Tuesday, December 29, 2009

කුමුදු

ඉස්සර අපි උසස්පෙල කරන කාලෙ අපිත් එක්ක වල බැස්ස යාළුවො ඕනෙ තරම් හිටියා. හැබැයි වලේ හිටපු ගොඩ දෙනෙක් වලෙන් ගොඩ ඇවිත් ගොඩම ගියා. වල බැස්ස කාලෙ වගේම වලෙන් ගොඩආපු කාලෙත් හරිම සුන්දරයි.ආයි ඒවගේ කාළයක් එන එකක් නෑ ජීවිතේටම.

මේ කාලෙ ඇවිත් එක්ක හිටපු යාළුවෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ. අපිට වගේ නෙමෙයි මිනිහට තිබුනා කෙල්ලෙකුට වගේ ලස්සන රූපයක්. ඇත්තටම ලස්සන කොල්ලා. ඒ ලස්සන හින්දම විසේකාර කෙල්ලන්ගෙන් මිනිහට තිබ්බෙ මාර ඉල්ලුමක්. ඒත් යාළුකමකට වඩා එතනින් එහා යමක් ගැන අදහසක් මිත්‍රයට තිබ්බෙ නෑ. ඒක හන්ද පුදුමයක් වගේම ඉරිසියාවක් අපිට ඇතිවෙලා තිබ්බා.

අපි වල බහින වෙලාවට වලට සෙට්වුන මගේ යාළුවා කොහොම හරි වලෙන් ගොඩ ගිහින් විශ්ව විද්‍යාල ගතවුනා.

ආයෙත් මට මේ චරිතය මුණ ගැහෙන්නෙ උසස්‍ පෙළින් අවුරුදු දෙකකට විතර පස්සෙ බස් ‍එකකදි අහම්බෙන්. පරන යාළුකම් මතක් කරගෙනකොහොමද මචං?” කියල සුපුරුදු විදිහටම මම කතා කළත් යාළුවගෙ ස්වරයේ පොඩි ආඩම්බර ගතියක් ගැබ්වෙලා තිබ්බා. “උඹ දැන් මොකද ජොබ් එකක් කරනවදකියල කියල ඇහැවිවෙ මට වැඩිදුර ඉගන ගන්න ලැබෙන්න නැතිවෙන්න ඇති කියල හිතාගෙන වෙන්න ඕනෙ. මම SLIIT එකේ Degree එකක් කරනවා කියල මම කිව්වහම මගේ මිත්‍රයාගේ පළවෙනි impression එක වුනේ ආහ් ඒක මේ ඒ ලෙවල් නැතුවත් කරන්න පුළුවන් නේද?” කියන එක. ඒක එහෙම නෙමෙයි කියල කීප විටක් තේරුම් කරන්න මම උත්සාහ කලත් මගේ මිත්‍රයාගේ විශ්ව විද්‍යාල මාන්නය විසින් තේරුම් ගැනීම වලක්වනු ලැබුවා. ඒ කතාව තව වචන කීපයකට පමණක් සීමා වුනා.

ඊට පස්සෙ මට මිත්‍රයාව ආයෙත් මුණ ගැහෙන්නෙ තවත් අවුරුදු හයකට විතර පස්සෙ මම වැඩකරන ආයතනයෙ මීට දවස් කීපයකට කලින්. සම්මුඛ පරීක්ෂණයකට ආපු මිත්‍රයා වැරදි ත‍ට්ටුවකින් සෝපානයෙන් බැහැල නිවැරදි තැන හොයාගන්න ඇවිත් මගෙන් ඉස්සෙල්ලම ඇහැවිවෙ HR එක කොහෙද කියල. අවුරුදු ගනනාවකට පස්සෙ වුනත් හුරු පුරුදු මූනත් එක්කම හැම දේම මතකයට ආවා.

කුමුදු !!”

