Sunday, November 29, 2015

පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට නම්

පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල මටත් හිතට ගොඩක් දේවල් ආවා. ඒත් ඉතිං පස්න ගොඩක් ආවානෙ. ඉතිං ලියන්න  වෙලාවක් තිබ්බෙ නෑ. දැන් පොඩි වෙලාවක් හම්බවෙච්ච හන්දා ලියන්න හිතුවා. හැබැයි මේක ටිකක් දිග කතාවක්. ඇත්ත කියවන කොට කොහොමත් නීරසයි. නීරස වුනත් කියවන්න කියල මම ආරාධනා කරනවා. (මේ කතාවෙ කියල තියන පුද්ගලික විශ්ව විද්‍යාල කියල කියන්නෙ දහයෙ දහයෙ බිල්ඩිමක් ඇතුලෙ හුලං වදින්නේ නැතුව - පිටරට ටියුෂන් පන්තියක ලංකාවෙ මධ්‍යස්ථානය කියල තියන තැන් නෙමෙයි කියල කියන්න කැමතියි)

අපේ කතාව (ඇත්තටම මේ මගේ කතාව වෙන්නත් පුළුවන්) මෙහෙම පටන් ගම්මු. මම යන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝලෙකට. මොකක් හරි හේතුවකට මට පළවෙනි වතාවෙ විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු ලැබෙන්නෙ නෑ. ඉතින් දෙවනි වාරය කරන්න පුද්ගලික ටියුෂන් යනවා. මේ ටියුෂන් පන්තියට තමන්ගෙ නෑ ගෙවල් වල ඉඳන් බදුල්ල, හම්බන්තොට, දඹුල්ල වගේ ඈත ඉඳන් ළමයි එනවා ඉගන ගන්න. කට්ටියම දෙවනි වාරෙ උසස් පෙළ කරනවා. මම කරන්නෙ විද්‍යා විශයයන්. මට සී සාමාර්ථ 3ක් තියනවා. දිස්ත්‍රක් කුසලතාවය 2000 විතර හම්බවෙනවා. (උපකල්පනයක් පමණයි). ඒ වගේම අර බදුල්ල, හම්බන්තොට, දඹුල්ල පැතිවල ඉඳන් ආපු යාළුවන්ටත් සී 1යි එස් 2, සී 2යි එස් 1යි වගේ ප්‍රථිපල තියනවා. හැබැයි දිස්ත්‍රික් කුසලතාවය 500 වගේ අගයක් (උපකල්පනයක් පමණයි).. මට වැඩ පුළුවන් වුනාට මට කැම්පස් යන්න හම්බවෙන්නෙ නෑ. හැබැයි එකම විභාගෙ ලිවපු මගෙ මිත්‍රයො ටික මටත් වඩා අඩු දක්ෂතාවයක් තියාගෙන කැම්පස් යනවා.

හැකියාව තියාගෙන බෝට්ටුවකින් වත් ආණ්ඩුවෙ කැම්පස් එකකට යන්න පිං මදි වුනත් මගේ අධ්‍යාපනය මෙතනින් ඉවර කරන්න මට හිතෙන්නෙ නෑ. මම SLIIT එක මගේ ඊලග වරණය හැටියට තෝරාගන්නවා. (තව කෙනෙක්ට NIBM, NSBM, SITAM ඕනෙ එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මගෙ කාලෙ තිබ්බෙ SLIIT, NIBM විතරයි). මගෙ අනිත් යාළුවො ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවලට යනකොට එයාලට වියදම් කලේ මහජනතාවගෙ සල්ලි. එයාලගෙ ෆෝන් බිල් ගෙවන්න මහපොළ දුන්නෙත් මහජනතාවගෙ බදු වලින් එකතු කරපුවා.

මට SLIIT එකට යන්න වියදම් කලේ මගේ තාත්ත අමාරුවෙන් හම්බකරපු සල්ලි. මට ආණ්ඩුවෙන් කිසිම සහනාධාරයක් ලැබුනෙ නෑ. අපිත් එක්ක ඉගන ගන්න සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වල සහෝදර සහෝදරියො වගයක් ආණ්ඩුවෙන් එවලා තිබ්බා. අපි කිසි වෙනසක් නැතුව ඉගන ගත්තා.

මගේ යාළුවෝ ආණ්ඩුවෙ කැම්පස් වලින් ඉගන ගන්නකොට නවතින්න තැනක් නැතුව නේවාසිකාගාර ලබාදියව් කිව්වා. මහජනතාවගෙ මුදලින් ඒ අයට නේවාසිකාගාර හම්බවුනා. අපේ දුර ඉඳන් ඉගන ගන්න ආපු යාළුවො හරියට බඩට කෑමක් නැතුව කියන කියන ගනන් වලට බෝඩිං වල හිටියා.

ආණ්ඩුවෙ කැම්පස් ගිය මගෙ යාළුවෝ කැම්පස් ඇතුලෙ තමන්ගෙ සීනියර් උත්තමයො එක්ක වලි දාගෙන මරාගන්න කොට අපි අපේ සිනියර් එවුන් එක්ක එක බත් එකේ කෑවා. සින්දු කිව්වා. ආණ්ඩුවෙ කැම්පස් වැහුනා. අපේ අධ්‍යයන කාලයන් හරියට ගියා.

ආණ්ඩුවෙ කැම්පස් යාළුවො එක එක ශිෂ්‍ය ව්‍යාපාර දේශපාලන ප්‍රවාහ එක්ක එකතුවෙලා පෝස්ටර් ගහන්න කැට වලට මහජනතාවගෙ සල්ලිම අරගෙන ඉගන ගන්න එක පැත්තක තියල දේශපාලනේ කලා. අපිට එහෙම කැට එකතු කරන්න වෙලාවක් නෑ. නිදි මරාගෙන වැඩකරල ඉගන ගත්තා මම මේ වියදම් කරන්නෙ මගෙ රත්තරං අම්මා තාත්තා නොකා නොබී හම්බකරපු සල්ලි නාස්ති කරන්න බැරි හන්දා. මගෙ ආණ්ඩුවෙ කැම්පස් යාළුවන්ට තේරුනේ නැති වුනාට ඒ අයට දේශපාලනේ කරන්න වියදම් කලෙත් මගෙ අම්මා තාත්තගෙන් ආණ්ඩුව ගත්ත බදු සල්ලිම තමයි.

උසස් අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි‍ කියල පෙළපාලි ගිහින් උද්ඝෝශනය කරල පොලිසියෙන් කදුළු ගෑස් රබර් උණ්ඩ බැටන් පොළු පාරවල් වතුර පාරවල් කාගෙන උසස් අධ්‍යාපනය නිදහසේ කරගන්න උත්සාහ නොකරපු මගේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො හැම වෙලාවෙම ශිෂ්‍යය මර්ධනයක් ගැන කියෙවුවා. එයාල කාපු හැම කඳුළු ගෑස් පාරක් වතුර පාරක් පිටිපස්සෙම තිබ්බෙ මහජනයාගෙ බදුසල්ලි බව එයාලට මතක නැතුව ඇති. මේ වගේ ශිෂ්‍ය මර්ධනය බලන් ඉන්න බැරි දෙමව්පියො ආණ්ඩුවට බැන බැන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ලමයි දාල ඒවාගෙ ශිෂ්‍යන් වර්ධනය කලා.

අපි හැමදාම අළුත් වෙන ලෝකෙ දැක්කා. තාක්ෂණය කියන්නෙ ඉක්මනින් වෙනස් වෙන දෙයක්. එහෙම වෙනස් වෙනතොට අපේ සිලබස් වෙනස් කරන්න ගතවුනේ දවසකටත් අඩු කාලයක්. හැමදාම අළුත් දෙයක් අපි ඉගන ගත්තා.  අපි අළුත් දේවල් ඉගන ගන්නකොට පරණ සිලබස් හැමදාම කරපු අපේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො ගැන සමහර වෙලාවට අපිට දුක හිතුනා.

අපි අවුරුදු 4 ඉවර කරලා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අනුමත කරපු උපාධියක් ලබාගත්තා. ඒ වෙනකොට සමහර මගෙ ආණ්ඩුවෙ කැම්පස් යාළුවෝ සම්පූර්ණ කරල හිටියෙ දෙවෙනි වසර විතරයි. උද්ඝෝෂන, දේශපාලනය වගේ දේවල් හන්දා එයාලගෙ සරසවි වහලා.

කැම්පස් අවුට් වෙච්ච ගමන් අපිට රස්සාවල් පුදන්න කිසිම ආයතනයක් පෙළ ගැහිලා හිටියෙ නෑ. අපිම සීවී හදාගෙන අපේම හැකියාවන් පෙන්නල පුද්ගලික අංශයේ රස්සාවල් අපි හොයාගත්තා. ආරම්භක පඩිය කොහොමත් හිතට හරියන ගානක් නෙමෙයි. පුද්ගලික අංශයේ වැඩ කරක කවුරුත් ඒ ගැන හොඳින් දන්නවා.
දැන් අපි කොහොමත් රටට බරක් නෙමෙයි කියල අපිට දැනෙනවා. අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනේට පිහිට වෙන්න ඉගන ගත්ත අපි ඊටපස්සෙ අම්මා තාත්තගෙ පිහිටෙන් ඉතුරු ටික ගොඩ දාගත්තෙ. දැන් අපිට අම්මලා තාත්තලාට බලන්න පුළුවන්. ආණ්ඩුවෙන් අපි ලබාගත්ත අධ්‍යාපනේට පිහිටවෙන්න (හිලව්වට කියලත් ඕනෙ කෙනෙකුට හිතන්න පුළුවන්) ලංකාවෙ වැඩ කරල විදේශ විනිමය අපි ලංකාවට ගේනවා.

