Friday, April 02, 2010

යාපනයට රක්ෂණයක්

කලින් පෝස්ට් එකෙන් අපි කල යාපනයේ සංචාරයේ විස්තර ටිකක් ඔය ගොල්ලන්ට කිව්වා. මේ පෝස්ට් එකත් ඒ සංචාරය සමග සම්බන්ධයි. ඉහලින් දැක්වෙන ඡායාරූපය මම ගත්තෙ යාපනය නගරයට කිලෝමීටර් 10ක් විතර කලින් තියන කුඹුරක් අසලින්. ඡායාරූපය පැහැදිලි නැත්තෙ මම බස් එකේ පා පුවරුවෙ එල්ලිලා ගත්ත හන්ද වෙන්න ඇති. නමුත් පුවරුවෙ තියන දැන්වීම ඔයගොල්ලන්ට දැකල පුරුදු එකක් කියල මම දන්නවා.

මේ මම ගත්ත එක පුවරුවක් විතරයි. මේ වගේ විවිධ රක්ෂණ සමාගම් වල ප්‍රචාරක පුවරු ගණනාවක් යාපනය පාර පුරා මේ විදිහට එල්ලලා තිබ්බා. අවුරුදු 30ක් යුද්ධයක් එක්ක ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒකාලෙ රක්ෂණය ගැන විතරක් නෙමෙයි ජීව්තය ගැනවත් හරියට උනන්දුවක් අවබෝධයක් තිබ්බෙ නෑ. මෙන්න ඒ පැත්තට රක්ෂනේ ගැන හිතන්න කාලය එලඹිලා. රටක් ස්ථාවර වෙනකොට එහෙම වෙන්න ඕනෙ.

මම මාර්කටින් ගැන දන්නෙ බොහොම පොඩ්ඩයි. ආර්ථික විද්‍යාවත් ඊට දෙවෙනි නෑ. මෙතන තියෙන්නෙ ඉල්ලුමට සැපයුමක්ද? එහෙම නැත්තම් අවශ්‍යයතාවය ඇතිකර ඉල්ලුම ඇතිකිරීමද? එහෙමත් නැත්තම් වරණ කිහිපයක් අතරින් තරගකාරී වරණයක් තෝරා ගැනීමද? කියන එක මට හරියටම කියන්න බෑ. මේක හොදද නැත්තම් නරකද කියන්නත් බෑ. මට හිතෙන්නෙ ලංකාවෙ අයියල හරිම දක්ෂයි කියන එක විතරයි. හැබැයි ඉතින් මිනිස්සුන්ට මේක අවශ්‍යය කාලෙ දුන්නනම් තමයි වඩාත් හොද? ඔයගොල්ලන්ටත් මොනවහරි හිතෙනවනම් පොඩි කමෙන්ට් එකක් දාන්න.

No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...