මම මිතුරාගේ නමින්ම ඇමතුවා. කුමුදු මගේ මුණ දිහා බලන් හිටියා. ඒ කාලෙට වඩා මේ කාලෙ මගෙ වෙනසකට තිබ්බෙ චුට්ටක් විතර මහත් වෙලා රැවුල වැවිලයි විතරයි. අන්තිමේදි කුමුදු මාව අදුර ගත්තා. කුමුදුට මගෙ නම මතක නෑ. මම නම කියල කතා කරන කොට ඉස්සර එකට හිටපු මට මචං කියනවා ඇරෙන්න වෙන මුකුත් කියාගන්න බැරුව ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන බිම බලාගන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි අර ඉස්සර තිබ්බ කැම්පස් උණ හොද වෙලා වගේ. මම ආපු කාරණාව මොකක්ද කියල අහල ඉක්මනට අදාල තැනට ඔහුව පිටත් කලා. කුමුදුටත් මාව මග ඇරලා යන්න ගොඩක් වුවමනාව තිබ්බා.

එයාගෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනේටයි විශ්ව විද්‍යාලයටයි මොකද වුනේ කියල අහන්න මට හිත දු‍න්නේ නෑ. මොනව වුනත් ඉස්සර යාළුවෙක් නෙ. ඒක හන්ද එයා ඉල්ලපු තනතුර මොකක්ද කියල මම මෙතන ලියන්න යන්නේ නෑ.

නම් ගම් මනංකල්පිත වුනත් සිද්ධිය ඇත්ත එකක්.

Tuesday, December 15, 2009

මීලග නොබෙල් සාම ත්‍යාගය ශ්‍රී ලංකාවට

ඔන්න කියන්න ‍ගොඩක් සන්තෝස හිතෙන කාරණාවක් ගැන තමයි මම කියන්න අර අදින්නෙ. වෙන මුකුත් නෙමෙයි. ඊළග නොබෙල් සාම ත්‍යාගය ගැන. ඒක ගැන අනාවැකි කියනව නෙමෙයි. අනිවාරයයෙන්ම ලැබෙන්න තියන දෙයක් වලක්වන්න කාටවත් බෑනෙ. සීන් එක මෙහෙමයි. ලබන අවුරුද්දෙ ඒ කියන්නෙ 2010 දි නොබෙල් සාම ත්‍යාගය හම්බවෙන්නෙ ලංකාවට. කාටද කියනවනම්... අයියෝ කියන්න ලැජ්ජයි. ඒ තමයි මට. බරක් ඔබාමාටත් ඒක කරන්න පුළුවන් නම් ඇයි මට බැරි? ඔබාමා සාමය වෙනුවෙන් කරපු දේවල් වගේ සිය ගුණයක් දේවල් මට පුළුවන් මට්ටමෙන් මම කරල ඇති. එයා ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න ඒව බැලුවම මං කොච්චර දේවල් හිතාගෙන ඉන්නවද කරන්න. එයාට පුළුවන් වුනාද ඇෆ්ගනිස්ථානෙ ඉන්න එයාගෙ හමුදාව අයින් කරගන්න? අඩුම තරමෙ අර ග්වන්ටානා බොක්කෙ තියන දේශපාලන සිර කදවුර වහල දාන්න බැරිවුනානෙ. එහෙව් මනුස්සයටනෙ නොබෙල් සාම තෑග්ග හම්බ වුනේ. මං හිතන්නෙ ඉස්සරහ‍ට කරයි.

මම මේ කියන්න හදන්නෙ නොබෙල් සාම ත්‍යාගයට මගේ නම යෝජනා කරන්න මට තියන සුදුසුකම්. ඔයාලම තීරණය කරල බලන්න මම ඒකට කොච්චර සුදුසුද කියල.

· පහුගිය අවුරුද්ද පුරාවටම මම කා එක්කවත් රන්ඩුවුනේ නෑ. කාටවත් බැන්නෙ ඇද කිව්වෙ නෑ.

· ගෙවල් කිට්ටුව ඉන්න සෝමවතියි ගුණපාලයි රණ්ඩුවෙච්ච අවස්ථා තුනකදි මං ඒ අයව නවත්තල තියනවා. පේනවනෙ සාමයට මගෙ තියන උනන්දුව.