අපි වැඩකරන්න පටන් අරන් අවුරුදු දෙකක් තුනක් විතර යනකොට අපේ ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවල සහෝදර සහෝදරියො ටික පාස් අවුට් වෙනවා. කැම්පස් එකෙන් එලියට එනකොටම ටික දෙනෙක්ට (ඒවායේ ඉන්න අති දක්ෂයෝ) රස්සාවල් ලැබෙනවා. හැමතැනම ඉන්ටර්විව් ගිහින් බැරිවෙන අය රැකියා විරහිත උපාධි ධාරීන් කියල ආණ්ඩුවේ රස්සාවල් ලබා දියවු කියල ආයෙත් උද්ඝෝෂන කරනවා. මෙයාල හිතන් ඉන්නෙ එයාලට ආණ්ඩුවෙ රස්සාවල්ම දෙන්න ඕනෙ කියලා.

මේ අය කවදාවත් පුද්ගලික අංශෙ රැකියාවලට ඉල්ලුම් කරන්නෙ නෑ. හේතු ගොඩක් තියනවා. එකක් අවුට් ඩේටඩ්. වෙනස්වෙන ලෝකයත් එක්ක වෙනස් වෙලා නෑ. පුද්ගලික අංශය කියන්නෙ තවත් තරඟකාරී අංශයක්. වැඩ බැරි අයට ඒවගේ තැන්වල වැඩ කරන්න ටිකක් අමාරුයි. ආකල්ප අතිනුත් පස්සෙන් ඉන්නෙ. එතකොට කොහොමත් තනතුරකට තරඟ කරන්න කිසි සූදානමක් නෑ. හුඟක් අය ඉගන ගන්න විශයයන් රස්සාවල් වලට අදාල දේවල් නෙමෙයි. මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරය විශයයක් හැටියට ඉගන ගන්න එක පුද්ගලික අංශයේ රස්සාවකට සුදුසු කමක් නෙමෙයි. (ඒවට ඉතිං ඒ සහෝදර සහෝදරියන්ට බැනල වැඩකුත් නෑ)

ආණ්ඩුවෙ රස්සාවල් ලබාගන්න තරඟ විභාගවලට ලියලා ප්‍රථිඵල එනකං ඉඳල බැරිම තැන සත්‍යග්‍රහ කරල ආණ්ඩුව බය කරල අන්තිමට ක්ලාක් කෙනෙක් හැටියට ආණ්ඩුවෙ රස්සාවක් කරන හුඟක් උපාධිධාරීන් පැන්ෂන් යන්නෙත් ඒ තනතුරේ ඉඳළම තමයි.

නිදහස් අධ්‍යාපනය, දේශපාලනය වගේ දේවල් ගැන කතා කරපු මගේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො දැන් ජීවන බර කරට අරං. මම අවුරුදු 4කට විතර කලින් පුරුදු වෙච්ච ජීවිතයට එයාල දැන් හැඩගැහෙන්න පටන් අරං. දැං මොන නිදහස් අධ්‍යාපනේද? මොන පන්ති අරගලද?

දැන් අපි කතාව වෙන පැත්තකට ගෙනියමු. ඒත් පරණ කතාවම තමයි.

ටික කාලයක් පුද්ගලික අංශයෙ වැඩකරපු මට පශ්චාත් උපාධියක් කරන්න හිතෙනවා. ඒක ආණ්ඩුවෙ කැම්පස් එකක කරන්න ඕනෙ කියල මට හිතුනෙ ඒ කාලෙත් මේ වගේ පුද්ගලික රාජ්‍යය කියල බෙදීමක් ඇතිවෙලා තිබ්බ හන්දා. හැමදේම නිදහස් අධ්‍යාපනේ කියල කිව්වට පශ්චාත් උපාධිය කියන එකට ඉගන ගන්න ඕනෙ සල්ලි දීලා. මහන්සියෙන් ඉගන ගන්න ඒගොඩට වැටිච්ච වෙලාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් නිදහස් අධ්‍යාපනේ ඉල්ලුව සහෝදර සහෝදරියො සල්ලි දීලා පශ්චාත් උපාධිය කරන්න ඇවිල්ලා හිටියා.

තව සමහරු ආණ්ඩුවෙ කන්තෝරුවලන් ඇවිත් අපිත් එක්ක ඉගන ගත්තා. ඒ අයගෙ පශ්චාත් උපාධියට සල්ලි ගෙවන්නෙ ආණ්ඩුවෙන්. එයාලට ආණ්ඩුවත් එක්ක අවුරුදු 2-5 වෙනකම් ගිවිසුම් තිබ්බා. ආණ්ඩුව වියදම් කරන්නෙ ඒ කාලෙ ඇතුලෙ එයාල ලංකාවෙ ඉන්න ඕනෙ කියලා. ඒත් මාත් එක්කම ඉගන ගත්ත සමහර අයගෙ එකම පැතුම වුනේ ඒ කාලෙ ඉවරවෙච්ච ගමන් ඕස්ට්‍රේලියාවෙ හරි නවසීලන්තෙ හරි පී ආර් ඇප්ලයි කරන්න තව එක වටිනා සුදුසුකමක් සම්පූර්ණ කරගන්න එක.

ආණ්ඩුවෙ පරිවාස කාලෙ ඉවරකරපු සමහර යාළුවො ඒ පැතුම ඉෂ්ට කරගත්තා.

දොස්තර කෙනෙක් බිහිකරන්න නිදහස් අධ්‍යාපනේ කොච්චර වියදම් කරනවද? ඉතින් මේ නිදහස් අධ්‍යාපනේ බිහිකරන දොස්තර පුතා නැත්තම් දුව තමන්ගෙ උසස් අධ්‍යාපනේ වෙනුවෙන් පඩිසහිත නිවාඩු, තමන්ගෙ රිසර්ච් වලට ආණ්ඩුවෙ සල්ලි යොදවල තවත් යමක් ඉගනගෙන පිටරට වලට සේවය කරනවා.

ඇතැම් විශ්ව විද්‍යාල වල විශය නිර්දේශය යල්පැනපු ඒව වගේම තවත් සමහර විශ්ව විද්‍යාලවල උගන්වන විශයයන් ලංකාවෙදි වැඩක් ගන්න පුළුවන් මට්ටමක් නෑ. එහෙම අවස්ථාවල ඒ වගේ ශිෂ්‍යෙයා විශ්ව විද්‍යාලයෙන් එලියට එනකං පිටරටවල් බලාගෙන ඉන්නවා. නිකං නෙමෙයි. නිත්‍ය නේවාසික්ත්වය, රස්සාව වගේ හැම දේමත් එක්ක. ඉතිං අපේ අම්මා තාත්තගෙ සල්ලි වලින් උගන්වලා පිටරට දේවල් දියුණු කරන්න ලංකාවෙ ආණ්ඩුව සිලබස් හදන්නෙ ඇයි කියන එකත් හොයලා බලන්න ඕනෙ. මොනවා වුනත් ඒ හැම දෙයක්ම ලංකාවෙ විශේෂ සම්පත්.

අද තවමත් මම පුද්ගලිකයි කියන තැනක ඉගනගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාඩිය අරගෙන ලංකාව වෙනුවෙන් විදේශ විනිමය ගේනවා. එත් මහජනයාගේ මුදල් වලින් ඉගනගෙන එයාලට සේවය කරන්න ඕනේ හුඟක් අය පිටරටවල නේවාසිකයො වෙලා ඉන්නවා.

හැමෝම කාලා ඇඳලා ඉන්න ඕනෙ. හැමෝම සැපවත් ජීවිත ගෙවන්න ඕනෙ. එහෙමයි කියල නිදහස් අධ්‍යාපනය ලබන කට්ටිය විතරක් ඉගන ගන්න ඕනෙ නෑ මං හිතන්නෙ. නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නිකං ඉගන ගන්න එකම නෙමෙයි. නිදහස් අධ්‍යාපනේ කියන එකට නිදහසේ අධ්‍යාපනය ලබන්න ඉඩසලසා දීම වගේ ගැඹුරු ප්‍රජාතාන්ත්‍රවාදී අදහසක් ඒ තුල ඇති කියල මට හිතෙනවා.

හැම මනුස්සයෙක් ඇතුලෙම විප්ලව කාරයෙක් ඉන්නවා කියල මමත් පිළිගන්නවා. හැබැයි ඒ විප්ලව කාරය එලියට එන්නෙ තමන්ගෙම පන්තියෙ එවුන්ගේ කෙලවීම උදෙසානම් මට ඒ විප්ලවකාරයා තවත් පොල් පිත්තක් විතරයි. නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරන සහෝදරවරුන්ගේ ලොකුම සහෝදරයත් ගියෙ රුසියාවෙ ලුමුම්බා සරසවියට. සමහරවිට ඒක හන්දා වෙන්න ඇති ඒ අයට පිටරට උපාධි තියන අය යටතේ කිසිම අපහසුවක් නැතුව වැඩකරන්න පුළුවන්.

පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න නොකියා (ඇතැම් ඒවායේ) විශය නිර්දේශ ඊට වඩා සංශෝධනය කරල දියුණු කරන්න කියලා කියන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නෙ නෑ. තමන්ගේ පන්තියෙ කෙනෙක් තමන්ට පහලින් ඉන්න ඕනෙ කියන සමාජවාදයේ ඉන්න ඇතැම් සොයුරන් මේවාට උත්තර බඳියි.

මුළු මහත් ආණ්ඩුව තමන්ගේ අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන්නේ නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සඳහායි. ඉතින් පුද්ගලික රෝහල් වලට විරුද්ධ නොවන සහෝදරවරු පුද්ගලික විශව විද්‍යාල ගැන දුක්වෙන එක ගැන මට නම් පොඩි දුකක් තියනවා.

මහජනනයාගේ මුදලින් ඉගනගෙන පිටරටට සේවය කරන එක නවත්වපුදාට, අසරන ලෙඩ්ඩු තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ මුළික පියවර නොවුනදාට, තමන් හදාපු රටට තමන්ගෙ ණය ගෙවන්න සේවයක් කරන දාට, පුද්ගලික සායනයන් පැත්තකට දාල තමන්ගේ වාට්ටුවේ ලෙඩ්ඩු බලල යන දාට, රටේ පුද්ගලික රෝහල් නැතිවෙච්ච දාකට අපි පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරමු. එදාට අපිත් එන්නම් ලිප්ටන් වටරවුමෙ බෝඩ් එල්ලගෙන. 

