Wednesday, May 19, 2010

ප්‍රේමයේ අතුරු ඵල


මම මේ කියන්න යන්නෙත් කතාවක්. හැබැයි ටිකක් වෙනස් විදිහෙ. සංවේදි එකක් නම් නෙමෙයි ඔන්න. පසුගිය සතියේ මගෙ යාළුවෙක් ගෙදර ඇවිත් එයාගෙ විවාහ මංගල්‍යයෝත්සවය කියල ගියා. යාළුවෙක් කිව්වට දුරින් නෑදෑකෙනෙකුත් වෙන‍වා. ගෑණු ළමයෙක්. අවුරුදු 10 ක විතර ප්‍රේමයක අවසාන ඵළය. කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ මෙහෙමයි. මේ කියන මගේ යාළුවා මට වඩා මාස දෙකක් විතර වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි. සුදු කොන්ඩෙ දිග බොහොම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යය පෙළ කරල ඉවර වෙච්ච කාලෙ ඉතින් කඩ්ඩ හදාගන්න කඩු හරඹ පන්තියි පරිගණක දැනුම වැඩිකරගන්න ඒ පන්තියි යනවනෙ. (දැන් තාලෙ වෙනස්, කාලෙ අළුත් හන්ද) ඒ කාලෙ එහෙමයි.

ඉතින් ඔය කාලෙ මේ යාළුවත් ඔය පන්තියකට ගියා. ඇහැට කණට පේන දැරිවි හන්ද ඉතින් අයියල පොරේ. කොහොම කොහොම හරි කල් යල් බලල තවත් හොද හැදිච්ච පිරිමි ළමයෙක් මෙයාගෙන් යාළුවෙන්න ඇහැව්වා. ඒ ළමයගෙත් වරදක් නැති හන්ද සහ මෙයාගෙත් කැමැත්ත ඇබිත්තක් තිබ්බ හන්ද කිව්වා “මට ඕවට මුකුත් කියන්න බෑ. ඇවිත් ගෙදරින් අහන්න” කියල. අපිත් හිතුව වැඩේ එතනින් ඉවරයි කියල. මොන? එතනින් තමයි පටන් ගත්තෙ. මේ ළමයත් එයාගෙම වයසෙ. යන්තම් සාමාන්‍ය පෙළ ඉවර කළා විතරයි. ඔන්න පහු වෙනිදම මේ ලමයා යාළුවගෙ ගේ දොරකඩ. යාළුවා හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියල. ඔන්න ඉතින් කෙලින්ම ප්‍රශ්ණය යාළුවගෙ තාත්තට යොමු කළා.

මාමණ්ඩි අළුත් බෑනගෙ විස්තර ඇහැව්වා. ඒත් කෙරුවාව ගැන එච්චර පැහැදීමක් නෑග තාම පොඩි එකෙක්නෙ. යන්තං ඕ ලෙවල් ඉවර වුනා විතරයි මගුල් කතා කරන්න එනවා රස්සාවක් වත් නෑනෙ. ඉතින් මාමණ්ඩි කිව්වා මෙහෙම. “මගෙ දුව මම හැදුවෙ දොස්තර කෙනෙකුට හරි ඉංජිනේරුවෙකුට හරි දෙන්න. පුතාට තාම රස්සාවක් වත් නෑනෙ. ඉතින් පවුලක් ගෙනියන්නෙ කොහොමද? කවද හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙලා ඇවිත් කතා කරන්නකො” කොල්ලත් ඇරියෙ නෑ. කිව්ව මාමණ්ඩිට මෙහෙම. “ හරි මම එහෙනම් මම එන්නම්, හැබැයි මාමත් වචනෙ ඒ විදිහටම රකින්න ඕනෙ”. යාළුවට මාර සන්තෝසයි. ඊට පස්සෙ මේ ළමයා ගණිත විශයයන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී දෙන්නා යන්තම් කතා කරනවා එච්චරයි.

අවුරුදු දෙකක් ගෙවිල ගිහින් ‍උසස්පෙළ ප්‍රතිපල ආවට පස්සෙ කොල්ල ඉස්සෙලම ගෙදර යන්නත් කලින් ආවෙ මාමා හම්බවෙන්න. ඇවිත් ප්‍රතිපල කිව්වා. මාමට කට උත්තර නෑ. දිස්ත්‍රික්කයෙ 5 වෙනියා ගණිත අංශයෙන්. දිවයිනේ 25 ද කොහෙද “දැන් මාමා මොකද කියන්නෙ” කියල කොල්ලා ඇහැව්වා. මාමා මොනව කියන්නද? එදා ඉදන් දෙන්නට ගෙදරින් ආශිර්වාදෙ තියනවා. ඒ දෙන්නගෙ මගුල් ගෙදර තමයි ඔය කියල ගියෙ. ඔන්න ඔහොමයි කොල්ලන්ගෙ වැඩ.