· ටී වී එකේ මොකක්හරි නාට්‍යයකදි දෙන්නෙක් රණ්ඩු වෙන කොට එහෙම වෙන්න එපා කියල දෙවියන්ට කියනවා.

· හතර වතාවක් පාරෙ රණ්ඩුවෙච්ච බල්ලන්ට ගල් ගහල එලවල රණ්ඩුව සමාදාන කරල තියනවා.

· මකන කෑල්ලකට රණ්ඩු වෙච්ච බාලාංශෙ පොඩි එවුන් දෙන්නෙක්ගෙ කන් දෙක හිල් වෙන කන් මිරිකගෙන ඉදල ඒ අයගෙ දෙමව්පියන්ගෙන් බැණුම් අහල තියනවා.

· ගුවන් විදුලියෙ ගිය වාද බයිලා වැඩසටහනක් අහන්නෙ නැතුව වර්ජනය කරල තියනවා.

මේ වෙනකොට මේ ආදි කටයුතුත් මම කරගෙන යනවා.

· චටාස් කියල මදුරුවෙක් මරල සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියල හිතනවා.

· කවුරු හරි රණ්ඩුවකට ආවොත් ගල් ආදෙක් වගේ ලිස්සල යනවා. ( බයට නෙමෙයි. සාමය ආරක්ෂා කරන්න)

· අද වෙනකන් නීතිය සහ සාමය රකින කිසිම පොලිස් රාළහාමි කෙනෙකුට හූ කියල දුවල නෑ.

මම මේ කියන්න යන්නෙ අනාගතයේ සාමය වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්න දේවල්.

· ආයි ලෝක යුද්ධයක් ඇතිවෙන්න තියන්නෙ නෑ. ඇති වුනොත් බෝඩ් එකක් එල්ලගෙන තනියම ලිප්ටන් වටරවුමෙ පිකටින් එකක් කරනවා.

· ඇෆ්ගනිස්ථානෙ ඉන්න ඇමරිකානු සෙබළු අයින් කරන්න කියල ඔබාමට ඊ මේල් එකක් දානවා. (හිලරි ක්ලින්ටන්ට සී සී කරල)

· ඝාසා තීරය සංවර්ධනය කරල විකුනන්න දානවා

· හමාස් අන්තවාදීන් හම ගහනවා.

· රටේ ගුටි ඇණ ගන්න මඩ ගහ ගන්න දේශපාලනේ නවත්තන්න කියල දෙයියන්ගෙන් ඉල්ලනවා.

· රණ්ඩුවෙන බල්ලන්ට බනිස් අරන්දෙනවා.

මට කරන්න පුළුවන් වුනත් බැරිවුනත් මේ වැඩ ටික ඔක්කොම ඔබාමට කරන්න බෑ. ඒක හන්ද මීලග නොබෙල් සාම ත්‍යාගයෙ හිමිකරුවා මම වෙන්න ඕනෙ.

මේ අදහස ගෙදරදි ප්‍රකාශ කරපුවහම අම්ම කියනවා ඕකට උඹට වඩා සුදුස්සෙක් මේ ගෙදරම ඉන්නවලු. මම ඇහුව කවුද කියල. වෙන බල්ලෙක් දැක්කහම නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන පලාතෙම සාමය ආරක්ෂා කරන අපේ ටොමියා. ඌ තමයිලු නියම සුදුස්සා. කමක් නෑ. නොබෙල් සාම ත්‍යාගයත් බල්ලට ගිය එකේ ටොමියට තමයි ඒක හොදටම ගැලපෙන්නෙ.