24 comments:

serendipity said...

ඔබගේ කතාව සධාරණයි . මම හිතන්නේ දිස්ත්‍රික් පදනම පළවන සැරේට කරන අයට පමණක් අදාල කරගතයුතුයි කියල.

දිලාන් said...

Obe mankalpitha udaharana adala novana degree oni tharam etha(majority). Ese adala wana evada neththe nove, e me rate avasanavatayi.

Achira said...

@දිලාන් ඔබ මගේ ලිපියේ මේ ටික දැකල නැතුව ඇති.

පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න නොකියා (ඇතැම් ඒවායේ) විශය නිර්දේශ ඊට වඩා සංශෝධනය කරල දියුණු කරන්න කියලා කියන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නෙ නෑ. තමන්ගේ පන්තියෙ කෙනෙක් තමන්ට පහලින් ඉන්න ඕනෙ කියන සමාජවාදයේ ඉන්න ඇතැම් සොයුරන් මේවාට උත්තර බඳියි.

වාසනාවට බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න හම්බ වුනා නම් - මට මේ වගේ අත්දැකීම් නොලැබුනානම් මාත් මේ ලිපිය නොලියා ඉන්න තිබ්බා. ඒත් අනිත් අයගෙ වාසනාවට මම ඉන්නෙ පය ගහපු ලෝකෙ. ප්‍රයිවෙට් කැම්පස් එකකට ගියා නම් (හරි එකකට) ඔයාටත් තේරෙයි ඔයාලට වඩා අපි මහන්සි වෙන්න ඕනෙ ඩිග්‍රි ගන්න කියලා :)

Unknown said...

ඇත්ත තිත්තයි

Unknown said...

Well said

දිලාන් said...

දුටුවා, නමුත් මම ඔබ එහි සදහන් කරන ආකාරයේ සොයුරෙක් නොවන නිසා, එ ගැන උත්තර බැදිමේ අවශ්‍යතාවයක් නැ.අනික (නියමාකාරයෙන් ප්‍රමිතිය පාලනය වන ) පෞද්ගලික ආයතන/විශ්ව විද්‍යාල අවශ්‍යයයි යන; මතයෙයි මම ඉන්නේ.
වැඩි කැප කිරිමක් කල තැනත්තා ඉහලින් සිටිය යුතුයි පන්තිය කුමත් උවත්.

'ප්‍රයිවෙට් කැම්පස් එකකට ගියා නම් (හරි එකකට) ඔයාටත් තේරෙයි ඔයාලට වඩා අපි මහන්සි වෙන්න ඕනෙ ඩිග්‍රි ගන්න කියලා :) '

ඔබ ජාතික විශ්ව විශ්වවිද්යාලයක ඉගෙන ගත්තා නම් තෙරුම් ගන්න තිබුන අපි උන මහන්සිය. නමුත් ඔබ ඒ සදහා සුදුසුමක් නොලබපු නිසා එය වගේම උසස් පෙලට අපි උන මහන්සියත් තෙරෙන් නැ, මොකද ඔබ උසස් පෙලටත් මහන්සි නොවුන නිසා(සාපේක්ශව). කිසිම පිලිගත් සුදුසුමක් ගන්න බැ මහන්සි නොවී.
මමත් එක පෞද්ගලික ආයතනයක(University college) ඉගැන්විම කලා, එකේ නම් ලමයින්ගෙ මහන්සිය හොදට දැක්කා අපි සරසවියෙදි උන මහසියත් එක්ක සංසන්ධනාත්මකව,විභාග නැත, assignments පමණයි, එවා සමහරක් ඇත්තේ Copy+paste පමණකි.

ඔබ කියු ජාතික විශ්ව විශ්වවිද්යාලහි අඩුපඩු සියල්ල එකතු කර තැනු මන:කල්පිත සරසවි සිසුවෙකු මට නම් මේ වනතෙක් මුන ගැසි නැ.

ඔබ හැදැරු උපාධියත්(e.g; IT degree from SLIIT) ඒ හා සමාන ජාතික විශ්ව විශ්වවිද්යාලහි ඇති උපාධියක් (e.g:IT degree from university of Moratuwa)හැදැරු සිසුවෙක් සැසදුවහොත් කලොත් ඔබ ඉහත කි අඩුපාඩු සියල්ලම එම සිසුවාගේ ඇත්ද?මගේ දැනිමේ හැටිය නම් ඉබේ සියලු උපකල්පන මගේ උදාහරණයට(It degree) වලංගු නොවේ.
Compare apple to apple....

Unknown said...

හරි අඩුපාඩු ඇති. එහෙනං පුද්ගලික විශ්ව විද්‍යාල ඔහේ කරගෙන ගියවෙකෝ. pvt university quality එක හොඳ නැත්නම් Gov university කට්ටියට job හම්බු වෙයි. pvt university කට්ටිය හොඳනං ගනී. මොකෝ pvt university එකෙන් company වලට recommendation දෙන්නේ නැ interview යනකොට.

මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගන්න එකේ. පොලීසියෙන් ගුටි කන්නේ නැතිව ඉගෙන ගතනනන් නේද හරි.

Apple ලංකාවෙත් වැවෙනවා, Australian Apple තරං රස නැති වෙන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු මහන්සිවෙලා Apple වවල අන්තිමට ඒ Apple, Australia යන්න හදන එක හරි නැ නේද. ලංකාවේ මිනිස්සුන් Apple වවන්න වෙච්ච මහන්සියට මොකෝ වෙන්නේ. නිකමට බලන්න එක Batch එකක කීයක් රට යන්න try කරනවද/ගිහින්ද කියල.

මගේ අත්දැකීම් වලට අනුව

Gov University : Rich in Theory knowledge but when it comes to practical usage of those Theories most of them failed. (සාපේක්ෂව). Should say some of them very good at practical.

Pvt University : According to you not rich in theory.But Some of them very good at practical.

Copy + Past කරලා assignment කරන්න පුළුවන් නං මාත් Degree එක අරගෙන ගොඩක් කල්. අපිට Degree කරන්න සල්ලි නිකන් හම්බු වෙන්නේ නැ. A/L ඉවර වෙචච ගමන් job එකට ගිහින් හම්බු කරපු සල්ලි වලට මදි ටික අම්මල තාත්තලාගෙන් ඉල්ලගෙන දාලා අමාරුවෙන් ඉගනගතේ. සමහර විට Degree එක ගන්න කොට 4 year විතර experience එක්ක, Pvt University වල ඉගනගත අපි ඉස්සරහින් ඉන්න ඉඩ තියනාව.

හැබැයි අපේ Apple ගස් වවන්න මහන්සි වෙන්නේ අපි විතරයි. රටක්ම නෙමෙය් :P

Pvt University or Gov University, කොහෙන් ඉගන ගතත් කමක් නැ. අපි දැන් වත් රට හදන්න මහන්සි උනොත් මොකෝ හැමෝටම පුළු පුළුවන් විදිහට

Nothing personal & No hard feelings

දිලාන් said...

'හැබැයි අපේ Apple ගස් වවන්න මහන්සි වෙන්නේ අපි විතරයි. රටක්ම නෙමෙය් :P '
Apple ගස අවුරුදු 13ක්( A/Lවෙනකන්) ඉගෙන ගත්තේ රටේ සල්ලි වලින් නෙමේ නම් ඔබ හරි.
ඔබේ Apple ගස ඔබටම වවන්න සිදු වුයේ ඔබේ අදක්ශකම නිසා(සාපේක්ශව). රටම දායක වන්නේ දක්ශයන්ගේ Apple ගස වැවිමට පමනයි. ඔබ උසස් පෙළට Bio/Maths හදාරිමට පැමිණියේ(උපකල්පනයකි ) රටේ සල්ලි වලින් Doctor/Engineer කෙනෙක් විමට නේද? එය නොහැකි වු නිසා නේද තමන්ගේ සල්ලි වලින් ඉගෙනිමට සිදු වුයේ.එය සිනහවට කාරණයක් නොවේ නේද?

'මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගෙන ගන්න එකේ. පොලීසියෙන් ගුටි කන්නේ නැතිව ඉගෙන ගතනනන් නේද හරි.'
මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙන ගන්න මෙ උසස් අධ්‍යාපනය සුරැකෙන්න එක හෙතුවක් තමයි, පොලිසිවලින් ගුටි කාපු, මැරුම් කාපු සිසු විරුවෝ. ඉතින් වර්ථමාන සිසුන්ටත් වගකිමක් තියෙනවා ඒ අධ්‍යාපනය රැකගැනිමට හා එය තව වැඩි කිරිමට.

'...Australia යන්න හදන එක හරි නැ නේද.'
යන්නේ ඇයි?අන්න එකට විසදුමක් නැතිව එක වැරදි කියල වැඩක් නැ.ලංකාවට වඩා Australia වගේ රටවල එක standard වැඩි(උදා:පොදු ප්‍රවාහන පහසුමක්, නිතිය ක්‍රියාත්මක විම, සුදුස්සාට සුදුසු තැන ලැබිම) එම ජිවිතයේ quality නැති උනත්, මම සිතන විධියට.ඔය වගේ දුර්වල කම් නැති උනොත් මම හිතන් නැ කිසි කෙනෙක් තමන්ගේ රට දාලා යවි කියලා.

Unknown said...

1 මම කතා කලේ උසස් අධ්‍යාපනය ගැන විතරයි.

2 මම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ නැ. මමත් ගියේ ජාතික පාසලකට.