(මම මේ කල්පනා කලේ අපිට ඔහොම මාමන්ඩිල හිටියෙ නෑනෙ. හිටියනං අපිත් ගොඩ)

ඡායාරූපය මෙම යොමුවෙනි

11 comments:

RanDil said...

අම්මලා තාත්තාලාට බැරි වැඩ මාමණ්ඩිලා කරන හැටි විතරක්. අනේ අම්මාපල්ල..............


ඇත්තටම සතුටු හිතුන කථාවක්

Anonymous said...

මම මේ වගේ හින්දි පිල්ම් එකක් දැකල තියෙනව. හැබැයි ඒකෙ නම් කොල්ල ලොක්කෙක් වෙලා එනකොට ගැහැණු ළමයා වෙන දීගෙක ගිහින්... ඒ ඉන්දියාවේ නෙ... ඒ නිසා කමක් නැහැ..

ඉතින් වෙඩින් එකට යන්න ඇදුම් එහෙම ගත්තැයි෴..

sanjeew said...

මටත් එකක් තියෙනව, ලබන සදුද

පිස්සා පලාමල්ල said...

මොනව උනත් කොල්ල නම් ගින්දර කොල්ලෙක්. හික් හික්.. ඕ ලෙව්ල් කාලේ ඔහොම්ගෙදරින් අහන්න තරම් ගටක් තිබිලා උගේ ටාර්ගට් එකට ගියා කියන්නේ..

Anonymous said...

Déjà vu

Anonymous said...
This comment has been removed by the author.
Achira said...

@RanDil
ස්තුතියි ප්‍රතිචාරයට

@wath
මේකත් නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ තමයි. වෙනසකට තියෙන්නෙ ලංකාවෙ ඇත්තටම වෙච්ච එකක් වීම විතරයි. වෙඩිමට තව සති දෙකක් විතර තියනවා. එතකොට ඇදුම් ගැන බලනවා :)

@BEAUTIFUL SRI LANKA
මේක කොහොමත් වෙඩින් මාසෙනෙ. මේ මාසෙට විතරක් මටත් 4ක්

@පිස්සා පලාමල්ල
ඒක තමයි මාත් කියන්නේ. කොල්ලා හැබෑ දස්සයා වැඩකාරයා

@නදී
Film ou poste

T-Rex said...

ඒ පිරිමි ළමයා හුඟක් ධෛර්යයවන්ත කෙනෙක් කියලයි මට නම් හිතෙන්නෙ. එහෙම අය ඉන්නෙ හරි අඩුවෙන්. හුඟක් අය කරන්නෙ වැඩේ එතැනින්ම අත් ඇරලා දාන එකනෙ. ඔය තරම් අඩු වයසෙන් ගැහැණු ළමයාගෙ මවුපියන් හමුවට ගිය එක්කෙනෙයි මම දන්න අයගෙන් ඉන්නෙත්. ඔවුන් දෙදෙනාත් දැන් මවුපිය ආශීර්වාදය ඇතිව හොඳ රැකියාවන් කරමින් ඇසුරු කරනවා.

අනෙක් අතට මාමා ඒ විදිහෙ දෙයක් නොකිව්වා නම්, ඔහුට බැණ වැදිලා එලවා ගත්තනම්, සමහර විට ඔහුගේ අරමුණු වෙනස් වෙන්න තිබුණා. සමහර විට ගැහැණු ළමයා එක්ක හොරෙන් යාලු වෙලා ඉගෙනීම පවා අතපසු කරගන්න තිබුණා. ඔහුට නියම විදිහට නියම අරමුණක්, නියම වෙලාවට ලැබිලා තිබුණ නිසා අවසානයේදී ජයග්‍රහණය ලැබුණා. ඉංජිනේරුවෙක් විදිහට තමන්ගේ පවුල හොඳින් රැකගන්නත් ඔහුට දැන් හැකියාව ලැබෙනවා. ඔහු ආදර්ශමත් තරුණයෙක්, ඇත්තෙන්ම වාසනාවන්තයෙක්. ඔහු විතරක් නෙවෙයි, ගැහැණු ළමයාත්. ඒ දෙන්නාටම මමත් සුබපතනවා.

Anonymous said...

මම කිව්වෙ ඔය කතාව පෙර සිදුවූ එකක් ලෙසට මට හැඟුනා කියලයි. (ඒත් ස්ථාන, පුද්ගලයන් වෙනස්)

Achira said...

@chandimamadhu
ඔයාගෙ සුභපැතුම් මම පිරිනමන්නම් වෙඩින් එක දවසට

@නදී
මේ සිද්ධිය වුනේ මීට අවුරුදු 10කට විතර කලින්. ඒ පන්තියෙ හිටපු ගොඩ දෙනෙක් මේ සිද්ධිය දන්නවා. මේ සිද්ධිය ඒකමද දන්නෙ නෑ.

manjula said...

WOW great !
I too agree with chandimamadhu.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...