Friday, April 20, 2012

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ


මේක මට වෙච්ච වෙච්ච දෙයක් ටික කාලෙකට කලින්. නොදන්න කමටයි පුරුද්දට එන හැම මැසේජ් එකටම ok කියල ප්‍රෙස් කරන හන්දයි තමා මේ ඔක්කොම.

හැමෝම අහල ඇති දමිත් අසංක ගායනා කරන ඔය සින්දුව. මේ ඔය සින්දුව ආපු මුල් කාලෙ. දවසක් බස් එකක යනකොට ඔය සින්දුව මට ඇහුනා. (බස් වල යන හුගක් සින්දු අහන ඒවා නෙමෙයි ඇහෙන ඒවා) ටිකක් හොඳ හන්දා මම සින්දුවෙ ඉතුරු ටික ඇහැව්වා. සින්දුව සෑහෙන්න හිතට අල්ලපු හන්ද ගෙදර ආපු ගමන්ම අන්තර්ජංජාලෙ දමාගෙන හෙව්වා. කොහෙවත් තිබ්බෙ නෑ. ඉතින් ඒ ආසාව එදාට ඉවරවුනා.

දවස් කීපයක ඇවෑමෙන් ආයි සින්දුව මතකෙට ආවා. එදා හිටියෙ කාර්යාලෙ. ගූගල් දෙයියන්ට කතාකරල පොඩ්ඩක් හොයල බැලුවා. ඔන්න තියනවා. ගිහින් බැලුවහම ලංකාවෙ ජංගම දුරකතන  ෙස්වා  ෙවබ් අඩවියක තියනවා සින්දුව. ෙපාඩ්ඩක් ඒහා ෙමහා ෙවලා බැළුවහම  ෙමන්න තියනවා Download Icon ඒකක්. දැන් ඉතින් වැෙඩ් හරි. හැමදාමත් පුරුද්දට කරනවා වගේ එබුවා Download එක.

එතකොට කියනවා ඒකට ඒ ජංගම දුරකතන  ෙස්වා ජාලයේ දුරකතන අංකයක් ඇතුල් කරන්න කියල. ඉතින් මුළු කාර්යාලෙම ඒ ජංගම දුරකතන  ෙස්වාව පාවිච්චි ‍කලේ එකෙක් විතරයි.  (ඒත් මහ ගෙදරට සිග්නල් නෑ කියල). නම නම් කියන්න බෑ අයියෝ. ඉතින් ඌ ගාවට ගිහින් මගෙ අවශ්‍යතාවය කියල නොම්මරේ ඉල්ලගෙන ඇතුලත් කලා. ඒත් ඉතින් Download ලින්ක් එකක් හම්බවුනේ නෑ. ආයෙත් ඒ දේම කලා. කිසිම විදිහකින් මට ඕනෙ සින්දුව හම්බවුනේ නෑ. පස්සෙ මම වැඩේ අතහැරල දැම්මා.

පැය කාලකට විතර පස්සෙ රා බිපු නාලාගිරි වගේ යාළුව කඩාගෙන බිඳගෙන මගෙ පැත්තට එනවා.

උඹ මොකද්ද බං කරපු කැත වැඩේ?
කියල යාළුවා මට බැනගෙන බැනගෙන ගියා. මම අන්දුන් කුන්දුන් වෙලා අහගෙන හිටියා. පස්සෙ හෙමින් මම ඇහැව්වා මොකකද වුනේ කියල. එතකොටයි මට වැඩේ තේරුනේ. ඒ සින්දුව යාළුවගෙ රින්ගින් ටෝන් එකට සෙට් වෙලා. රුපියල් අසූවකුත් කැපිල. ඒ අස්සෙ යාළුවගෙ පවුලයි නැන්දම්මයි කතා කරල.

යාළුවට පවුල බැනල මොනවද මේ දාගෙන ඉන්න සින්දු? දැන් කාගෙ ආදරේද හීනයක් වෙලා තියෙන්නෙ කියල.

ඕන් ඔහොමයි නැති ප්‍රශ්න ඇතිවුනේ. ඒක විසඳුවෙ යාළුවට ගිය වියදම වෙන රුපියල් 80ත් දීල එයාගෙ නෝන මහත්තයට කතා කරල වෙච්ච විජ්ජුම්බරෙත් පැහැදිලි කලාට පස්සෙයි.

මගෙ ජීවිතේ පළවෙනි පාරට සල්ලිත් දීල සින්දුවක් ඇහැව්වෙ එදා තමයි ඔන්න.

7 comments:

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

මමත් ආසම සිංදුවක් !!! අපේ මොබයිල් ඔපරේටර්ස්ලා ගැන නම් කියලා වැඩක් නෑ... !

නන්ඳු said...

හෆොයි දෙවියනේ.. :D
මදැයි සිංදු ඇහුවා.. :(

Unknown said...

උබ නාඩන් උබ නාඩන් උබට ඕව හොද පාඩම්..

Unknown said...

උබ නාඩන් උබ නාඩන් උබට ඕව හොද පාඩම්..

Ma_Li_Thi said...

:-)

~chAmi~ said...

අප්පා මං දන්නා හිතුව එකම සරත් චන්ද්‍රසිරි දෙපාරක්ම දාලනේ.....

Hasitha Gunasinghe said...

හේනක් හින්දා පවුලක් එහෙම් පිටින්ම අවුල් වුණා වගේ තමා මේකත් :D

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...