3 මම තනියම ඉගෙන ගන්න තීරනය කලේ මම a/L වලට commerce කරපු නිසා මම කැමති මාර්ගය තෝර ගන්න නොහැකි වීම නිසා මිස මගෙන් අදක්ෂ කම නිසා නොවෙයි.

4 Australia වල standard ඵක වැඩී කියල. ලංකාවෙ මොල ටික ඵහෙම ගියහම. ලංකාවෙ standard නැහැ කියල රජයට බැනල වැඩක් නැ නේද?

5 මම විරුද්ධ පුද්ගලික අධ්‍යාපනය නැති කරන්න කියන ඵකකට. නැතුව නිදහස් අධ්‍යාපනය රැකගන්න ඵකකට ෙනෙමෙයි.

දිලාන් said...

ලංකාවේ නැති කලේ ආන්ඩුවල දේශපාලුවෝ, ඔවුන්ට අවශ්‍යනැ රට ගොඩ ගන්න, ඔනි තමන් හා තමන් වටේ ඉන්න අය ගොඩ යන්න පමණයි.අන්න ඒ අයටයි බැන්නේ. බුද්ධි ගලනය නතර කරන්න නම් ඒ සම්පත් සදහා ලංකාවේ හොද පරිසරයක් තියෙන්න ඔනි. එක නැති නිසයි ඔවුන් යන්නේ, යැම නතර කරන්න නම්, යැමට හේතු නැති කරන්න ඔනි, නැතිව ඔවුන්ට බැනලා වැඩක් නැ.
පුද්ගලික අධ්‍යාපනය තිබිය යුතුයි, මන්ද යත්, ජාතික විශ්වවිද්‍යාල වලය ඇතුලක් නොවන අයට අනාගතයක් තිබිය යුතු නිසා. නමුත් කණගාටුවට කරුණ තමයි, ජාතික විශ්වවිද්‍යාල වලට යන හිතාගෙන උසස් පෙළ කරල, එ අරමුණ ඉෂ්ඨ කරගන්න බෙරි වෙලා, පුද්ගලික ආයතන වල ඉගෙන ගත්ත අය මේ වගේ මන:කල්පිත කතා හදා තමන්ට නොහැකි උන දේ ගැන උපහාසයෙක් කතා කිරිම හා අවතක්සෙරුවට ලක් කිරිම.

එවැනි අයගේ වැරදි මත(ජාතික විශ්ව විද්‍යාල අධයාපනව වැඩක් නැ, සිලබස් වෙන් නැ, job නැ) පසැල් වල ඉගෙන ගන්න සිසුන්ගෙ ඔලුවට ගියාම වෙන්නේ ඔවුන මහසිවි ගෙන ගෙන ජාතික විශ්ව විද්‍යාලට යනන් තියෙන්න ආසාව නැති වෙන එකයි, මොකද ඔවුන් හිතන්නේ මහසිවෙලා A-3 දන්න ඔනි නැ එ වෙනුවට පුද්ගලික ආයතනක ඉගෙන ගෙන ඉට වඩ හොද සුදුසුකමක් ගන්න පුලුවන් කියන වැරදි මතයයි.

අපි අපී පාසලේ සරසවි සිසුන් ඇගයිමී උත්සවයක් හා සිසුන්ට සම්මන්ත්‍රණයක් සංවිධානය කලා, එකේ සමරු කලාපයේ සරසවි කුරුටු ගී කිහිපයක් අපි පල කලා, එකෙන් 1-2 තිබුනා ජාතික විශ්ව විද්‍යාල ගැන රින අදහස් දෙන. එක දැකලා දේශනය කල මහත්මයා මට කිව්වා මේ වගේ එවා දාන්න එප, මොකද අපි කරනන් ඔනි ලමයින් හොදට මහන්සි වෙලා කරල කැම්පස් යන්න පොලබවන එක මිසක් එක නැති කරන එක නෙමෙ කියල.

මම අහලා තියෙනව ලංකාවේ එක පැතතක ලමයි, බලන් ඉන්නේ A/L ඉවර වෙනකන් Italy යන්නලු, මොකද ඔවුන්ගෙ මනසට ගිහින් තියෙන්නෙ ඉහලට ඉගෙන ගන්නවට වඩා Italy ගිහින් වැඩ කරන එක හොදයි කියල.

Achira said...

@දිලාන්
නින්දෙන් ඇහැරිලා වගේ සතියකට විතර පස්සෙ කොමෙන්ට් එකක් දානවට සමාවෙන්න ඕනෙ. අධික වැඩ නිසා කියනවන්න හම්බවුනේ නෑ.

ඔබ කියනවා මම උසස් පෙළට මහන්සි වුනේ නෑ සාපේක්ෂව කියල. එ කියන්නෙ මම අනිත් අයට වඩා අදක්ෂයි. හැබැයි ඒ මගේම දිස්ත්‍රික්කයේ අයට වඩා විතරයි. මට වඩා අඩු දක්ෂතා තියන ඈත පලාත්වල ලමයි මොරටු කැම්පස් ගියා. මට වඩා අදක්ෂයෝ කැම්පස් යනකොට මම මහන්සිවුනේ නෑ කියන එකට මම කැමති නෑ

2000 අවුරුද්දෙ ඒ 3ක් තියාගෙන මෙඩිසින් යන්න බැරිවෙච්ච ලමයි 9ක් හිටියා කොළඹ දිස්ත්‍රික්කෙ විතරක්. එතකොට ඒ අයත් සාපේක්ෂව මහන්සි වෙලා නැද්ද?

මමත් ඔය පිටරටවල ප්‍රමිතියක් නැති උපාධි කඩ (University නෙමෙයි Collage) වලට කැමති නෑ. ඒක මම ලිපියේ මුලින්ම සඳහන් කරල තියනවා. Copy paste Assignment දෙන තැන් නැතුවම නෙමෙයි. මම කියන්නෙත් ඒ වගේ තැන් වල තත්ත්වය උසස් කරන්න කියලා විතරයි.

එහෙම නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල වහල දාන එක පිළියමක් නෙමෙයි

මාත් එක්ක එකට ඉගනගෙන ආණ්ඩුවෙ කැම්පස් වලට ගිහින් ලංකාවෙ MSc එක කරල USA වල PHD කරපු යාලුවො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් PHD එකට ගියෙ ශිෂ්‍යත්වෙකට. අද උන් දෙන්නම USA University දෙකක උගන්වනවා. උන්ගෙන් ඇහැව්වහම කියන්නෙ ලංකාවට ඇවිත් කරන්න ජොබ් එකක් නෑ කියල. මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන ලංකාවට අහිමි වෙලා තියන සම්පත්.

මේ පාඩුව පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අය කලාට කමක් නෑ :D

රට හදන්න ඉන්න අය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ රටට අහිමි වෙන සම්පත් ගැන.

BPP/WP/00325-Dhanushka Kumarasiri-Dudley Senanayake Vidyalaya said...

What about the people who studied at slit while doing another in a government uni?kauruth katha karanne nahane cima hari law college hari gena

Kuma said...

මේ කතාවෙ බලන්න පැති ගොඩක් තියෙනවනෙ.ප්‍රමිතියක් ඇතකරන්නෙ නැතුවපුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන එක හොද මදියි කියලෛ මගේ අදහස.දේශපාලනය කරන්න ඕනකෙනෙකුට අයිතියක්තියෙනව.පාලකයො කියන දේ විචරයක් නැතුව ඒ විදිහට පිලිගන්න අවශ්‍ය නැහැනඉතිනවැරදදේ වෙනුවෙකතා කල යුුතුයි හැකි පමණින් එක වෙනස් කරන්න උත්සහ ගන්න එක කොහේ කලත් ඒවැරැද්දක් නෑ.ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න අය එහෙම කරන වැරදියිඑයාලට රටබදු වලින් උගන්වන නිසා පාලකයො කියන වවිදිහට ඉන්දල ඉගෙන ගන්න ඕනෙ.රටේසමජයේ ප්‍රශ්න ගැන කත නොකර, විරුද්ද නොවී.ඔයවගේ මතයක් මමේ ලිපියෙන් උලුප්පල පෙන්නන හදනව.මම ඒකට විරුද්දයි.Facebook එකේ වීරයො වවගේමොකක් හරි share කරල කරන්පුලුවන් දෙයක්නනෑ.
රාජ්‍ය විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයන්ටපාරට බහින්න පුලුවන් වෙලාතියෙන්නෙ ඔවුන්ගෙ තියෙන කැක්කුම සංවිධානාත්මක බව,සමගි නිසා මිස කාටවත් කඩේ යනනිසා නෙවෙයි.එයල ඉල්ලන්නෙ හැමෝටම නිදහසේ එයාල ඉල්ලන්නෙ හැමෝටම අඩු පාඩු නැත අධ්‍යාපනයක්.නිදහසේ ඉගෙන ගන්න අවස්ථාවක් සල්ලි තතිබුනත් නැතත්.එහෙම නැතුව ඒ ත්මන්ගෙ පන්තියෙ හිටපපු රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන්න බැරි උන අය ඉගෙනගන්න දෙන්න එප කියන එනෙවෙයි.අධ්‍යාපනයට 6%ක් දෙන්න කියන්නේ හැමෝටම නිදහසේ ඉගෙනගන්න අවස්ථාව හදන්න ඕන මුදල වෙන් කරන්න කියන එකයි.රාජ්‍ය විශ්වවිද්‍යාල වලටබදවා ගැනීම් වැඩි කරන්න.නව පඨමාල ගේන්න.A/L pass හැමෝටම තම්න් කැමති ක්ෂේත්‍රයක උපාධියක් දක්වා ඉගෙන ගන්න ඉඩ හසර සලසාදෙන්න කිලයි පාලකයන්ගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පළපාලි ගිහින් කදුලු ගෑස් වතුරපරවල් ගුටි මේඔක්කෝම කකා ඉල්ලන්නෙ.තතමන්ට ඒ නනිදහස ලැබිල ඉවරයි අසාධාරණය උනේ A/L pass උන තමන්ගෙ පන්තියේ අනිත් යාළුවන්ට එයාලට උන දේ අනගත පරම්පරාවට නොවෙන්නයි ඒ කෑගහන්නෙ.

අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් උනොත් වෙන සමාජ යහපතටවඩා අයහපත වැඩියි.වගකියන්න කෙනෙක් නෑ.ඒක තේරෙනකොට පරකකු වවැඩිවෙයි.

SLIIT එකේ මහපොළවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ "ඇත්තම දුක" දකින්න හම්බෙන්නෙ නෑ.comment එකතවත් ලිපියක් කරන්න ඕන නෑ.මේ කවිය බලන්න.මේක.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මාර්කස් ප්‍රනාන්දු නේවසිකාගරයේ 15 කාමරයේ එක බිත්තියකතාමත් තියෙනවමේක අතුලෙ තියෙන කතාව දකින්න පුලුවන් මනුස්සයෙකුට විතරයි.බලන්න

"වැහිදාට හැමදාම අපේ ගේ තෙමනවා
වැහි බිංදු අතු දිගේ ගේ මැදට වැටෙනවා
අම්මෙඋඋබෙ ජීවිතේ වැල් ඇඳක දිරනව
අයියලා අක්කලා වෙන ගෙවල් හදනවා
අම්මෙ මම කවද හරි අපේ ගේ හහදනවා."

"සල්ලි" වලට ඉගෙගන්න උනානම් මේ කෘෂි විද්‍යා පීඨයේ සහෝදරයට මොකක් වයිද.හැමෝටම අසාධාරණයක් නොවී මහන්සිවෙන දක්ෂකම තියෙන කෙනාට ඉහලට යන්න කරන්න තියෙන හොඳම දේ නනිදහස් අධ්‍යාපනය දියුණු කරන එක මිස පුද්ගලික විශ්වවිද්‍යාල වලට නීති හදන එක නෙවෙයි.කෙටිකාලනව අඅත්මාර්ථ කාමීව හිතන්න එපා.

chathura yapa said...

ලංකාවේ පුද්ගලික අධ්‍යාපනය කියන දේ භයානක බිල්ලෙක් විදියට හදුන්වල ඊවයේ ඉගැන ගන්න අය සල්ලි කාර කාලකන්නිය කියල අදුන්වන මේ දවස් වල පොඩි පහේ සටහනක් තියන්න ඕනි කියල මටත් හිතුන....
මම ඉගන ගත්ත පුද්ගලික සරසවිය තිබ්බේ නැතිනම් මටත් වෙන්නේ එක්කෝ රට යන්න එහෙමත් නැතිනම් කුඹුරු කොටන්න එහෙමත් නැතිනම් මොකක් හරි පොඩි ජොබක් කොරන් ඔහේ ඔටවන් ඉන්න ... නමුත් මමත් කොහොම හරි ඉගන ගෙන ජීවිතේ ගොඩ නගාගෙන ඉන්නවා මම ගත්ත උපාදියට පින් සිද්ද වෙන්න .. අදාළ ආයතනයදීම මගෙත් එක්ක මිත්‍ර උන යාළුවො කීප දෙනෙක් එක්ක එකතු වෙලා අපි ආයතන දෙකක් පටන් ගත්තා . ඒ ආයතන දෙකේ 10 දෙනෙකුට වඩා අපි යටතේ සේවය කරනවා...
මේ අවුරුද්දේදී අපි ඕමාන් වලත් වැඩක් කලා ... ඕමාන ජාතික කෞතුකාගාරයේ ... ඊයේ පෙරේද ඒක විවෘත උනා... ඉතින් අපි අපේ රටට විදේශ විනිමය ගේන්නත් යම් තරමකින් හරි දායක වෙලා තියනවා ... ඔන්න බලන්නකෝ ලින්කුව පල්ලෙහා ඇති .. ඔය කෞතුකාගාරේ තියන හැම showcase එකක් යටම මමයි මගේ team එකයි රිංගල වැඩ කොරල තියනවා නොවැ .
http://www.timesofoman.com/article/73566/Oman/Heritage/The-National-Museum-of-Oman-was-opened-on-Monday-in-Muscat

මම ලබා ගත්තු උසස් අද්‍යාපනය නොතිබුනා නම් ඒවා කොහොම කරන්නද ???
තව පොඩ්ඩෙන් අමතක වෙනවා .. මම විවාහ උනෙත් එතනදීම අදුනාගත්තු ගෑනු ළමයෙක් එක්ක ... අපි දෙන්නත් ඉතින් ඔය ඉන්නේ හොදට ..
කාරණා කීපයක් ගැන විවෘතව අදහස් ප්‍රකාශ කාරන්න කැමතියි.

0. උ පෙළ අසමත් අය උපාධි ගන්නවයි කියන එක සාධාරණ නැහැ .. අදටත් හුගක් පිළිගත් පුද්ගලික විශ්ව විද්‍යාල ( මා ඉගන ගත් ආයතනයද ඇතුලත්ව ) ගෞරව උපාධියක් ලබන්න නම් උසස් පෙළ සමත් වෙන්න ඕනි . මමත් උසස් පෙළ සමත් , හැබැයි මට රජයේ විශ්ව විද්‍යාලයකට සමත් වෙන්න තරම් ප්‍රතිපල මදි , නමුත් අයදුම් කරන්න පුළුවන් ... Z එක අඩු කරලා අවස්තාවන් වැඩි කළා නම් මටත් මොකක් හරි විශ්ව විද්‍යාලයකට තේරෙන්න තිබුනා .. ඉතින් මට අවස්තාව නැති නිසා මම එළියෙන් ඒ අවස්තාව ලබා ගන්නවා සල්ලි ගෙවල .. මම ඒ කාලේ එහෙම නොකලා නම් ඉතින් මට වෙන්නේ කොහේ හරි පොඩි ඔෆිසියකට කොටු වෙන්න එහෙමත් නැතිනම් වගා කොරන්න .... ඒවාට ගරහනවා නොවෙයි ... නමුත් මගේ දක්ෂතා තියෙන්නේ ඒවාට නොවෙන්න පුළුවන් ....

1. මාව අදාළ ආයතනයට යවන්න අපේ අම්මල තාත්තල සල්ලි හොයාගත්තේ බොහොම අමාරුවෙන් ... එක semester එකකට ගෙවන්න සල්ලි නැතිව අම්මගේ මාලේ උකස් කරන්න වෙච්චි වතාවකුත් තිබුනා ...කාපු කටු ගැන තවත් දේවල් තියනවා උනත් ඒ කතා මෙතැන නොකියා ඉන්නම් ...
ඒ වගේම පාඨමාලා ගාස්තු අමාරුවෙන් ගෙව්ව අය ඕනි තරම් හිටිය ... පාඨමාලා ගාස්තු ගෙවන්න බැරිව නතර උන අයත් හිටිය ...අපිත් එක්කම හිටපු එක ගැහැණු ළමයෙක්ගේ දෙමවුපියන්ට සල්ලි අමාරු කාලයක් ආව නිසා දෙවන වසරේ ඩිප්ලෝමාවෙන් නතර වෙලා Nurcing යන්න සිද්ද වුණා ... තව මගේ යාලුවෙක් හිටියා එයා අදාළ ගාස්තු ගෙව්වේ බොහොම අමාරුවෙන් වාරික විදියට කියල මම හොදටම දන්නවා ... ඒක නිසා මේවට එන්නේ සල්ලි කාරයන්ගේම ළමයි කියන කතාව හැම වෙලාවේම ඇත්ත නෙවි ...

2. සල්ලි දුන්න ගමන් මට නම් උපාදිය හම්බ උනේ නැහැ ... අවුරුදු හතරක් තිස්සේ අපිත් රජයේ විශ්ව විද්‍යාල වල වගේම අදාළ පාඨමාලාව හදාරන්න ඕනි උපාදිය ගන්න ... හැම විෂයක්ම සල්ලි දුන්න පලියට සමත් කරන්නෙත් නැහැ ... මටත් තියනවා එක repeat එකක් ... ඒක මගේ අවසාන GPA එකට සෑහෙන්න බලපෑවා.. repeat එක ගොඩ දාගත්තෙත් බොහොම අමාරුවෙන් .... මොකද ඒ දවස් වල පොඩි පහේ කරදර කාලයක් වෙච්චි නිසා ...

3. අපි ලබපු අධ්‍යාපනය ඇත්තටම නිදහස් ... ඉගන ගන්න එකා ඉගන ගන්නව , love කරන එකා love කරනවා ... එහම නැතිව එක එකාගේ ලොකු කම් බලන සීන් නම් කොහෙත්ම තිබුනේ නැහැ ... රැග් කළා නම් කරපු එකා පහුවදා ගෙදර ... ගහගෙන චාර්ටර් උනොත් ගහපු එකයි ගුටිකාපු එකයි දෙන්නම ගෙදර ...

4. උසස් පෙළ කියන්නේ කෙනෙක්ගේ බුද්ධි මට්ටම මනින මිම්මක් විදියට යොදාගන්න එක හැම වෙලාවේම ප්‍රායෝගික නැහැ කියන එක මම නම් හොදටම අත් දැකල තියනවා. උසස් පෙළ හොද ප්‍රතිපල නැති කොල්ලෝ කෙල්ලෝ ඕනි තරම් හිටියා අපේ ආයතනයේ විවිධ දක්ෂතා තිබ්බ ... ඒවා ඔප් නංවාගන්න පුළුවන් උනේ එයාලට අදාළ ආයතනය ඔස්සේ ලැබුණු අධ්‍යාපනය නිසා .. අද අපිත් එක්ක හිටපු කොල්ලෝ කෙල්ලෝ (දැන් නම් හුග දෙනෙක් අම්මල තාත්තල මගේ හිතේ ) හුගක් හොද තැන් වල අනික් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගන ගත්තු අයත් එක්ක කරට කර ඉන්නවා .. ඒකනේ වෙන්න ඕනි ...

--- Chathura Dhananjaya Yapa Bandara

chathura yapa said...

