Monday, January 28, 2013

අපෙන් ගිලිහෙන ලාංකීය උරුමය.


අපි ලෝකයේ අටවැනි පුදුමය නිමකලෙමු. එදා අපි එහෙව් ජාතියක් වීමු. ඒ ගැන අපි තවමත් පාරම් බාන්නෙමු. ඒ එදා සහ අද ඇති වෙනසයි.

ලොව ඇති හොඳම මිනිරන් ඇත්තේ ලංකාවේදීය. නමුත් ශ්‍රී ලාංකීය පැන්සලක් සොයා ගැනීම ඉතා අපහසු කාර්යයකි. අපෙන් ලබාගන්නා මිනිරන් වලින් සාදා පිටරටින් ගෙනවුත් අපටම විකුනන පැන්සල් වාහන වලට යොදන ලිහිසි කාරක දේශීය නිශ්පාදන වලට වඩා අඩුවෙන් වෙළඳ පොලෙන් ලබා ගන්නෙමු.

අපේ ඇත්තේ ලොකුම දේවල්ය. වෙසක් එකට දෙන පුංචි සිසිල් බීම දන්සැල් පවා මහා එව්වා වන්නේ එබැවිනි. අප සතු මහා දේවල් බොහොමයක් එක්කෝ ඈත අතීතයේ ඉදිකල නිර්මාණයක්ය. මෑත කා‍ලයේ නිර්මාණයක් නම් එය අපට පිටරටින් ලැබුනු දෙයක් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව, සෙවනගල සීනි කර්මාන්ත ශෘලාව, ඔරුවල වානේ සංස්ථාව වැනි බොහෝ දේ ගැන කිවහැකිය.


මේ ලඟදී දවසක මා දුටු සීගිරිය ගැන දුටු අත්දැකීමකි  Sigiriya Sri Lanka - Made in China. මින් පෙන්නුම් කරන්නේ සීගිරිය නිර්මානය කලේ චීනුන් යන්නද? සියල්ල චීනයට යට වෙන සමයේ සීගිරියද චීනයට යටවුනා විය යුතුය. නැතිනම් පවසන්නේ මෙවන් කුඩා සුරුකුත්තමක් වත් ලංකාවේ නිපදවිය නොහැකි බවද? අතීතයේ අපි සීගිරිය වැනි ලෝක පුදුමයක් නිපදවූ නමුත් අද එවැනනක ඡායාරූපයක්වත් චීනය නැතුව අපිට නිපදවා ගත නොහැකිය.

අපේ අනාගත පරම්පරාව දකින්නේ මේ ඡායාරූපයි. ඔවුන් ලංකාවේ දකින්නේ චීනුන් ඉදිකල ගොඩනැගිලි සහ අධිවේගී මාර්ගයි. ලංකාවේ අද වැඩියෙන්ම භාවිතාවන වචනය ද Made in China වේ. ඉදින් තවත් වසර 50කින් පසු මෙය දකින දරුවෙකු සීගිරිය නිම කලේද චීනුන් යයි විස්වාස කරනු ඇත.

ලංකාවට ආදරය කරන සැමගේ අවධානය පිණිස සටහන් කරමි.