Thursday, April 29, 2010

ජීව්තය අතරමං කල මංගල්‍යය

ඇත්තම කියනවානම් පසුගිය දිනවල මේ ආකාරයට බ්ලොග් ලිවීමට තරම් ඉස්පාසුවක් නැතිවෙන්නට තිබුනි. ඒ මාගේ ඥාති සොයුරියගේ මංගල්‍යය උත්සවය නිසාවෙනි. සියල්ල මනා ලෙස සුදානම් වුවද අවසනදී මට බ්ලොග් ලිවීම සදහා අවකාශය පෑදුනි.

මා ඥාති සොයුරිය අගනුවර උසස් බාලිකාවකයට පිය මැන්නාය. විභාග කඩඉම් ජයගත් ඇය අවසානයේදී ජයවර්ධනපුර සරසවියේ කළමණාකරණ විශේෂ ගෞරව උපාධියෙන් තම දැනුම් සම්භාරය නතරකර නොගත්තිය. ලොව පිළිගත් කළමනාකරණ උපාධි රැසක් ඇය සමත් වූවාය. ඒ ඇය අධ්‍යාපනය කෙරෙහි සිතැත්තියක් වූ නිසාය. සරසවි බිමෙන් පිටවෙන විටද ඇය අයියා කෙනෙකු සොයා නොගත්තාය. පසුව ඇය ලංකාවේ ප්‍රකට බැංකු කිහිපයක සේවය කලාය. ඇය ක්‍රමයෙන් තිස් හැවිරිදි වියට කිට්ටුවන විට ඇයට සහකාර කළමණාකාර ධුරයකට උසස් වීමක් සමග දුෂ්කර පළාතකට මාරුවක් ලැබුණි. ඇය මේ වන විටත් තනිකඩය. දෙමාපියෝ ඇයට සුදුසු අයියෙක් වසර ගනණාවක් තිස්සේ සොයා බැලූ නමුත් නොයෙක් අඩුපාඩුකම් පෙන්වමින් ඇය ඒවා ප්‍රතික්ෂේප කලාය.

දුෂ්කර පළාතෙන් කළමණාකාර ධුරයකට උසස්වීමක් ලැබ අගනුවර ශාඛාවකට ඇයට පත්වීම ලැබෙන විට තවත් වසර කිහිපයක් ගතවී මැදිවයස් එළඹ තිබුනි. තවමත් ඇය තනිකඩය. දෙමවිපියන්ගේ දැඩි කැපවීම සහ සෙ‍වීම මත ඇයට ගැලපෙනම සහකරුවා අවසනදී ඇය තෝරාගන්නා ලදී. ඔවුන් අන්‍යනෝන්‍ය වශයෙන් ඉතා ඉක්මනින් හදුනාගෙන විශ්වාසය සහ ආදරය ගොඩනගාගෙන තිබුනි. පවුලේ සියල්ලෝම ඔවුන් දෙස සතුටු සිතින් බලා සිටියහ. සියල්ල මෙසේ සැරසෙද්දී විවාහයටද දින නියම කරගැනිනි.

සියල්ලෝ යුහුසුළුව ඒ හා සම්බන්ධ කටයුතු කලහ.

අක්කා අතිනත ගැනීමට සිටි අයයා විවාහයට සති තුනකට කලින් බයිසිකලයෙන් නගරයට එමින් සිටියේය. කිසිවක් සිතාගැනීමටත් පෙර වේගයෙන් පැමිණි මෝටර් රියක් අයියා පාරමැද අසරන කර දමා පළා ගියේය. අනතුරින් අයියාගේ හිසට බරපතල තුවාල සිදුවිය.

විවාහ දිනයද එලඹියේය. අයියා තවමත් දැඩි සත්කාර ඒකකයේය. හිසට සිදුවූ බරපතල සිදුවීම් නිසා සති තුනකටක් වඩා වැඩිකාලයක් ඔහු සිහි විසඥව සිටියේය. දැන් ඔහු යන්තමින් දෑස් විවර කරයි.

අක්කා හැඩුකදුලෙන්ය. අයියාගේ තත්ත්වය ගැන වෛද්‍යවරු විවිධ මත පලකරති. අයියාගේ අංශයක් තවමත් අකර්මන්‍යය. අක්කා ඉල්ලනුයේ “අයියාව කෙලින් කරලා දෙන්න” යන්න පමනකි. ඇය දැන් පන්සල් යයි. බෝධිපුජා තබයි. මහා හඩින් ගාථා කියයි. තනිවම කාමරයට වී අඩයි.

විවාහය වෙනුවෙන් වෙන්කල බොහෝ දෑ වියැකෙමින් පවතී. වැරදිකරුවන් තවමත් නිදැල්ලේය. නොකල වරදකට ජීවිත කීයක් නම් වන්දි ගෙවිය යුතුද?



ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

3 comments:

සු said...

මේ කතාව ඇහුවහමනම් හරියට දුක හිතෙනවා.. ජීවිතේ හැටි තමයි කියලා හිතන්නද ? විනයක් නැති රටක ඉප‍දුණ කරුමය කියලා හිතන්නද ?

Unknown said...

හරිම සංවේද සිදුවිමක්. මම විනිත රියදු‍රේක්මි. කියලා වාහානේ පිටු පසට විතරයි සිමා වේලා තියෙන්නේ .

``` Outsider``` said...

ගොඩක් පවි කරපු අය තමයි මේ රටේ උප‍දින්නෙ. මොනා කරන්නද?

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...