5. රජයෙන් උසස් අධ්‍යාපනය නොමිලේ වරප්‍රසාදයක් විදියට දෙන්නේ ඔයාලත් මමත් ගෙවන බදු මුදල් වලින් ... ඉතින් ඒ වරප්‍රසාදය දෙන්න කට්ටිය තෝරාගන්න මිම්මක් විදියට පාවිච්චි කරන්නේ උසස් පෙළ ... ඉතින් මේ දෙන වරප්‍රසාදය නොමිලේ ලබන ගමන් මේ වරප්‍රසාදය නොලබපු අයට වල කපන එක නම් මහම මහා කුහක කමක් ..... මෙහෙම හිතමු ... ඔන්න එක ළමයෙක් සරසවියට තේරෙනවා ... එයාගේ අධ්යාපනයට යෙදවෙන්නේ තමන්ගේ දරුවට එහෙම අවස්තාවක් නොලැබුන අම්මල තාත්තල ගෙවන බදු මුදල් ... එතකොට ඒ අම්මල තාත්තලට තමන්ගේ දරුවාව තමන්ගේ සල්ලි වලින් උසස් අධ්‍යාපනය දෙන්න එපා කියල කියන්න සදාචාරාත්මක අයිතියක් තියනවද මම අර කලින් කියපු සරසවි තෙරිච්චි ළමයට ..... පුද්ගලික අධ්‍යාපනයට එරෙහිව බෝඩ් උස්සන් යන කට්ටිය හිතන්නේ නැහැ තමන් ඔය කෑගහන්නේ තමන් එක්කම ඉස්කෝලේ ඉගන ගත්ත යාළුවන්ගේ ඉගන ගැනීමේ අයිතිය නැති කරන්න කියල

6. ඔය සරසවි වල ඉන්න ශිෂ්‍ය සංගම් වල අදහසක් තිබුන සියලුම පුද්ගලික පාඨමාලා වලට විරුද්ධව සටන් කරන්න ... කොහොම නමුත් ඒ අදහස යට ගිය නිසා දැන් මෙයාල කෑ ගහන්නේ private medical campus වලට විතරයි .. හැබැයි ඇතුලෙන් කොහොමත් මෙයාල අනික් පුද්ගලික විශ්ව විද්‍යාල වල උන් එක්කත් හිත හොද නැහැ ... හැබැයි තමන්ගේ ගොඩ නැති වෙයි කියන බයයි ඉරිසියාවයි ඇරෙන්න වෙන දෙයක් නම් එතන නැහැ ... නමුත් මම මේ ළගදි දැක්ක අනික් පුද්ගලික අධ්‍යාපන ආයතන වලට එරෙහිවත් කට්ටිය විරෝදය පානවා ...

7. ආණ්ඩුවට පුළුවන් නම් Z අගය අඩු කරලා අවස්තාවන් වැඩි කරන්න අන්න එතකොට පුළුවන් හැමෝටම එකට ගොඩයන්න ... එතකොට මෙහෙම කතා මුකුත් නැහැ .. හැබැයි මේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කතා කරන කිසිම කෙනෙක් මේ කියන කතාව කවදාවත් කියන්නේ නැහැ ... මොකද හිතයටින් තරහයි තව එකෙක් ඉගන ගන්නවට ....

මම හිතන්නේ පුද්ගලික ආයතන වලින් අධ්‍යාපනය ලබපු කිසි කෙනෙක් කියන්නේ නැහැ නිදහස් අධ්‍යාපනය නැති කල යුතුයි කියල... එයාල දරන පොදු මතය තමයි නිදහස් අධ්‍යාපනය ලැබීමේ වරම් නොලද අයට තම වියදමින් අධ්‍යාපනය ලැබීමේ ඉඩකඩ දෙන්න කියල විතරයි. ඒක අසාධාරණ ඉල්ලීමක් වෙන්නේ කොහොමද ???
ඒ ඉල්ලීම අසාධාරණ නම් විශ්ව විද්යාල වලට තේරිලා ඒවා ඇතුලට ගිහින් ශිෂ්‍ය සංගම් වලට බැදිලා උපාධි නොගෙන එලියට ගිහින් දේශපාලනය කරන උන්ට මඩු වල්ගෙන් තලන්න ඕනි නේද ?? එයාල නිසා අහිමි වෙන්නේ ලිස්ට් එකේ ඊලගට හිටපු කෙනාගේ අවස්තාව නේද ?? ඒවා පෙනෙන්නේ නැහැනේ කාටවත්ම ...

ඒක නිසා කුමා සහෝදරයා මෙතන කියල තියන දේවල් වල වලංගු භාවයක් නැහැ ...

අපේ හඩ මතු නොවෙන්න හේතුව තමයි ඉතින් අපිට ඉතින් අරගල කිරීමේ අවශ්‍යතාවයක් නොමැතිකම .. අපිත් ඉතින් කදුළු ගෑස් පාරක් කාල පොඩ්ඩක් විතර පොලිසියෙන් ගුටි කාව නම් ඉතින් අපේ හඩත් සමාජ ගත වේවි ....
තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපි පිටිපස්සේ අපිව මෙහෙයවන්න ඉතින් ඉරිසියාව මත පදනම් වෙච්චි දේශපාලනයකුත් නැහැනේ .... ඒ නිසා ඉතින් අපිට අපේ හඩ සමාජගත කරන්න අපේ භාෂාවෙන් කියනවනම් අපිට ලොකු කික් එකකුත් නැහැනේ...

මේ දක්වා පත්වුණු කිසිම ආණ්ඩුවක් අධ්‍යාපනයේ තිබෙන්නා වූ ප්‍රශ්න වලට උත්තර දීල නැහැ ... එයාල ප්‍රශ්න තේරුම් අරන් උත්තර හොයද්දි අපේ කල වයස ගෙවිල තියේවි .. එතකන් අපි අපේ පිහිටෙන් හරි බඩ වියත හොයාගන්න ඕනි කුමා මහත්තයෝ ... ඔයාල විතරක් නෙවි අපිත් කොහොම හරි ගොඩ යන්න ඕනි... ඔය කවියෙන් ලියල තියන බර අපිටත් නොදැනෙනවා නෙවි... ඒවා අපිටත් දැනෙනවා .. අපිත් ඔය කටු කනව ඒ වගේම කාල තියනවා .... අපි ඕපපාතික නෙවිනේ .. අපිටත් රකින්න පවුල් තියනවා ...
අපෙ පිහිටෙන් පත් වෙච්චි ආණ්ඩු අපේ සල්ලි වලින් පිස්සු නටද්දී අපිත් එක්ක එක බෝට්ටුවේ ඉන්න ඔයාලත් අපිටම කෙලින්න හදන එක හරි නැහැ නේද .... ?

චතුර :
මම බැලුව ඔයගෙ ලින්ක.ඇත්තටම මටඅඩම්බරයක් අව අපේ කොල්ලෙක් වෙන රටක ගිහින් නනියම වැඩ කරනව නේද කියල.
මෙතන තියෙන්නේ සංනිවේදන දුර්වල කමක්.රාජ්‍ය විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න අය කෑගහන්නෙ ඔයලට ඉගෙන ගන්න දෙන්න එපා කියල නෙවෙයි.

හැමෝටම උපාධියක් දක්වා ඉගෙනගන්න හදල දෙන්න කියල.අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල.අලුත් ලෝකෙට හරියන උපාධි පාඨමාලා ඇතිකරල හැමෝටඔ ඔයා වින්දවගේ දුක් නොවිද.අම්ම තාත්තට දුක් නොවී.කරදරයක් නොවී.උපාධියක් හැමෝටම ගන්න පහසුකම් හදන්න. ඒවට ප්‍රතිපාදන වෙන් කරන්න.මේ ඔක්කොම කරන්න පපුලුවන් 6%ක් ආර්තිකයෙන අධ්‍යාපනයට වෙන් කලොත්.

එතකොට A/L pass උනහම,ඒ කියන්නෙ SSS ගත්තහම.ඔයාට ඔනෙනම් පුලුවන් Graphic Designing,Photography , Software Engineering වගේ ඕන දෙයක් තෝරගෙන උපාධියක් රාජ්‍ය විශ්වවිද්‍යාලක් අතුලෙන් මහදාරන්න.එතකොටසල්ලි අමරුකම නිස ඔයාගෙයාලුවට වගේ ඉගෙනීමෙ නිදහස නැතිවෙන්නෙ නැහැ.

පිටරට උපාධිවලටඋගන්වන තැන් ගොඩක් තිබුත්.උපාධියක් ලබාදෙන්න අවසරය තියෙන්නෙ ලංකාආයතන කිහිපයකට විතරයි.ඒ අතරින් එකක් SAIITM ආයතනය.මේක ගැන විශේෂයෙන් කතා කරන්නෙ දොස්තරලා කියන්නෙ මිනිහෙක්ගෙ ජීවිතය එක්කවැඩ කරන්න වවෙනකෙනෙක්.එතනදි ඒ ආයතනයේ Quality එකලොකුවට හිතන්න වෙනව.ඇදන් 400ක් තියෙන ලෙඩ්ඩු 100 ක්වත් නැති Hospital එකකින් කොහොමද ළමයි 500කටත්වඩා වැඩියෙන් clinical Practical කරන්නෙ.ලෙඩෙකුට පුරුදු නැතිදොස්තර කෙනෙක් නිසා ජේවිතේ නැති උනොත් කව්ද ඒවට වන්දිගෙවන්නෙ.SAIITM එකද?ඩිස්පෙන්සරිය බෙහෙත් දෙනවට වඩා කොච්චර දරුණු ලෙඩ හැදුණු අයදොස්තර කෙනෙක්ගෙ ජීවිතයෙදි හම්බෙනවද? එතනදි ඒදදොස්තර වවෙනුවෙන් එයාට දීපු න්‍යායික දැනුම,ප්‍රායෝගික දැනුම ගැන වවගවෙන් පුලුවන්ද එහෙම අඩුපාඩු තියෙන තැනකට.ඒටත් වඩා SAIITM ලාභ ලබනව දැක්කහම අනිත් මුද්ලාලිලතත් පටන්ගන්න දොස්තරඋපාධිකඩ වලට දේශපාලකයෝ උන්ගෙ බලයෙන් අවසර දීල ලොකු ප්‍රශ්න ගොඩක් ඇතිවෙන අනවශ්‍ය වැඩක් කරන්නෙ.
ඒ වවෙනුවට රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පුලුල් කරල බඳවා ගැනීම්වැඩි කරල අර AAB ABB වගේ හොද ප්‍රතිපල අරගෙන ඒත් වෛද්‍ය විද්‍යාලෙට යන්න බැරි උන දක්ෂ ළමයින්ට ඒ අවස්තාව හදල දුන්නනම්.ප්‍රශ්න විසදෙනව නේද.