Pic Resource :


Friday, December 11, 2009

රට ගැන හිතමු

ඔන්න ආයෙත් මට ආපු විද්‍යුත් ලිපියක්. එව්වෙ මගෙ අතිජාත මිත්‍රයා තිවංක. මේක ඉන්දියාවෙ හිටපු ජනාධිපති මහාචාර්ය අබ්දුල් කලාම් මහත්තයා තමන්ගෙ රට වැසියන් අමතා කරපු කතාවක් තමයි මේ. මේ කතාව ඉන්දියාවෙ අයට විතරක් නෙමෙයි ඒ උප මහද්වීපෙ තියන ඕනැම රටක ඉන්න කෙනෙකුට ගැලපෙනවා. මොකද මේ හැම රටක්ම "දියුණු වෙමින් පවතින රටවල්" නිසාත් සෑම දියුණු රටක තියන පහසුකම් සහ සේවා ගැන දියුණු වෙමින් පවතින රටවල්වල ඉන්න අය පුරසාරම් කියන නිසාත් මේ ලිපිය කියවන එක හොදයි මං හිතන්නෙ. මෙම සබැදියෙන් බාගත කරගන්න. කියවල ඔබේ අදහස් කමෙන්ට් එකකින් යොමු කරන්න.

Wednesday, November 25, 2009

දැක්ම...(Perception)


මේ මට ලැබිච්ච විද්‍යුත් ලිපියක්. සෑහෙන වටින ලිපියක්. සිංහලෙන් පරිවර්තනයක් ඉදිරිපත් කරන්න හිතුවෙ ඒකයි. මගේ භාෂා ඥානය ගැන සමාවන සේක්වා....

වර්ෂ 2007 ජනවාරි මාසෙ සීතල උදෑසනක වොෂින්ටනයේ උමං දුම්රිය පොළක මිනිසෙක් වයලීනයක් ආධාරයෙන් සංගීත ඛණ්ඩ හයක් විනාඩි 45ක් පුරාවට වාදනය කරමින් සිටියා. මේ කාලය පුරායට දුම්රිය පොළ හරහා මිනිසුන් දෙදහසක් පමණ ගමන් ගන්නට ඇති. නමුත් ඔවුන් යුහුසුළුව තම තමන්ගේ පාඩුවේ නිරත වුනා. වාදනය ආරම්භ වී විනාඩි තුනකට පස්සෙ මැදිවියේ මිනිසෙකු වාදකයෙක් විසින් වාදනය සිදුවන බව දුටුවා. ඔහු තමන්ගේ ගමන තත්පර කිහිපයකට නවතා එතැන නතරවී නැවතත් වේගයෙන් ඔහුගේ ගමන් ඇරඹුවා.

විනාඩි 4කට පස්සෙ

වයලීන වාදකයා තමන්ගේ පළමු ඩොලරය උපයාගත්තේ නතරවීමට වෙලාවක් නොතිබ්බ ගැහැණියක් විසින් යන ගමන් විසිකල කාසියකින්.

විනාඩි 6කට පස්සෙ

තරුණ මහතෙක් තාප්පය‍ට හේත්තු වෙලා සංගීතය රස විදින්න හැදුවත් අවසානයේ ‍සුළු මොහොතකට පසු ඔරලෝසුව දෙස දෙනෙත් හෙලා නැවතත් ගමන් ආරම්භ කලා.

විනාඩි 10කට පස්සෙ

මවත් සමග පැමිණි වයස අවුරුදු තුනක් විතර වෙච්ච කුඩා දරුවෙක් වයලින් වාදනය රසවිදීමට කැමැත්තෙන් මදක් නතර වුනත් අම්මා නැවත දරුවා ඇදගෙන යාම නිසා දරුවාට එම අවස්ථාව මගහැරී ගියා. දරුවා නැවතත් නතර වුවද සිදුවුයේ පළමුවෙන් සිදුවූ දෙයමයි. තවත් දරුවන්ටත් මෙම සිදුවීමට මුහුණ දීමට සිද්ධ වුනා.

විනාඩි 45ට පස්සෙ

වාදකයා සිය වාදනය නොකඩවා ඉදිරියට කරගෙන ගියා. මිනිසුන් හය දෙනෙක් පමණක් මද වේලාවක් නැවතී සංගීතය රස වින්දා. විසි දෙනෙකුන් පමණ මුදල් ලබාදී තමන්ගේ කටයුතු සදහා වේගයෙන් පිටත්වී තිබුනා. අවසානයේ වාදකයා එකතු කරගත් මුදල ඩොලර් 32ක්.

