Thursday, June 06, 2013

නාමල් අයියා චීනයට යාමට හේතුව

එදා විවේකයෙන් ගෙදර සිටි දවසක් විය. පත්තරයත් අතට අරගෙන බැලීමට සැරසෙන විට රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති විකාශය වීමට පටන් ගැනුනි. ඒ අල්ල පනල්ලේම අල්ලපු ගෙදර පොඩි එකා අපේ ගෙදරට කඩා පාත් විය. මම ඉතින් ඌත් සමග ප්‍රවෘත්ති බැලීමි.

ජනාධිපති තුමාගේ චීන සංචාරය ප්‍රවෘත්ති මාතෘකාව විය.  ජනාධිපති පුත් නාමල් අයියාද චීනෙ ගිය බව එහි දැක්විනි. අල්ලපු ගෙදර පොඩි එකා ගේමට බැස්සේ එතනදීය.

“ මාමෙ කවුද මහින්ද මාමා එක්ක අර ඉන්නෙ“
“ඒ නාමල් අයියනෙ පුතේ“
“නාමල් අයිය කවුද?“
“ඒ මහින්ද මාමාගෙ පුතානෙ“
“එයා මොකටද චීනෙ ගියෙ“
මට දෙන්න උත්තර නැත. මම වැඩේ ගොඩින් බේරා ගැනීමට මාන බැලුවෙමි.
“ඒ අය රාජතාන්ත්‍රිකයොනෙ පුතේ“
“ඒ මොක්කුද මාමෙ?“
දීපල්ලකො උත්තර.
“රාජ තාන්ත්‍රිකයො කියන්නෙ පුතේ රට නියෝජනය කරන අය“
“ඉතින් නාමල් අයියා මොකටද රට නියෝජනය කරන්නෙ“
“එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ“
“නෑ මාමා වැරදියි“
පොඩි එකාගේ ස්වරයෙන් මම ගල් ගැසී ගියෙමි.
“ඇයි පුතේ වැරදි“
“එහෙනං මං මාමාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. පස්සේ මාමාටම තේරෙයි“
කොල්ලා කතා කීමේ යන්ත්‍රයක් බැවින් උගෙන් කතාවක් අහගන්න මමත් ලෑස්ති වීමි.
“හා එහෙනං මාමා කියමු බලන්න අර මහින්ද මාමත් එක්ක ඉන්න ගෑණු කෙනා කවුද?“
ඔහු ජනාධිපති ආර්යයාව පෙන්වමින් අසයි.
“ඒ පුතේ ජනාධිපති ආර්යයාවනෙ“
“එතකොට නාමල් අයියා කියන්නෙ එයාගෙ පුතෙක්නෙ“
“ඔව්“
“නාමල් අයියාට සහෝදරයො කී දෙනෙක් ඉන්නවද?“
“දෙන්නයි“
“දැන් කෝ ඒ අය“
“එක්කෙනෙක් නාවික හමුදාවෙ, අනිත් එක්කෙනා අභ්‍යවකාශෙ“
“දැන් මහින්ද මාමායි ශිරන්ති නැන්දයි චීනෙ එන්න හදනකොට ගෙදර තනියම කවුද ඉන්නෙ“
“නාමල් අයියා“
“හරි අම්මෙක් තාත්තෙක් ගමනක් යනකොට එහෙම ලමයෙක් ගෙදර දාල යනවද මාමෙ“
මට ආයෙත් කට උත්තර නැත.
“ඒකත් හැබෑව පුතේ. එහෙනං ඒක වෙන්න ඇති නාමල් අයියව එකකං යන්න ඇත්තෙ“

අනේ මන්දා දැන් හැදෙන එවුන්. මට තාම මෝල් වගේය. මෙය මාගේ චිත්ත සන්තානය ආ කතාවක් නොව අල්ලපු ගෙදර පොඩි එකා විසින්ම කියපු කතාවකි. ඕං මං කියන්නේ බොරුනම් පාරක් පනින වෙලාවක කහ ඉරක් උඩදී සුදු වෑන් එකකට යටවී මිය යනු ඒකාන්තය. එවිට පාර අයිනේ හිටපු එකෙක් “දම්සාරී“ කියා කෑ ගසනු ඇත. අනේ මන්දා මොනව ලියනවද කියල.  සමාවෙන්න... 

4 comments:

SilentSahan said...

ඔය වේස කොල්ලගේ කට තලනවා මම ළඟ හිටියනම් එහෙම.

Hasitha Wijesuriya said...

අඩෝ කව්ද යකෝ රජ පවුලට මඩ ගහන්නෙ :P

Achira said...

මඩ නෙමේ අයියෝ. අල්ලපු ගෙදර කොල්ල කියපු එක මම ලිව්වෙ

itnishantha said...

ඒ උත්තමයා පින් කොරලා තියෙන්නේ ඒ හින්දා නොවැ ඔය රට රට වල කරක් වාසනාව. අපි ඉතින් පහු ගිය ආත්ම වල ඒ උත්තමයන්ගෙන් නයට අරන් නොදී ඉඳලා එකනොව දැන් මේ ආපහු ගෙවන්නේ

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...