ඔයාම හිතන්න ඔයාටත්සල්ලි අමරුකම කියන දුක නොවිද ඉගෙනගන්න තිබුනනම කොච්චර අගේද.ඒක නේද නිදහස.එතකොට මෙ කැම්පස් ගිය නොගිකිය කියින මහලොකු බේදය තියෙනවද? .හැමෝම ඉගෙගන්නව.නිදහසේ.

ගින්දර හදාගන්නෙ කොහොමද කියන එක.මුලින්ම ඒක හොයගත්ත කෙනාකකිය දුන්නෙ නැත්තන්.එහෙම නතිනම් කියා දුන්නෙ සල්ලිවලටනම්.කවදාවත් මේ ලොකෙ මෙතන නෑ.එක හැමෝම තමන්ගෙ පහල පරම්පරාවට ඉගැන්නුව නනිසාතමයි මෙහෙම දියුණු උනේ.ඒ වගේ තමයි.මේ ලොකෙ තියෙන දේවල් ඉගෙන ගන්න එක හැමෝටම තියෙන අයිතියක්.ඒක වෙළදභාණ්ඩයක් නෙවේ.හැමෝම මිනිස්සු හැමෝටම උත්සහය මහන්සිය තියෙනවනම් ඉගෙනගන්න පුලුවන්සමනසාධාරණ අවස්ථා මේ රට ඇතුලෙ තියෙන්න ඕනෙ.හරියට ඉස්කොලෙ ගිහින් ඉගෙන ගත්ත වගේ.

මොකටද ඔයා කැමති ?

අපි ඔක්කොම එක නනැවට නගින්නද? නැත්තන් පුලුවන් එකා නැවේ.ටිකක් පුලුවන් එකා බෝට්ටුවේ.බැරි එකා වතුරෙ.සමහරෙක් පීනල කොහෙ හරි පොඩි ගලක් උඩටවත් නැගගනී.එහෙම කරල චාන්ස් එකක් හම්බුනොත් බෝට්ටුවකට නැවකට නැගගෙන යයි.බැරිම උන එකා කොච්චර හැකියාව දක්ෂ කම තතිබුනත් වතුර යටහැන්ගිලා යයි.

අපේ කාලෙ ඉවරයිඅපිට නිදහස හම්බුනා.මේ ඊලගට එන්න ඉන්න අය වෙනුවෙන්.හැමෝගෙම අනාගත වෙනුවෙන්.හොදට කැම්පස් එකට වෙල ජොලියෙ ඉගෙනගන්න එක කැප කරල ඇවිත් ගුටිකෑවෙ කදුලු ගෑස් කෑවෙ.හැමෝම වෙනුවෙන් මෙන්න මේක කරල දියව් කියන්න.

ඔයා තීරණය කරන්න.ඔයගෙ පුතාට දොස්තර කෙනෙක්වෙන්න ආසවෙන් ඉන්නකොට.ඔයා කැමති රුපියල් කෝටියක් දීල SAIITM එකට යවන්නද.නැත්තන් පුතාව උනන්දු කරවල ABB වගේ අරන් හොද රජයේ විශ්වවිද්‍යායක අඩුපාඩු නැති ඉගෙනීමක් දෙන්නද.

අපි හැමෝම එකතුවෙලා මේ නිදහස් අධ්‍යාපනය දියුණු කරගත්තොත් ඒ අපේ දරුවනට නිදහස.

හරිය නොදැන දේශපාලුවො කියනදේ අහගෙන.රටට හොදක් කරන්න හදන අයට බනින්න එපා.එයාලටත් කන්දෙන ආත්මාර්ථකාමීව බලන්න එපාදේශපලුවො හදන්නෙ උපධි කඩ මුදලලිලගෙන් කොමිස් එඑක අරන් මිනිස්සු රවට්ටන්න.

නැත්තන් හැමෝටමදකින්න වෙන්නෙ
මේ ඔබේ දරුවාගේ පාසලයි.ඔබම ගෙවන්න.ඔය බෝඩ් එක තමයි.

එකපාරට කාගන්න බැරිව ඔය ටික ටික කාගෙන එන්නෙ.දැන්ම කන එක නැවැත්තුවෙ නැත්තන්.අපි හැමෝටම කෙල වෙනකන් දන්නෙ නෑ.
පොඩි කාලෙ ඉඉදන් ඉගෙන ගන්න අපිට ලැබුනෙ නිදහස් අධ්‍යාපනය නිසා.ඒක තව දියුණු කරල රැකගමු.මුදලලිලට යටවෙන්න නොදී.
හෙරොයින් වලට පස්සෙ ලෝකෙ තියෙන ලාභම වෙළදාම තමයි අධ්‍යාපන විකිනීම.ඉතිරි ටික ඔයාලම හිතන්න.

Achira said...

කුමා සහෝදරයා
ඔබ කියන කතාව 100% හරි වෙන්න පුළුවන්. ඔබ කියන විදිහට නම් අන්තරේ සහෝදරවරු කරන ඇත්තටම සාධාරනයි.

ඒත් අන්තරේ සහෝදරවරු පාවිච්චි කරන සටන් පාඨ දිහා බැළුවොත් පොඩ්ඩක් පෙනෙයි ඔයා මේ කියන ඇත්තම සාරය එතන නැතිබව.

නිදහස් අධ්‍යාපනය රැකගන්න මුවාවෙන් ඒ සටන් පාඨ වල තියෙන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල වහල දාන්න ඕනෙ කියන පණිවිඩේ.

ලංකාව වගේ රටක් මෙච්චර ඉස්සරහට ඇවිත් තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය නිසා. නිදහස් අධ්‍යාපනය ලෝකෙම දෙන්නෙ රටවල් කීපයක් විතරයි. ඒත් නිදහස් අධ්‍යාපනය නොදුන්න කියල අනිත් රටවල්වල සාක්ෂරතාවය සාපේක්ෂව අඩු නෑ නේද?
(නිදහස් අධ්‍යාපනය එපා කියන එක නෙමෙයි කියන්නෙ)

පුද්ගලික විශ්ව විද්‍යාලවල ලමයි කිසිම දාක නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙලා නෑ

ඒ ලමයි කවදාවත් රාජ්‍ය විශ්ව විද්‍යාල ළමයින්ට හිත රිදෙන්නවත් ඒ ළමයින්ගෙ අයිතීන් කප්පාදු කරන්නවත් කතා කරන්නෙ නෑ.

ඒ ළමයි ඉල්ලන්නෙ (ඔබ කියන ආකාරයට නිදහස් අධ්‍යාපනය දිනාගන්නා තුරු) තමන්ගෙ ඉගනීම කඩාකප්පල් වෙන විදිහෙ වැඩ කරන්න එපා කියලයි.

Kuma said...

අචිර සහෝදරයා,
මම අන්තරේටකඩේ යන්නෙ නැහැ. අද වෙනකොට පුද්ගලික විවිද්‍යාල වලට ගගිහින් කොහොමහරි ඉගෙනගන්නව ඇරෙන්න ළමයින්ට වෙන විකල්ප නැහැ.සාධාරණයි ඔයගෙ කථාව.ඒත් තව උපාධියකට මුදලට ඉගෙනගන්න තැන් කීයක් පටන්ගන්න මුදලාලිල කීදෙනෙක් බලාගෙන ඉන්නවද මේ වෙනකොට ?

ඉතින් ඔය අන්තරේ කෑ ගහුවෙ නැත්තන් ඒ මුදලාලිල හොදින් හෝ නරකින් තමන්ගෙ කඩේ දාගෙන මේ අහින්සක මිනිස්සු හූරගෙන කනව. පුලුවන් තරම් ඉක්මනින් උසස් පෙළ සමත්වෙන හැමෝටම රාජ්‍ය වවිශ්වවිද්‍යාලෙක තමන් කැමති උපාධියක් හදාරන්න නිදහස ලබාගන්න ඕනෙ.ඒත් මේ දේශපාලුවො කරන්නෙ පුද්ගලික විවිද්‍යාල වලට වලටනීති හදල දීල ඒවට උඩගෙඩි දීල රාජ්‍ය අධ්‍යාපනය දියුණු කරන්නෙ නැතුව ඉන්න.

මෙහෙයි වෙන රටවලුයි සංසන්දනය කරන්න එපා.ඒකට සාධක ගොඩක් තියෙනව නේද? ඇයි අචිර එහෙ නිදහස් අධ්‍යාපනය නැති එක විතරක් සලකන්නෙ.මේක අපේ රට.මේ රටට හොදක් කරන් කථා කරන මිනිස්සුන්ට හිනා වෙන්න. බනින්න විවේචනය කරන්න අය ගොඩාක් ඉන්නව.ඒත් තමන් වෙනුවෙන් නෙවේ.අනාගත පරම්පරාව ගැන හිතල කතා කරන්න කවදාවත් ඒ අයට බැහැ. එදා මහත්මා ගාන්ධි තුමාටත් ඔයවගේම විවේචකයො බනින අපහස කරන මිනිස්සු හිටිය.මොනව කරන්නද බුද්ධිමත්ව මානුශිකව සංවේදීව හිතබලන්න දුර.

