරක් පැමිණෙන්නේ නැත. පොත් ප්‍රදර්ශනයේද ටිකට් පතක් 150ක් 200ක් කලහොත් එයට පැමිණෙන්නේද අවශ්‍යම අය පමණක් විය හැකිය. තවත් අවශ්‍ය නම් එම ටිකට් පතෙන් රුපියල් 150ක පොත් ලබාගැනීමට හැකියාව ලබාදිය යුතුය.
  • -          ප්‍රදර්ශනයේ නිල බැංකු කරුවූයේ සම්පත් බැංකුවයි. නමුත් එහි ඇති ඒ ටී එම් යන්ත්‍රය ඇතැම් තැන් හීදි ලංකා පේ සේවාව අත්හිටුවා තිබුනි.
  • -          ඉන්පසු එකම විකල්පය වූ ලංකා බැංකුවද වරුවක් තිස්සේ ඒ ටී එම් යන්ත්‍රයට මුදල් දමමින් දිගු පෝලිම් ඇති කර තිබුණි.
  • -          මෙවර බොහෝ කුටි වල කාඩ් මගින් ගණුදෙනු කල හැකිවූ බැවින් ඒ ටී එම් විකල්පය වෙනුවට කුඩා අවස්ථාවක් තිබුණි.
  • -          බොහෝ කුටි 20%ක හෝ වැඩි වට්ටම් ලබා දී තිබුණි. එය ඉතාම හොඳ දෙයකි.
  • -          ඇතුල් වන විටම ස්වර්ණ පුස්ථක වල අවසන් වටයට නිර්දේශිත පොත් පත්වල නම් ගසා තිබුණි. නමුත් ප්‍රකාශකයා සඳහන් නොවූ නිසා පොත් සොයා යාමේදී අපහසුතාවය මෙහිදී නොකියාම බැරිය.
  • -          පැය දෙක තුනක් කරක් ගැසූ නමුත් අවශ්‍ය ඇතැම් පොත් සොයාගත නොහැකිවූ නිසාත් පොත් කර ගසා සිටීමත් අපහසු වූ නිසාත්, නැවත පසුදා පැමිණෙන්නැයි සිතා බී එම් අයි සී එච් එකෙන් එලියට බැස්සෙමි.
  • -          මා සමගම එලියට බට බොහෝ තරුණ ළමයි පොත් ප්‍රදර්ශනයට පැමින රංචු ගැසී අඩුම තරමේ රුපියල් විස්සට තිබූ අබලි පොතක් වත් නොගෙන කෑ ගසමින් එළියට ආහ.
  • -          පසුදාත් යාමට අවශ්‍යතාවය තිබුනත් එදින අනුභව කල කට්ට මතක් වී සිතමින් සිටින විට එකවරම ගණ දෙවියන් වැඩම කළහ.
  • -          අන්තර් ජාලයට ගොස් සරසවි පොත් හල, විජිත යාපා පොත් හළ ගුණසේන ගොඩගේ වැනි පොත් හල් වල වෙබ් පිටු වලට ගියෙමි. එහි ගොස් අවශ්‍ය පොත් වල කතෘ සමග නම් ලියාගතිමි.
  • -       පසුදා උදයම මම ළගම ඇති නුගේගොඩ සරසවියට ගියෙමි. උදේම නිසා කවුරුත් නැත. නිවිහැනහිල්ලේ වාහනය නවතා ඇතුල් වනවිටම ස්වර්ණ පුස්තක සියළුම පොත් දොර ලග කබඩ් එකේ විය. ඉන්නා සේවිකාවන්ගේ උදව්ගෙන ඉතා ඉක්මනින් (විනාඩි 20ක් විතර ඇතුලත) ගැනීමට අවශ්‍ය සියළුම පොත් එකම වහලක් යටින් 20%ක වට්ටමකට ලබාගතිමි.
  • -          ලබන අවුරුද්දේත් හිරවී තදවී මහන්සිවී පොත් ගැනීමට අවශ්‍යයයි සිතුනහොත් පමණක් මම බී එම් අයි සී එච් යමි.

2 comments:

Anonymous said...

ඔක්කොම ඉතින් බොරු ශෝ කාරයෝම තමා ඉන්නෙ ඉතින් මෙහේ නේ

නිම්නයක තනි වී හීන දකින්නී. said...

මීට අවුරුදු 4කට 5කට කලින් යනකොටත් වාහන පාර්ක් කලේ එළියේ තමයි..

//උදාහරණයක් ලෙස තුන්වන ගේට්ටුවෙන් ඇතුල් වන ඕනෑම කෙනෙකුට ටිකට් පතක් නොමැතිව ප්‍රදර්ශනයට ඇතුල්වීමේ හැකියාව තිබුනි.//
කොහේ ගියත් හොර පාරවල් සෙවීමට නම් ලාංකිකයන් තරන් දක්ෂයන් නැතුව ඇති..

ඔබ හිතාගෙන ඉන්නේ මේ පොත් ප්‍රදර්ශන තියෙන්න පොත් කියවන්නන් සඳහා කියලද, ටිකට් එකේ ඉඳලම තියෙන්නේ බිස්නස් එකක්නේ..

ඔබ අවසානයට කරලා තියන ක්‍රියාව කරන්න පෙළබෙන අය වැඩි වෙන කාලය එක්ක මේ වගේ පොත් ප්‍රදර්ශන වලින් ලැබෙන ලාභය අඩු වෙද්දි පොත් කියවන්න ඕන අය විතරක් පොත් ඇති තැන් වල දකින්න ලැබේවී..එතෙක් හැම අවුරුද්දෙම මේ ගැන එක එක අය එක එක විදිහේ ලිපි ලියලා නොමිලේ ප්‍රචාරණය කරලා දේවි..

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...