පැයකට පස්සෙ වාදනය නැවතුනා. නිශ්ශබ්ද තාවය නැවතත් පැමිනියා. කිසිවෙකු දැක්කේවත් අදුරගත්තේවත් අත්පොළසන් දුන්නේ වත් නෑ.

නමුත් කිසිවෙකු ඒ ලොව පතල වාදකයෙක් වන ජෝෂුවා බෙල් බව දැන සිටියේ නෑ. ඔහු වාදනය කලේ ලෝකයේ ලියැවුන අමාරුම සංගීත ඛන්ඩ කිහිපයක්. ඒ සදහා ඔහු භාවිතා කලේ ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයක්. මෙම සිදුවීමට දෙදිනකට පෙර බෝස්ටන් ශාලාවේ පැවති ඔහුගේ සන්දර්ශනයට ඩොලර් සියය බැගින් ටිකට් විකිණුනේ ශාලාව පිරෙන්න.

සත්‍යය සිදුවීම මෙයයි. ජෝෂුවා බෙල් මෙසේ අප්‍රසිද්ධ වේශයෙන් දුම්රිය පොළ වල වාදනය කලේ Washington Post පුවත්පතේ දැක්ම, කැමැත්ත සහ මිනිසුන් ගේ ප්‍රමුඛතා (perception, taste and people's priorities) පිළිබද අත්හදාබැලීමක් ලෙසයි. මෙහිදි පැන නැගුනු ප්‍රශ්නය මෙයයි.මෙවැනි පොදු තැනක නොගැලපෙන වෙලාවකදී එවැනි අත්දැකීමක් අගය කොට සැලකිය හැකිද? එවැනි කුසලතාවයක් හදුනාගත හැකිද?

නමුත් එක් වැදගත් නිගමනයක් මේ අත්දැකීමෙන් අපට ලගා කරගත හැකියි. ඒ මෙවැනි ලෝක ප්‍රකට සංගීතඥයෙකු විසින් ලොව වටිනාම සංගීත භාන්ඩ යොදා ලොව අනර්ඝ සංගීත ඛණ්ඩය වාදනය අපට මග හැරි ගියා නම් අපේ ජිවිතයේ කොපමන සුන්දර දේවල් ඉබේ මගහැරිගොස් ඇතිද?

If we do not have a moment to stop and listen to one of the best musicians in the world, playing some of the finest music ever written, with one of the most beautiful instruments ever made.... How many other things are we missing?

References

Wednesday, November 18, 2009

රජයේ තොරතුරු කේන්ද්‍රය

ඇත්තටම මේ මාතෘකාව කථා කරන්න ඕනෙ තාක්ෂණය ගැන තියන බ්ලොග් අඩවියෙ වුනාට ඒක මෙතනදි කතා කලාට වරදක් මම දකින්නෙ නෑ. රජයේ තොරතුරු කේන්ද්‍රය කියන්නෙ රජය විසින් ඉදිරිපත්කරපු වෙබ් අඩවියක්. http://www.gic.gov.lk/gic/index.php කියන යොමුවෙන් මේ වෙබ් අඩවියට ඇතුලත් විය හැකියි. රජයේ දෙපාර්තමේන්තුවල ආයතන වල සිද්ධ වෙන්නෙ මොනවද ඒ පිලිවල මොකක්ද ඒ සදහා අමතන්න ඕනෙ කාවද? දුරකතන අංක, ලිපිනයන්, ඊමේල් ආදිය මෙහි පළකරල තියනවා. මේ ආයතන ආකරාදී පිළිවලටත් වර්ගීකරන පිළිවෙලටත් තියනවා. හරිම ලේසියි, හරිම පහසුයි. ඒ විතරක් නෙමෙයි. සිංහල සහ දෙමළ භාෂාවන්ගෙනුත් මේ අඩවිය සමන්විතයි.

උප්පැන්න සහකතිකයක්, ජාතික හැදුනුම්පතක් හදාගන්න, අවශ්‍යකරන දේවල් දැන් ඔක්කොම එක තැනකින් බලා ගන්න පුළුවන්. හැමතැනම රස්තියාදු වෙන්න ඕනෙ නෑ.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...