මේක මානුශික ප්‍රශ්නයක්.කරන්න ගොඩක් අපහසු දෙයක්.මුදල් ගොඩක් වියදම් වෙන දෙයක්...ඒත් කොහොම හරි කරන්න ඕනෙ දෙයක්.

දැන් ඉගෙන ගන්න පිරිසට අසාධාරණය නොවෙන්න ක්‍රමයක් හදන්න පුලුවන්.ඒත් වැඩේ කල් දැම්මොත් මේ ප්‍රශ්උඩුදුවන එක තම්යි වෙන්නෙ.යුද්ධයක් කරන්න කොච්චර අමාරු දෙකක් උනත් මේ රටේ ඒකත් කලා. මේ දරුවන්ට අධ්‍යාපන නිදහස අරන් දෙන ඒතරම් අමාරු නැහැ.ඒතරම් කල් යන්නෙත් නෑ.මේ දේශපාලුවො ටිකට ඕනකමක් නැතකම මිස.මුන්ඔක්කොම මුදලාලිලට කඩේ යනව. උන්ගෙ බිස්නස් එකට කෙලවෙන එකෙන් බේරගන්න උන් ඕන දෙයකකරනව. ඉතින් මේ මමෝඩයො ටිකත් උන්ගෙ සල්ලි වලට යටවෙලා. පපුලුවන්නම් කෙලින් ඇවිත් ඔය ඇමතිවරු උත්තර දෙන්න එපැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයො අහන ප්‍රශ්න වලට.උන්ට ගහල මාධ්‍ය ටික පාවිච්චි කරල රටේ මිනිස්සු ටිකට බොරු මතයක් ඇති කරල ශෙප් වෙලා යනව.

බුද්ධිමත් මිනිස්සු නිදහස හොයන එක කවදාවත් නතර වෙන්නෙ නෑ.ඒ මිනිහගෙ හැටි.දහසක් ඉදිරිපත් කරන්න ලැබුණු එඑක සතුටක්.මම පොස්ට් එක share කරන්නම්.ගැටෙන මත දකිනකොටයි හිතන්න අලුත් පැත්තක් දකින්න ලැබෙන්නෙ.
:).බොහොම ස්තූතියි අචිර.ජයවේවා!

Unknown said...

මීට බොහෝ කලකට පෙර විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගල සමාජය විසින් යම් බරසාරත්වයකින් යුතුව, හරයක් ඇති ඒවා සේ සලකා බාරගත් යුගයක් තිබින. එවක විශ්වවිද්‍යාල සිසුවා යනු පෙරලිකාර උගතෙකි, සමාජයේ යම් වෙනසක් අපේක්ශා කරන්නෙකි වැනි ප්‍රතිරූප ගොඩනැගී තිබුනි. එහෙත් දැන් ඒ යුගය අවසන්ය. වර්තමාන සරසවි සිසු අරගල දෙස සමාජය පිලිකුලෙන් බලන තත්ත්වයක් දැනටමත් උදා වී හමාරය. වත්මන් සමාජ දැක්මට අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපාරේ අරගල ජනතාවට කරදරයකි. කිසි හරයක් නැති ඒවාය. කොටින්ම කියන්නේ නම් දැන් ඉන්නේ විශ්වවිද්‍යාල සිසුන් නොව කූට දේශපාලනික න්‍යායපත්‍ර මත නැටවෙන රූකඩය. මේ පොදුවේ විශ්වවිද්‍යාල සිසුන් ගැන සමාජය දරන මතය වන අතර මෙය මඳක් විමසනු වටී.
වත්මන් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුවා යනු තමන්ගේ කියා මතයක් නැති රූකඩයකි යන මතය නම් මමද දරමි.
විශේශයෙන්ම වත්මන් ලංකාවේ විශ්වවිද්‍යාල සිසු දේශපාලනය මා දකින්නේ තමන්ටම කියා මතයක් නොමැති ව්‍යාධියක් වශයෙනි. කාලයක් ජවිපෙ යටතේ පැවැති මෙය දැන් පෙරටුගාමීන් අතට පත් ව තිබේ. එහෙත්, විශ්වවිද්‍යාල ශිශ්‍ය ප්‍රජාව යනු සැලකිය යුතු තරමේ පිරිස් බලයක් ඇති පිරිසක් හෙයින් ඔවුනට පවතින සමාජ ක්‍රමය ගැනත්, මතු බිහි විය යුතු සමාජ ක්‍රමය ගැනත් ස්වාධීය හා විචාරාත්මක දර්ශනයක් තිබිය යුතුය යන්න මම පෞද්ගලිකව විශ්වාස කරමි. එවැනි දර්ශනයක් නොමැති වීම තුල දැන් බිහි වෙමින් පවතින්නේ 'මාලෙ කරේ - චේ පපුවේ - කිසිම දෙයක් නෑ ඔලුවේ' පන්නයේ සරසවි සිසුන් වීම අභාග්‍යයකි. අද වන විට මොවුන් බොහෝ අරගල කරන්නේ තමන්ගේම කියා ඇසකින් පවතින සමාජ-දේශපාලනික යථාර්ථය දැක නොව පුරුද්දට මෙනි. අනුන්ගෙන් මාක්ස්, එංගල්ස්, ලෙනින්, අල්තීනායි, ගුරු ගීතය, අයිත්මාතව් වැනි 'වචන' ඉගෙන ගන්නවා වෙනුවට ස්වෝත්සාහයෙන්ම ඔවුන් කියවා බැලීමට ඔවුන් නොපෙලඹෙන්නේ හුදෙක්ම විප්ලවය ගැන ගිරවුන් මෙන් කතා කලාට විප්ලවීය විභවයක් නොමැති නිසාදැයි මම සැක කරමි. Kapila.M. Gamage සහෝදරයාගේ සහ පරම්පරාවල අයට විශ්වවිද්‍යාල සිසු දේශපාලනය ගැන මීට වඩා වෙනස්ම අවබෝධයක් හා අත්දැකීමක් තිබෙන්නට පුලුවන් විය හැකි නමුත් Sakuna M Gamage, Kalpa Rajapaksha සහ මා නියෝජනය කල පරම්පරාවේ අයගේ කියවීම ඊට සහමුලින්ම වෙනස් වන්නේ නම් ඒ ගැන පුදුම වීමට අවශ්‍ය නැත.
පොඩ්ඩ එහෙමෙහෙ වූ සැනින් බෝඩ් ඇඳගෙන හැමදාම කියන සටන් පාඨ කරකවමින් මහපාර මැද ඉඳගෙන අමාත්‍යාංශයට හෝ ප්‍රතිපාදන කොමිසමට හෝ කඩා පනින්නට හැදුවාට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් නොමැති බවත්, සැබෑ විප්ලවවාදියා යනු තම පෞද්ගලික අවශ්‍යතාව ඉටුකර ගනු වස් අන් අයගේ සමාජ ජීවිතය කඩා ඉහිරවන්නෙකු නොවන බවත් මොවුන් තේරුම් ගන්නා තෙක්ම එම තත්ත්වය වෙනස් නොවනු ඇත. මේ වන විට, සාධාරන වේවා, අසාධාරන වේවා මේ කවර හේතුවක් අරබයා වුව සරසවි සුසුන් මහමග උද්ඝෝශනය කරමින් සිටිනු දකින මගීන් එකිනෙකා හා හුවමාරු කරගන්නා අදහස් ගැන මා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ තත්ත්වයට හේතුව කුමක්ද? මට සිතෙන්නේම විශ්වවිදයාල සිසුවා යන ප්‍රතිරූපයද මේ වන විටත් විකාරරූපී ලෙස සමාජය තුල විහිලුවට හා පිරිහීමට ලක්ව අවසන් බවයි. එය නැවත ඔසවා තැබීම ඔවුන්ගේම වගකීමකි.
අනෙක් අතට, අසාධාරනයට විරුද්ධව, අසාධාරනය හා සමාජ විශමතාව පිටු දකිනු පිනිස, සමාන සමාජයක් වෙනුවෙන් යැයි සිතා කෑ මොර දෙන විශ්වවිද්‍යාල සිසු සංගම් විසින් මෙහෙයවනු ලැබෙන නවකවධ ව්‍යාපාර ආදිය පිලිබඳ බරපතල ස්වයං-විවේචනයකට ඔවුන් යොමු නොවන තුරු මේ විහිලුකාරී ස්වරූපය නොනැසී පවතිනු ඇත. මොවුන් මේ මහමග ප්‍රකට කරන සාධාරන හිතකාමීත්වය නවක සිසුන් බඳවා ගන්නා කාලෙට විශ්වවිද්‍යාල තුල නොමැති වීමෙන්ම ඔවුන්ගේ ගෙදරට මරගාතේ දේශපාලනයේ සැබෑ ස්වරූපය හඳුනාගත හැක.
සැබෑ විප්ලවවාදියා විප්ලව කිරීමට පෙර විප්ලවය යනු කුමක්දැයි හඳුනා ගැනීමට තැත් කරයි. විප්ලවය හදාරයි. විප්ලවය බිහි වන්නේ ආවේගය ඉක්මවා ගිය බුද්ධිමය හා උපායමාර්ගික 'සටකපටකම්වලින්' බව වටහා ගනියි. හිංසනය පිටු දකිමින් මිනිස් නිදහසට ගරු කරයි.
මේ හැම දෙයටමත් වඩා, සැබෑ විප්ලවකාරයා ගොනාට ඇන්දෙන්නේවත්, අනුන්ගේ වාසිය පිනිස ඩෙඟා නටන්නේවත් නැත.
http://sinhala.asianmirror.lk/local-news/item/17952-uni-

Ajith Dharma. said...

මචන් මම මේකේ බුකියේ පෝස්ට් කල. හොඳ ලිපියක් නිසා නෙලුම් යායටත් දානවා. www.nelumyaya.com

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...